Posts

Showing posts from March, 2011

සොඳුරු මතක සටහන්.4

Image
මට අදවගේ මතකයි අපි ලුසාකා නගරයට යන්න පිටත් උන දවස . ඒ 1975 වසරේ අගොස්තු මාසේ දවසක් . හරියටම දිනය අමතකයි . අපි ගුවන් තොටු පලට ගිහින් හැරිල ආවා . මොකද දන්නවද ? අපේ ගුවන් ටි කට් පතේ 00.45 AM කියල ලියල තිබුනේ අපිට යන්න තිබෙන දිනය වැරදිලා . පාන්දර තිබුන වෙලාව රෑ කියල වටහාගෙන . අපරාදේ දුකින්ම ගෙදර ඇවිත් ආයේ ඊළග සතියේ ඔන්න යන්න හදාගත්තා . එදා නම් වෙලාවටත් කලින් ගුවන් තොටුපලට ආවා. ඒ අය අහනවා මො කද උනේ කියල? බැලින්නම් පහුගිය සතියේ කිහිප සැරයක් නම් කියවිලා හැමෝටම අපි තුන් දෙනාව මතකයි. අපි කියන්නේ මමයි, ලොකු නංගියි,පොඩි නංගියි. මට වයස අවුරුදු 12යි, ලොකු නංගිට 11යි, පොඩි නංගිට 08යි. හිතා ගන්නත් බෑ තනියම ගිය බව. අපි ගියේ බ්‍රිතාන්‍ය ගුවන් යානයක. කොළඹින් සී ෂෙල්ස් කියන පුන්චි දූපත් සමූහයට. එහේ එක දිනක් නවතින්න ඕනේ. පැය හතරක් වගේ ගමනක් . ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය හරිම හොදයි . අපි ගියේ දෙමාපිය රැක වරනය නැතිව නිසා හැමෝම අපිව බලා ගත්තා . බ් රිතාන් ය ගුවන් සේවාවට අපිව භාර දුන්නට පස්සෙ ඔවුන් නිදහස් . පොඩි නංගිව බලා ගන්න