Posts

Showing posts from April, 2015

වසත්කල මනමාලි !

Image
මේ   එරබදු   මල් මාසේ  වසන්තයේ මල් දෝත දරා කෙනෙක් ඇවිත් හද මඬලට එබිකම් කරයි හිමිහිට හොරෙන්  හරින්නට පියන් දොර සෙමෙන් කිතිකවන හද මඬල ආදරෙන් විමසයි සොඳුරු රුව නිරන්තර  හැපමින් නිතර සුළග සේ දැවටෙමින් පිපි එන කොඳ කැකුළු බලයි ලැජ්ජාවෙන් බිමට යොමා නෙතු කෙවිලියගෙ ගී දැහැන ගොළු වි නිදයි අතු පතර සැගවී හොරෙන් ඈ ගෙ ස්වර දැහැන බිඳියි මා සිත් දැහැන නිරන්තර  නාද දෙන දුරකතන ඇමතුමෙන් වසත්කල මනමාලි සරයි හද මඬල වට