Posts

Showing posts from April, 2011

වැඩිහිටියන්ගේ අලුත් අවුරුදු උත්සවය.

Image
වැඩිහිටියන්ගේ අලුත් අවුරුදු උත්සවය. අපි අවුරුදු නිවාඩුව ගත කරන්න ගියේ හම්බන්තොට . තිස්සමහාරාමේ බෙරළිහෙල , වීරහෙළ ගමේ තියෙන පුංචි පන්සලක මගේ බාප්පගෙ පුතා මහණ වෙලා ඉන්නවා . පන්සලේ නම ශාන්ති නිකේතනාරාමය . ස්වාමීන් වහන්සේ බොරලැස්ගමුවේ විජිතසිරි . අපේ ගමේ මහණ වෙච්ච අපේ හාමුදුරුවෝ මේ සියලු සැප සම්පත් අත හැරල මේ දුශ්කර ගමට ගිහින් දැන් අවුරුදු ගනනාවක් ගත වෙලා . දැන් මේ කුඩා පන්සල ශ් ‍ රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවන් වහන්සේ නමක් වැඩ වාසය කරන ඉතාම මනරම් පුන් ‍ ය භූමියක් . අපේ හාමුදුරුවන් වහන්සේගේ අප් ‍ රහිත ධෛර් ‍ යය නිසාම මෙම තත්වයට පත්වූ බව කියන්න ඕනෙ . මේ සඳහා දායකවූ බොහෝ පිරිසක් තව ඉන්නවා . ඒ අතරින් නන්දපාල ගොඩකන්ද මහතා සහ එම මැතිණිය , හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා , පී . එම් . සී තිලකසිරි මහතා සහ එම මැතිණිය (මගේ පුංචියි, බාප්පයි) , සිරි නිශ්ශංක හා හේමා නිශ්ශංක ව