Wednesday, September 23, 2015

සුවඳ තොටුපල



මේ සුවඳ තොටුපලයි
අප මුලින්ම හමුවූ
මා පමණක් තනිව
සුවඳ පමණක්ම ඉතිරිවූ

ආදරයෙන් දොඩමළුවූ
අප දෙ අත ගිලිහුනූ
සුසුම පමණක්ම ඉතිරි කර
මතකය මගෙන් වෙන්කෙරූ

එබෙන්නට ඒ සුවඳ
මතකයට බිඳක්
සුවඳ අරන් ඔබ එන්න
මුළු හදම සුවඳ පුරා

වෙලෙන්නට ඔබ වතේ
සුවඳ විඳින්නට සිත් පුරා
මඟ බලමි නෙතු පුරා
කඳුළු තොටමුණ සදා.


10 comments:

විකේන්ද්‍රික V.K said...

මම කවියෙක් නෙමේ. එනිසා කවි ලියන්නෙ නෑ. දන්නෙ නැති නිසා. මමත් කවියක් ලිව්වොත් මේ වගේ තියෙයි. කාලය අරන් පුරුදු වෙලා මීට වඩා හොඳට ලියන්න. :)

දේශක යා said...

මේ කඳුලු තොටුපලයි සිංදුව මතක් උනා.. ඔයත් මදෑ තමන්ගේ උයනම මතක් වේච්චි එකේ

අවංක ආර්යන් said...

ලස්සනයි........ දිගටම ලියන්න...........

කුරුටු ගෑ ගී පවුර said...

හරිම අගෙයි.... නියම කවිකාරියක්නේ කොහොමත් නේද????

Chandi said...

@ විකේන්ද්‍රික V.K,
අගය කිරීමට තුති. සැම විටම ලියන්නට උත්සාහ කරමි.

Chandi said...

@ දේශක තුමා,
ඒ ගීතයම මේ දේට පාදක උනා කියල හිතුවොත් හරි.

Chandi said...

@ අවංක ආර්යන්,
ස්තූතියි! ඇගයීමට.

Chandi said...

@ කුරුටු ගෑ ගී පවුර,
ස්තූතියි! එහෙමද? හිතල නෑ ඒ ගැන. හිතට එන දේ ලියල දානව මිසක.

Warna Kulakaya said...

ලස්සනයි ජයවේවා...

Chandi said...

@ වර්ණ,
ස්තූතියි! වර්ණ.

Post a Comment