
පුංචි සුරංගනාවිය ! අතීතයේ එක් දිනෙක හමුවූ මගේ පුංචි සුරංගනාවිය මතකයේ මතක මත සරන්නී නොදන්නී ඈ... මා ඇයට ආදරය කල බවක් දිනගනන් සති ගනන් මග බලා සෙනෙහසින් බලා උන්නෙමි පවසන්න හද පිරි සෙනෙහස ඇයට කාලය ගෙවී ගියමුත් සමු අරන් මා ඇගෙන් දුර ඈත මතකයන් සරයි නිතර හද රිදවමින් අපි අපෙන් ඈත් වී බොහෝ කල් නමුදු මතක අතර නිබඳ දැවටෙමින් හදවතේ කොනක ඈ හිදී හිනැහෙමින් අමතක කරන්නද ඒ සුවඳ මා ලඟින් චාන්දි.