Posts

Showing posts from July, 2011

ප්‍රිය හිමියන්ට!

Image
ප් ‍ රිය හිමියන්ට! මාගේ හිමියනි දුන් දරු තිදෙනා පින් ලැබ ගනු බුදුබව ලඟ බැවිනා නැත අන්සරණක් ඔබ හැර ම ’ වෙතා රැක ගනු මැන මා පින්බර පුතුනා කරුණා මෙත්මල් පිනිදිය අතුරා අතහැර යනු බැරි ඔබ හිත මිතුරා හදේ නැගෙන කරුණා දිය දහරා අතුරමි ඔබගේ හදවත පුරවා ගෙවූ සසර මග දිගු බව දැනුනා යන්ට ඇති මගත් දුර බව පෙනුනා බුදු සිසිලස අප ලද බව හැඟුනා එක්වම එමි නිවනට මඟ හඳුනා පැවතුම නැති බව වැටහී සොඳිනා සිත සනසා ගමි දිරි ලැබ පුතුනා ඔබගේ ගුණයන් මඩයට පිපෙනා සුදු පියුමක් බව වැටහී සැනිනා යශෝදරා මෙන් සසරෙහි සරනා හිමි ඔබ බැතියෙන් ළය කිරි එරුනා ඒ කිරිබිව් මගෙ හිමි සඳ කරුණා බුදු වන්නට මතු විවරණ දුන්නා හැම කුලගෙයකම පතිනිය වී මා මව්වරු පියවරු දරුවන් බෝ මා මතු බුදු වන්නට විවරණ දුන් මා හිමි වරුණට වෙන කවුරුද පෙම්මා විවරණ ලද ඔබ මතු සංසාරේ බුදු වෙනවා ඇන්දා හද මැදුරේ මෙත් දිය පිරිලා නෙත් දිය අතරේ සැනසෙමි ඔබ ලඟ අම සුව මිහිරේ........

පෙම්බරා!

Image
පෙම්බරා! මගේ නෙතු පිය යටම හිදම්න් දිවා රෑ දෙක නෙතට ඉඟි කර සතුටෙ කඳුලේ හැංගිලා අතනොහැර මා සමගම ඉන්නා පෙම්බරා මගෙ පෙම්බරා නෙතට දෙන රසඳුන් අමා නින්ද අතහැර ගියෙ සදා සතුට හා දුකම මේ යැයි පෙන්නා දුන් මා ම්තුරියයි පෙම්බරි මා පෙම්බරි හිත ගාව හැංගී සෙනෙහස පුදම්න් සෙවනැල්ල වී මාගේ ලොෙවී යනෙන තැන් වල තනිය මකම්න් ඉන්නෙ දෝ මා පෙම්බරා පෙම්බරා මගෙ පෙම්බරා සුවඳ රැඳිලා ඔබගෙ සේලේ එතී ඉන්නට ගතේ දැවටී සැලෙන සුළඟට නොමසැලී ඉන්නෙම් මම පෙම්බරි පෙම්බරි මා පෙම්බරි