Wednesday, February 20, 2013

පින් පුරවන මව්වරුනේ පින් පුරවන පියවරුනේ






පින් පුරවන මව්වරුනේ  පින් පුරවන පියවරුනේ
සසුනඹරේ දිලෙනා තරු දන් දී පින් පුරවන මව්වරුනේ
කහවත දරලා දරුවන් යන සැටි බලා හිදී  පිය වරුනේ
ගිහි ගෙය හැරදා උන් යන මොහොතේ කඳුළු වරන මව්වරුනේ




දරුවන් ගේ දුක් කඳුළු පිසින්නට පියවරු හිටියා නෙතුපිය අතරේ
 දරුවන්  ඉපදී මියයන මොහොතේ   දුක ඉවසා  මහමෙර සේ
පියවරු හිටියා     දුක් ඉවසා  මව්වරු හිටියා අනන්ත  සසරේ
මව්වරු සිටියා  පියවරු සිටියා  දුක දරාන ඉපිද ඉපිද යන මේ  සසරේ  





දරුවන් සඳහා කරුණා මෙත පා කඳුලැළි පිසිනා  මව්වරුනේ
දහදිය වගුරා සැම සැප සදලා සෙනෙහස වපුරන පියවරුනේ
මව්වරු පියවරු සසර පුරා දරු දුක ඉවසා නොසැලී  හිඳිමි නේ
බෝසත් ගුණ වපුරා පින් පුරවන මව්වරුනේ 
පින් පුරවන පියවරුනේ

Wednesday, February 6, 2013

මල් කෙල්ලක් මං