Posts

Showing posts from 2013

සමනල ගීතය

Image
කාලෙකින් ලියන්න ආවෙ වෙනස්ම දෙයක් ගැන. අපි පහුගිය 06 වෙනිදා 'සමනල සංධවනිය' බලන්නට ගියා. කාලෙකින් බැලුව සුන්දර සිනමාපටයක්. අපි පොඩි පුතාගේ උපන් දිනය සමරන්න හිතාගෙන කලින්ම අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් වෙන්කලා. නැතිනම් අපට සෙනග අස්සෙ කරදර වේවි කියලා හිතාගෙන. "සමනල සංධවනිය" මට පුදුම කම්පනයක් ගෙනාවේ.. එහෙමටයි කියල මගේ අත් දෑකිමක් මේකෙ නොමැති උනත්, අපි අතරෙ ඉන්න කාගෙ හරි අත්දෑකිමක් නේද කියල හිතෙන පුදුමාකාර සංවේගයක්, වගේම ආදරයක් මට  දැනෙන්න පටන් අරන්. අපි කාගෙත් මේ වාගෙ ''මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........." තියෙන්නට ඇති. සමහර අපි අතරට  යන එන අයට අපි ආදරය කරන්නෙ මේ වාගෙ නේද? අපි හිතන්නෙ නෑ ඒ අය අපේම කරගන්න. නමුත් ආදරය ...........  කරනවනෙ. හුස්ම ගන්න, පපුව ගැහෙන,සොඳුරු හදවත් තියන,  ආදරේ විඳින අපි කාටත් අපේ නොවන අපේම ආදරයක් තියනවා. මේක සොබා දහමේ සදාතනික සත්‍යයක් නේද කියල මට වෙලාවකට හිතෙනවා.  ඒ පෙම් සබඳතා වලින් ඇතැම් සිත් වල ආදර සිහිනය දෑසක උතුරන කඳුළු ගඟක් වී මැකී යාවි......  එනමුදු, මේ පුංචි රටේ කොතැනක දී ‍හෝ මතු කවදා හෝ .. ඔවුන් නැවත ම

පියුම!

Image
මගේ හද විල පිපුන එකම පියුම නුඹ සසර සාගරේ පිහිනා එකට ආව නුඹ සුවද දෙවා ජීවිතයම එකලු කලා නුඹ සෙනෙහෙ විලේ පි පි  මා පියුමිය   නුඹ ආව මගේ හමුවූ මහ සෙනෙහෙ විලයි නුඹ ඒ විල මත පිපි පියුමේ සුවඳ මලයි මම එක්වම ඉන්නට පතලා ආව විලස මම  සසරේ හමුවූ විලසින් පිපී සැලෙයි මම ජීවිතයේ දුක් කරදර  සතුටින්ම    දරා  අප  ගෙවුව දවස් මතක තියේ මියෙන තුරා මට සිනහ පොදක් මුවඟ පුරා දී සෙනෙහෙන් මට දුක  දරාන සිතේ සතුටු   සිනා   මවන නුඹ එ ක් ව ගෙවමු මේ දිවි මග සතුටින් සැම දින  කරදර සැම ඉවස දරා මහා මෙරක් ලෙස රාග ද්වේශ මෝහ නසා සිත් පිරිසිදු කොට සසර පතමු එක්ව නිවන කුසල් පුරා අප

වෙන්වීම.

Image
අතැඟිලි බැන්දත් රන් හුයකින් දෙදෙනා වෙන් වී ඇත මෙලෙසින් දරා සියලු දුක් දියණිය සමඟින් මඟ බලාන  ඉන්නේ මෙලෙසින් පාළු යහන මත සුසුම් ලමින් සුවඳ රැඳුන ඔබෙ ඇඳුම් අරන් දියණිය කියනා කතා අසන් ඉන්නේ කොහොමැයි කඳුළු වරන් වරදක් උනිද නොදනිමි හිමි සඳට ගියේ ඇයිද මා හා දියණිය අතැර කෙනෙක් ඔබට ලංවූයේ ඇයිද සෙනේ මදිද මා දුන් ඔබ අතට මවක් වුනෙමි දියණිය හා ඔබට නො තැවෙමි අදත් සිතමින් ඒ ගැනම සාදා ඇතිද රස මසවුළු ඒ පියඹ කවදා හරිම ඒවිද හීන අරන්  ඔබ දවයි ම'සිත ඔබ සිහිවෙන වාරයට කොහේ සිටන් හෝ මා අමතාවිද ලඟට ඇවිත් කියා රහස්  හුරතලේට ඔච්චම් කරන හැටි මැවෙනව නෙතු අගට වෙන්ට එපා හතුරෙකුට වත් මෙවන් දුකක් තරහක් නොමැත ඔබ ගැන මට කවදාවත් පතිවත රකිමි හිමි සඳ අද ලඟ  නැතිවත්  රැක ගමි ඔබගේ දියණිය මා දෑස ලෙසින් සසරේ දුකම මේ යැයි සිත සනහා ඉන්නෙම් දහමටම සිත යොමු කරවා ඔවදන් දෙවා දියණිය යහ මග හරවා මියයන තුරා රැක ගෙන ඈ දෑස ලෙසා

අමා ගීතය

Image
සිහිනයක් විය එදා සැරිසරන්නට බුද්ධගයාවේ පින ලැබුනා මට සිත්සේ වඳිනට බුද්ධගයාවේ අසිරිමත්වූ ඒ බුදු පිළිමේ දැක්මෙන් සිත සැනහේ සාදු! සාදු! මම වඳිනෙමි  ශ්‍රී මහ   බෝ සමිඳේ දම්සක් සුතුරින් ලොව සැනසූ මේ දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවා ආනන්ද බෝධි මළුවේ ගන්ධ කුටිය ලඟ මල් පුදලා අප   බුදු හිමි වැඳගත්තේ සත්බුදුවරු සිහි කරමින්  වැඳ  වැඳ  නිර්වානය පැතුවේ දහසක්  දෙවියන් අදටත් වඬිනා මේ දෙවුරම් වෙහෙරේ නිවේ නිවේ සිත සැනහී දහමේ නිවන් පුරේ ළඟ වේ පුන්සඳ පානේ දහම් දෙසූ සැටි මැවී මැවී පෙනුනේ සිත බරවූවා අදටත් සමිඳුනි අප මේ දුක් සසරේ සල් මල් පිපි සීතල උදයක අප යන ඒ මොහොතේ කුසිනාරවට මල්වැසි වැස්සා සිහිකර  පිරිනිවණේ සාදු! සාදු! අප වැන්ඳා වැතිරී ඒ සුන්දර පිළිමේ කඳුළු ගලා සිත පිරුනා ශෝකෙන් අද හිමි ඔබ නැහැනේ දෙදහස් හයසිය වසරක් ගෙවිලා දහමේ බල පැතිරේ අදටත් සත්තයි ඒ බුදු බණ දැන නිවනේ මඟ පෙනුනේ අසිරිය වින්දා හිමි ඔබ වැඩි මඟ පියමණිමින් සසරේ සාදු! සාදු!  මා  ඉපදුනෙ පිනටයි  බොදු මවකගෙ තුරුලේ

අලුත් අවුරුදු සුබ පැතුම්!

Image
ඔබ සැමට  අලුත් අවුරුදු සුබ පැතුම්!  සෙනෙහසින්.  

පින් පුරවන මව්වරුනේ පින් පුරවන පියවරුනේ

Image
පින් පුරවන මව්වරුනේ   පින් පුරවන පියවරුනේ සසුනඹරේ දිලෙනා තරු දන් දී පින් පුරවන මව්වරුනේ කහවත දරලා දරුවන් යන සැටි බලා හිදී   පිය වරුනේ ගිහි ගෙය හැරදා උන් යන මොහොතේ කඳුළු වරන මව්වරුනේ දරුවන් ගේ දුක් කඳුළු පිසින්නට පියවරු හිටියා නෙතුපිය අතරේ  දරුවන්  ඉපදී මියයන මොහොතේ   ඒ දුක ඉවසා  මහමෙර සේ පියවරු හිටියා       ඒ දුක් ඉවසා   මව්වරු හිටියා අනන්ත   සසරේ මව්වරු සිටියා   පියවරු සිටියා   දුක දරාන ඉපිද ඉපිද යන මේ   සසරේ   දරුවන් සඳහා කරුණා මෙත පා කඳුලැළි පිසිනා   මව්වරුනේ දහදිය වගුරා සැම සැප සදලා සෙනෙහස වපුරන පියවරුනේ මව්වරු පියවරු සසර පුරා දරු දුක ඉවසා නොසැලී   හිඳිමි නේ බෝසත් ගුණ වපුරා පින් පුරවන මව්වරුනේ   පින් පුරවන පියවරුනේ

මල් කෙල්ලක් මං

Image

ඔබ ආවේ නෑ!

Image
ඔබ ආවේ නෑ! වෙරළත සිඹිනා සයුරු රළ මෙන් පොළව සිඹිනා වැහි පොදක් සේ තුරු හිස සිඹිනා හිරු කිරණ සේ මල් පෙති සිඹිනා බඹරකු සේ කවදා හෝ ඔබ එතැයි කියා බලා සිටියා පෙරුම් පුරා මා හද මඬල නුඹ සිඹියි කියා රූ සිරියෙන් හද මත්වී තිබුනා පංච කල්‍යාණියක සේ සසර පුරා සෙව් ඔබවම සෙව්වා හංස රාජිණියක ලෙසේ අද එතැයි ඔබ හෙට එතැයි ඔබ බලා සිටියා මම හිරිමල් යෞවනයේ හිමි වෙතැයි නුඹ මටම කියා දිනපොත පෙරලී කොළ බොඳවීලා සුන්දර මතක පොතේ කොහේ කොතනක හිඳීදෝ ඔබ පැතූ පැතුම් පුරවා ළය මඬලේ විමසමින්  හද සිටියා නොසැලී මේකුළු පව්ව ලෙසේ ඔබ ආවේ නෑ මා සිත් සයුරට ඔබ ආවේ නෑ මා අත ගන්නට රූ සිරි වියැකෙයි දෑතින් ගිලිහෙයි හද වීනාවේ වෙන තත් බිඳිලා අද මිය ගිය යෞව්වනයේ