Tuesday, August 14, 2012

තෙරණියකගේ ගීතය







හරිම ලස්සනයි ඔබ හරියට
නිල්මහනෙල් මලක් වගේ
කළුම කලු 
කොන්ඩෙ
පිට මැද කඩා දමා
නිතඹ සලමින් යන හැඩ



නීල වර්ණ ඇහි බැම
දේදුන්නක් වගේම හැඩයි
කන් පෙති දෙක රනින්
හදාපු තෝඩු වගේ
දත් ටික කොඳ කැකුළු වගේ



ඔබේ වත හරියට රැයේ පිපුණ
කඩුපුල් මලක් වගේ
අත්පා රනින් කල
පිළිමයක් වගේ කියා
පෙර දිනයක
මතකද ඔබ කීවා මට




බුදුසමිඳුගෙ පිළිසරණින්
පසක් උණා ජීවිතය
දිරන මේ කුණුකයට
පෙම් බැන්දේ කුමට



ජරාවෙන් දෙදරායන
දුකටම වාස භවනය වූ
පිළිසකර කල නොහැකි
කඩා වැටෙනා සිරුර
දිරා ගිය ගෙයක් ලෙස
මහ පොළව සිප ගනී
නොඇල්මෙන් පහන්වී
මතු දිනක මාරයාට ලං නොවී