Posts

Showing posts from August, 2015

ආදරයේ දෙව්දුව!

Image
පාට පාට සළු ඈ ගත සැරසූ සමනළ් තටු වල තවරා ගිහින් ඈ ගත සුවඳින් මා හද සැනසූ අතු අග මල් මත තබා ගිහින් සියුමැළි දෙතොලේ පහස මට දුන් මල් පෙතිමත ඈ තබා ගිහින් මුදු මුදු සුළගේ ලෙල දුන් කෙහෙරැල් නුග අතු මත ඈ තබා ගිහින් දිදුලන මුවමත රැන්දු සිසිලෙන් ගඟ දියම ඈ පුරවා ගිහින් මා හද මියැසිය මන්මත් කරවූ වෙණ තත් මත ඈ තබා ගිහින් නෙක හද තරු මල් ගැන කියමින් ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා ගිහින් මා නෙත් සදහට පිරවූ කඳුලින් වැහි බිඳු එකිනෙක ඈ පුරවා ගිහින් මතක පොතේ පිටු පෙරළන වාරේ පරිසරයම ඈ පුරා ගැටෙයි කඳුලක හිරවුන සෙනෙහස පුරවා නො එන ලෙසට ඈ නික්ම ගිහින්.