Posts

Showing posts from January, 2013

ඔබ ආවේ නෑ!

Image
ඔබ ආවේ නෑ! වෙරළත සිඹිනා සයුරු රළ මෙන් පොළව සිඹිනා වැහි පොදක් සේ තුරු හිස සිඹිනා හිරු කිරණ සේ මල් පෙති සිඹිනා බඹරකු සේ කවදා හෝ ඔබ එතැයි කියා බලා සිටියා පෙරුම් පුරා මා හද මඬල නුඹ සිඹියි කියා රූ සිරියෙන් හද මත්වී තිබුනා පංච කල්‍යාණියක සේ සසර පුරා සෙව් ඔබවම සෙව්වා හංස රාජිණියක ලෙසේ අද එතැයි ඔබ හෙට එතැයි ඔබ බලා සිටියා මම හිරිමල් යෞවනයේ හිමි වෙතැයි නුඹ මටම කියා දිනපොත පෙරලී කොළ බොඳවීලා සුන්දර මතක පොතේ කොහේ කොතනක හිඳීදෝ ඔබ පැතූ පැතුම් පුරවා ළය මඬලේ විමසමින්  හද සිටියා නොසැලී මේකුළු පව්ව ලෙසේ ඔබ ආවේ නෑ මා සිත් සයුරට ඔබ ආවේ නෑ මා අත ගන්නට රූ සිරි වියැකෙයි දෑතින් ගිලිහෙයි හද වීනාවේ වෙන තත් බිඳිලා අද මිය ගිය යෞව්වනයේ