Friday, June 15, 2012

මගෙන් ඔබට.




අද මගේ "සිත නිවන පියුම් විල " හා  "චාන්දිගේ සිතුවිලි උයන " බ්ලොග් දෙකේම බලන්න ආව අය 5000ක්  කියල සටහන් වෙලා. මට හරිම සතුටුයි.  වෙලාවත් එක්ක සටනක් කරමින් ලැබෙන අවසරෙන් ලියන මගෙ සටහන් කියවන්න ලෝකෙ හැම පැත්තෙන්ම කෙනෙක් ඉන්නවනෙ කියල හිතනකොට හැමදේම අමතක වෙනව. මාත් එක්ක මේ ගමන ආව හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව.  ගොඩාක් අයට වචනයක් ලියන්න වත් මේ අවිවේකී ජීවිත සටනේදි ලැබෙන්නෙ නැහැ කියල මම දන්නවා.   එහෙම උනත් හරි ඇවිත් මේ නිවහනට ගොඩවැදිල  ලිපියක්  කියවල යන එකත් කොච්චර වටිනවද?
 
මුලින්ම ගමන පටන් ගත්තෙ එළකිරියෙන්. ඊළඟට සීගිරියෙ. ඊට පස්සෙ තමයි මේකට ආවෙ. මට මේ අතර හමුවෙච්ච යාළුවො හුඟක් ඉන්නවා. මට වඩා ගොඩාක් වයසින්  අඩු උනත් මාව අක්කේ කියල ඒ අය පිලිගත්ත එකම මට ලොකු දෙයක්. ඒ හැමටම ගොඩාක් සෙනෙහසින් ස්තූතියි! කියල කියන්න ඕනෙ. නම් ලියන්න ගියොත් කෙනෙක් තරහ වෙන්නත් පුලුවන්. ඒ හින්දා ඒක කරන්නේ නෑ. 

මුලින්ම ඩීන් මල්ලි තමයි මේ බ්ලොග් දෙකම හදල, ගුරුහරුකම් දුන්නෙ. ඒ ගැන විශේෂ ස්තූතියක් නොකලොත් ගුණමකුකමක් වෙයි. අදටත් මොනවහරි වරදිනකොට ඒක හදල දෙන්න කොයි තරම් වැඩ තිබුනත් සූදානම්. 

ඉතින් කියන්න වචන නෑ ,ඇත්තටම ස්තූති කරන්න. කොටින්ම කිව්වොත් මේක බලන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!!!!!!!,  වගේම දහම් පදයක් බලපු හැමෝටමත් පිං!!!!!!!.

10 comments:

Anonymous said...

ගොඩාක් ලස්සනයි ඇන්ටි.

නලිනි චන්දිමා said...

හුඟාක් සන්තෝසයි චාන්දි අක්කා. කාගෙවත් හිත නොරිදවා, සිත් පහන් කරමින්, දැණුමත් අත් දැකීම්නුත් බෙදා ගනිමින් ආ මේ ගමන ඉදිරියටම යන්නට වාසනා වේවා!

Chandi said...

@ Ano;
බොහොම ස්තූතියි! පුතා. ඔයාටත් ඉදිරි ජීවිතය ජයම වේවා! කියා පතනවා.

Chandi said...

@ නලිනි චන්දිමා,
බොහොම ස්තූතියි! නංගි. බොහොම රජකාරි මැද්දෙ ඇවිත් කොහොම හරි මම වෙනුවෙන් වචනයක් ලියල ගිය එක ගැන හරිම සතුටුයි.

ගල්මල්-Coral said...

හිත නිවන පියුම් විල බ්ලොගය හරහා අක්කණ්ඩි ඉටුකරන නිහඬ සේවය බොහෝම වටිනවා. කොමන්ටුවක් තියන්නේ නැතත් ඒ හැම පොස්ටුවක්ම කියවනවා. මේ අඩවිය ඔපවත් කරන සෙනෙහසින් පිරුණ ලස්සන පදපේලි හා කතා බොහෝම රසරවත්. කාර්යබහුල කටයුතු අතර මේවා ලියන්න කරන්න වෙලාව වැඩි වැඩියෙන් ලැබෙන්න පතනවා. අඩවි දෙකටම සුබ පැතුම්!

අක්කා ඉටුකරන කාරියට පුංචි දායකත්වයක් දෙන්න ඉඩක් ලැබීම ලොකු සතුටක් අක්කේ.

චාන්දි අක්කා අපේ මිතුරු කැලට ලබාදෙන දහිරිය, මඟපෙන්වීම, අසම සම සෙනෙහස ලියන්න වචන මදියි. අපි සයිබරයෙන් ලද මිලකල නොහැකි දායාදය; අක්කණ්ඩි, අපේ අයියණ්ඩි හා නංගිලා මල්ලිලා ඇතුලු මිතුරු කැල. ඒ බැඳීම් පුදුමාකාරයි, ඒ මිතුදම් තව තවත් වැඩෙමින් පවතීවා, සුබ පැතුම් අක්කේ.

ලහිරු said...

සුබ පැතුම් අක්කෙ! මිලට ගන්න බැරි සතුටක් තමයි මේ. චිරාත් කාලයක් ලියන්නට හැකියාව ලැබේවා!

Chandi said...

@ ගල්මල්;
ගොඩාක් ස්තූතියි ඩීන් මල්ලී. ඇත්තටම ඒ සොයුරු දම අද තවත් ශක්තිමත් වෙලා කියල හිතෙනවා. අපි එකතු වෙලා කරන වැඩ හැම දෙයකටම දැන් මට සහය වෙන්න පුලුවන් වෙයි . අයියත් දැන් අපිත් එක්ක ඉන්න නිසා තවත් පහසුයි. රොන් අයියා අපිට පෙන්වපු මග යන සහෝදර කැල නිසා අපිට ලොකු ශක්තියක්. ඒක අපි දැක්කෙ අක්ෂිකාච දන් දීපු දවසේ.

Chandi said...

@ ලහිරු ;
ගොඩාක් ස්තූතියි ලහිරු. ඔයාටත් තව තවත් මේ කරන්නාවූ කාර්යය දිගු කල් කරගෙන යන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

arunishapiro said...

චාන්දි අක්කාගේ සිතුවිලි උයනේ තවත් රස නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා!

Chandi said...

@ arunishapiro ;
බොහොම ස්තූතියි! අරුණි නංගි.

Post a Comment