Posts

Showing posts from October, 2015

ආදරනීය මලීෂා 3

Image
මගේ නැගණිය අහිමි වීමෙන් පසුව මගේ දිවිය පාළුවෙන් හා සාංකාවෙන් පිරුණි. දෛනික ජීවිතයේ වැඩ කටයුතු අතර හිරවී සිටි පියාණන්   හා අම්මාත් වෙහෙස ගත්තේ මා ජීවිතය සතුටින් තබන්නට වුවද නිතරම මට මගේ නැගණිය සිහිවී කඳුලු පිරුනු නෙත් ඇතිව සිටින්නට සිදුවිය. මගේ කුඩා කල මතක මහ ගොඩක් මට නැත. අප ජීවත්වූ පරිසරය සරල ලෙස දිවිගෙවන බොහෝ අප්‍රිකානු නිවෙස් වල තිබෙන පරිසරයයි. බොහෝ දෙනෙක් බඩඉරිගු වගා බිම් වල වැඩකරති. මුළු දවසම වෙහෙසී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චම ගෙන සවස් කල නිවෙස් වලට එති. එසේ නැතහොත් තඹ ආකර වල වැඩ කරති. ඒවායේ වැඩ කිරීම දුශ්කර වුවද ලැබෙන වේතනය වගා බිම් වලට වඩා වැඩි හෙයින් ද ලැබෙන පහසුකම් වැඩි හෙයින් ද බොහෝ දෙනාගේ කැමත්ත තඹ ආකර වල වැඩ කිරීමය. අනෙක් පිරිස් නගර බදව වාසය කරමින් ඒ ආශ්‍රිත සාප්පු හා කාර්යාල වලද නිවෙස් වලද වැඩ කරති. ගම්බද ව එක ලඟින් තනා තිබෙන රවුම් පොඩි නිවාස බොහෝ විට එකම නෑදෑයන් පිරිසක් වෙසෙන ඉංග්‍රීසියෙන් "රොන්ඩවෙල්ස්" නමින් හඳුන්වන කුඩා නිවාස වේ. මේවායේ එක් කාමරයක් හෝ වැඩිම දෙකක් ඇත. එහි කුඩා පුටු කිහිපයක් සමඟ කුඩා මේසයකට පමණක් ඉඩ ඇත. බොහෝ විට ඉවුම් පිහුම් කර

ආදරනීය මලීෂා 2

Image
            සිය දෙමාපියන් දැකීමට තම දරු දෙදෙනා ද සමඟ යන මුල්ම  අවස්ථාව මෙය විය. ඉතා දිගු ගමනකට සති ගනනාවක් තිස්සේ වෙහෙස වී සියල්ල සූදානම් කල යුතු විය. මගේ පියාට මේ වන විට වයස අවුරුදු හතක් පමණ විය. තැනිතලා කඳු හෙල් මැදින් ගිය මේ සුන්දර ගමන ඉතා විනෝද ජනක ගමනකි. බසයක කෙදිනක වත් ගමන් කර නොතිබූ ජෙසී නැන්දා මග දිගටම වමනය කරමින් යාම නිසා ආච්චි අම්මාට නිතර අතර මග නැවතුම් පළවල් වල දී ඇය පිරිසිදු කිරීම දුෂ්කර කාර්ය‍යක් වී ඇත. ඉතා වෙහෙසට පත්ව සිටි ජෙසී නැන්දා හා ආච්චි අම්මා ගමනාන්තය වන විට තද නින්දේ පසු විය. මේ ගමන සඳහා පසු කල යුතු නගර කිහිපයකි. එනම් කබ්වේ , කපිරිම්පෝශි , ම්කූෂි , සෙරෙන්ජි , ම්පීකා , කසාමා , ම්බාලා , හා ම්පුලුන්ගු යන නගරයි. මගේ පියා ඇතුළු පිරිස මහමඟ දින දෙකක් ගෙවා තිබේ. කිලෝමීටර් හත්සියයක් පමණ වන තරම්  දුරක්  ගෙවා පැමිණි තම පුතු හා ලේලිය මහත් හරසරින් ලොකු සීයා ඇතුළු සියළුම නෑදෑයින් විසින් පිළිගෙන තිබේ. මගේ ආච්චි අම්මාව සමහර නෑදෑයින් විසින් දැක තිබුනේම නැත. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයට සෑම කෙනෙක්ම පාහේ ගෞරවය හා ආදරය දක්වන්නට විය. උතුරු ප්‍රදේශයේ ඇති මෙම කුඩ

ආදරනීය මලීෂා. 1

Image
මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත් , සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි .  ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත . ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි . මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්‍රිකානු රටට යායුතු වේ . මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය. දි