Saturday, September 22, 2012

පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ.දෙවන කොටස.

පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ. පළමු කොටස මෙතනින්.http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_2246.html




ලංකාවට ඇවිත් ජීවිතේ අලුතින්ම පටන් ගන්න උණා. කාත් කවුරුවත් නැති අනාථයො වගේ නෙ එන්නෙ. හොඳ වෙලාවට මහත්තයාගෙ ලොකු අක්ක ලංකාවෙ ඒ වෙනකොට. ඈ වෛද්‍ය වරියක්. ඈ තමයි මට අම්මා වගේ හැම දේම බලන්නෙ. ඒ සෙනෙහස අදටත් නොවෙනස්ව තියෙනවා. ඈ හරිම කාරුණිකව හැම දේම සොයා බැලුවා. මට ඒ ණය කවදාවත් ගෙවන්න බැරිවෙයි.  දරුවන් ගේ තාත්තා ලංකාවට ඇවිත් , එස් එස් සී හා කෝල්ට්ස් ක්රීඩා සමාජ වලට සෙල්ලම් කලා.   කාලෙ අපි හැම තැනම එයත් එක්ක මැච් බලන්න ගියා.  මම පුතාල පුංචිම කාලෙත් එයාත් එක්ක හැම තැනම ගියා. පුතාල එයාලගෙ තාත්තා ගිය පාසැලටම දමාගත්තා. තාත්තා ක්‍රිකට් එහෙම ක්‍රීඩා කරල තිබ්බ එකයි සීය ඒ පාසැලේම ඉගෙන ගත්ත එකයි හොඳට ගියා. එදා ඉඳල මගෙ ජීවිතේ ගෙවෙන්නෙ එයාලත් එක්ක. මමත් දැන් ඒ පාසැලේ සාමාජිකාවක් වෙලා ඉවරයි. එකම වයසෙ වගේ දරුවො තුන් දෙනෙක් උසස් පෙළ කරනතෙක් ඒ පාසැලේ උදේ හවා කරක්ගැහුවම ඉබේම එහෙම වෙනව නෙ. පාසැල් ගීයෙ පටන් පාසැලේ හැම බිම් අඟලක්ම මගෙ සිහිවටන වෙලා. 


ඔය අතරෙම අපි වේරහැර අපේම කියල ව්‍යාපාරයක් පටන් ගන්නව. පුතාල පොඩිකාලෙ හරියට එයාලගෙ තාත්තා වෙහෙසෙන්නෙ මේ ව්‍යාපාරය දියුණුකරන්න.  පුංචියට පටන්ගත්ත ව්‍යාපාරය දිනෙන් දින දියුණු උණා. යහළුවෙක් ගෙ උදව්වෙන් පළමුවෙනි මැෂින් කීපය සිංගප්පූරුවෙන් ගේන්න හැකිවෙනව. මැෂින් ෂොප් වැඩපලත් එක්ක, ඒ පැත්ත සමගාමීව ගෙනියන්න හරි හරියට තාත්තා වෙහෙස වෙලා වැඩ කළා. සමහර දාට අත්වල කරගැට ඇවිත්. කොහොමත් කාලයක් යනකල් අත් හරිම ගොරෝසු වෙලා තිබ්බ. ලේත් මැෂිමක වැඩ කරන අය දන්නව නොවැ ඒවයෙ හැටි. ඒ දියුණුවත් එක්ක අපි දෙල්කඳ මැෂින් වලට අවශ්‍ය කපන කටු චීනෙන් ගෙන්වන ව්‍යාපාරයක් පටන්ගත්තා.  මේ කාල පරිච්චේදය හරිම වෙහෙස වෙච්ච කාලයක්. මම දරුවො එක්කම හිටිය. රැකියාවක් කරන්න හිතුවෙම නෑ.  දරුවො තුන් දෙනාම ආනන්දෙට ක්‍රීඩා කළා සාමන්‍ය පෙළ වෙනකල්. මම එයාල එක්කම හැම තැනම ගියා. තුන් දෙනාම දක්ෂයි. ඒ උණාට අපි ඒ කාලෙ බලපෑම් නොකළ නිසා නියම තැන එයාලට ලැබුණෙ නෑ කියල මට හිතෙනව. තාත්තගෙ ලොකුම හීනෙ වෙලා තිබ්බෙ එක්කෙනෙක් හරි ලංකාවට සෙල්ලම් කරාවි කියල. උනාට පස්සෙ කාලෙකදි පාසැලේ වැඩත් එක්ක උසස් පෙල කරත්දි තුන් දෙනාම ක්රීඩාව නැවැත්තුවා.


පුතාල ලොකු පන්තිවලට එනකොට මම අපේ ව්‍යාපාරයෙම සාමාජිකාවක් ලෙස රැකියාව කරන්න පටන් ගත්තා. මුලදි වරුවයි, පස්සෙ ටික ටික කාලය වැඩි කළා. අද ආයතනයේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරන්නෙ . සමහර දාට රෑ පාන්දර වෙනකල් අපි දෙන්නම වැඩ. කාලයක් මෙහෙම ව්‍යාපාරය උඩට ගන්න අපි දිවා රෑ නොබලා වෙහෙස වුණා. අපි මේ අතරෙ විදෙස් සංචාර කීපයක් ගියා.  කලෙකින් මෙහෙම යන්න ලැබුණෙ. එක පාරක් චූටිම පුතාව තියල ගියා. එදා එයාගෙ දුක්බර මූහුණ දැකපු අපි දෙන්නාම කවදාවත් එයාල දාල අයෙත් යන්නෙ නෑ කියල තීරණය කළා. අපි අලුතින්ම හදපු ගෙයක් ගත්තා. කාලෙකින් ඒක විකුණලා අපි දෙහිවල සෙලින්කෝ ලෝටස් ග්‍රොව් නිවාස සංකීර්ණයට ගියා. මහත්තයාට ඕනෙ උණේ දරුවන්ට කරදරයක් නැතිව හැදෙන වයසෙ ඉන්න දෙන්න ඕනෙ කියල.  1999 අගෝස්තු මාසෙ අපි හැමෝම සුපර් ස්ටාර් වර්ගෝ සුඛෝපභෝගී නෞකාව පළමු වරට ජර්මනියේ සිට ලංකාව හරහා සිංගප්පූරුවට යත්දි දින හතරක නැවේ පළමු ගමනට එක් වුණා. මේක කෙනෙක් ගේ ජීවිතේට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. නැවේ ගමන ගැන වෙනමම විස්තරයක් ලියන්නම් වෙලාවක. ඒක හරියට දිව්‍ය ලෝකෙ ගියා වගේ. හරියට දරුවො තුන් දෙනා නම් විනෝද උණා මේ ගමනෙදි. අපිත් කාලෙකින් එකට සතුටු වෙච්ච සුන්දර ගමනක්. මගෙ නංගි, මැලේසියාවෙ ඉන්න, එයා ලන්කාවි කියන දූපතට ආව අපිව බලන්න එයාගෙ මහත්තයත් එක්ක. මේ කාලෙදි අපි නොදැකපු රටවල් කීපයක ඇවිද්දා. සිංගප්පූරුව , මැලේසියාව, තායිලන්තය වගේ රටවලට මම ගිහින් තිබ්බෙ නැහැ. ඒ රට වල් අපි හිටපු අප්‍රිකාණු රටවල් වලට වඩා හරිම වෙනස්.


 මේ අතර ලොකු පුතා සාමාන් පෙළ විභාගය කරල ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරියට යනවා තාත්තා වගේ ලියවන පට්ටල් වැඩ ඉගෙන ගන්න. එයා පොඩි කාලෙ ඉඳලම මේ කර්මාන්ත ක්ෂේත්රයට තමයි වැඩි කැමැත්තක් තිබ්බෙ. අපි එයාට වෙන පැත්තකට යන්න කියල බල කළේ නෑ. ටික කාලයක් ලෝටස් ග්රෝව් ඉන්න කොට අපිට ආයෙත් ව්යාපාර පැත්තෙන් පොඩි කරදර ටිකක් ආව. ඒත් එක්කම අපේ දරුවො හැදෙන වටපිටාව පිළිබ්ඳවත් පොඩි ප්රශ්නයක් ආව. මේ කාලෙම ගෙදර ඇතිවෙච්ච පොඩි ප්රශ්නෙකට මගෙ මහත්තයා දින දෙක තුනක් ගෙදර නෑවිත් හිටිය. අපි හැමෝම දුක් උණා වෙලාවෙ. පුතාල හැමෝම මාත් එක්ක එකට හිටිය වෙලාවෙ. එයාගෙ අම්ම එක්ක ඇති වෙච්ච පොඩි කතා බහක් නිසා තරම් ඒක දුර දිග ගියෙ. මගෙ සංවේදී හිතට මේ සිදුවීම නම් දරා ගන්න හරියට අමාරු උනා. මම ගොඩාක් හිත හදා ගත්තෙ ධර්මයට ළංවෙලා. එයාගෙ අම්මට ආයෙ අපේ ජීවිත වලට ඇඟිලි ගහන්න එපා කියල පහදලා දීල ගිහින් එයාව හමුවෙලා එක්ක ආවෙ බොහොම හිත් වේදනාවෙන්. ඔය කාලෙදි අපි ගොඩාක් ධර්මයට ළංවෙලා හිටියෙ පොඩි අක්කාට පින් සිද්ධ වෙන්න. නිතර අපි දොම්පෙ පාලුගම අසපුවට ආව ගියා. බණ ඇහුව. හිත් අමනාපකම් නැතිවෙලා ජීවිතය දකින්න ඉගෙන ගත්තෙ මේ කාලෙදියි.  ඔහොම ඉඳල අපි දෙහිවල ගේ විකුණලා ආයෙත් බොරලැස්ගමුවට ආව පදිංචියට.   


වැඩ පල ළඟම ගෙයක් අපි අර ගත්තා. අද මගෙ අම්මයි තාත්තයි ඉන්නෙ එහෙ. ගෙදර අහම්බෙන් හම්බ උණාට හරිම හොඳ තැනක්. හැම පැත්තටම ළඟයි එතන. එතනට ඇවිත් අපි ටික කාලයක් ඉන්න කොට තමයි අපේ වැඩ පල අලුත් වැඩියා කරන්න පටන් ගත්තෙ. නිසා අපි කාර්යාලය ගෙදරට ගෙනාව. අපිට හරිම හිරිහැරයි උණාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අවුරුදු දෙකක විතර යනකොට වැඩපල හදල ගන්න පුළුවන් උණා. මේ වැඩ බාගෙට නිම වෙන කොට තමයි මගෙ නංගි නැති උණේ . මම උපන්න මාසෙම අපිව දාල ගියෙ.  ලොකුම වේදනාව මම වින්දෙ එදා. දවස් ගාණක් මම කෑම කෑවෙ අඬමින්. එහෙම තමයි තමන් වැඩිය ආදරේ කරන කෙනෙක් නැති උණාම. එයාගෙ තුන්මාසෙ දානෙ දවසෙ තමයි මහත්තයගෙ අම්ම අපෙන් සමු ගත්තෙ. අපි හරියට දුක් උණා වෙලාවෙ. අම්ම මගෙන් අන්තිමට ඉල්ලුවෙ මැගී නූඩ්ල්ස් එකක් හදල දෙන්න කියල. මගෙ නෑන හවස එත්දි අම්මට ඒක හදල කවල තිබුණ. ඊට පහුවදා ඉඳල කෝමා තත්වයෙන් හිටියෙ. එහෙමම නැති උණා. මහත්තයාගෙ අක්කා උපරිමෙන්ම අම්මාව ළඟ ඉඳල බලා ගත්තා. එයා වෛද්ය වරියක් නිසා පුංචි වෙනස් වීමක් උණත් අක්කට දැනුණ. එහෙම අම්මා කෙනෙක්ට සලකගන්න පුළුවන් වෙන්නෙත් පෙර පිනකටයි. අක්කා ගොඩාක් පින් රැස් කළා අපේ නංගිවත් හරිම ආදරෙන් බලා ගෙන. එයා මට සැබැවින්ම මගෙම සොහොයුරියක්


හරියටම ඊට මාස ගාණකට පස්සෙ අපි අපේ අම්මලාගෙ 50 වෙනි විවාහ සංවස්තරයට මැලේසියාවෙ යන්න ලැහැස්තිවෙනව. ජනවාරි මාසෙ මල්ලි අපේ පවුලෙ ටිකට් ටික වෙන්කළේ එයා ගානෙ හැම වියදමක්ම දරමින්. මාර්තු අපේ අම්මගෙ උපන් දිනය දවසෙ අපි එහේ ගියා. ලොකු පුතා දුවව එක්ක ආවෙ එදා. හදිස්සියෙම දුව ඇවිත් තිබ්බ මෙහෙට. අපි ,පුතා එනකල් රෑ වෙනකල් බලා හිටිය. පස්සෙ එයාගෙම යහළුවෙක් තමයි අපිට කිව්වෙ, මේ දෙන්න හදිසියෙම එහේ ආව කියල. අපි දෙන්නම එදා රෑ නිදි නෑ. දෙන්නම බොහොම දුකෙන් තමයි හිටියෙ. එයා ටික ටික හිතුවක්කාර වැඩ කළාට අපි හිතුවෙ නෑ මේ වගේ දෙයක් කරාවි කියල. තාත්තා හරිම ආදරෙන් එයාට හිටියෙ. එක නිසා එයාට දරා ගන්න අමාරු උණා. නමුත් මගෙ අම්මයි තාත්තයි මහත්තයාගෙ අක්කයි එකතු වෙලා එයාලට ලස්සනට ඉන්න ඉඩ හදල දුන්න. දරුවෙක්ට ඇත්තටම මුදිතාව දෙමාපියන් දක්වන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මේ වෙලාවෙදියි. අපිට ලොකු පුතා කීවත් මේ සම්බන්ධය ගැන අපිට ගිහින් එහේ අම්මලාට කතා කරන්න බැරි උනා වැඩ පල අළුත්වැඩියාවෙ වැඩ නිසා. තට්ටු හතරක බිල්ඩිම හැදුවෙ මහත්තයාම මුල් වෙලා. රෑ දවල් වෙහෙස උනා ඒක හදන්න.   වැඩ අතරෙ අපි අපේ දරුව කියාපු දේ අතපසු කල නිසාවෙන් තමයි  අපිට මේ දේට මුහුණ දෙන්න  උනේ.  අනෙක දුව මෙහෙට ඇවිත් එයා හරියට අසරණ වෙලා හිටියෙ. මාත් එයාට පිටු පෑවා නම් කවුද? එයාට ඉන්නෙ. මට දුවෙක් නැති උනාට මට දරුවගෙ දුක හොඳටම දැනුන. ඈව ගෙදරින් ප්රතික්ෂේප කලා වෙලාවෙ. කැපවීම මම කරපු නිසාම මට අද හොඳ දුවක් ඉන්නවා කියල මම අනේක වාරයක් සතුටු වෙනව. මේ ප්රශ්ණෙදී ඉතාම සංවේදීව දරුවන්ගෙ පැත්තෙන් බලන්න මට ලැබුණෙ අපේ ලොකු ස්වාමීන් වහන්සේ පුරුදු කල මුදිතාව සහ කරුණා ගුණය නිසාමයි. කවුරු මොනව කීවත් අපේ දරුවො වටින්නෙ අපිටම නේද කියල අපි දෙන්නාම හිතුවා. අපි පොඩියට එයාලගෙ මංගල්ලෙ ලස්සනට ලැහැස්තිකළා. ඊට කලින් අපේ තැන අපි අසූ මහා ශ්රාවක දානයක් දුන්නා. ඒක බොහොම ස්රද්දාවෙන් තමයි මහත්තයා ලැහැස්ති කළේ. ඒක ඉවර වෙලා පුතාලගෙ වැඩේ. දුවෙක් නැතිව හිටිය අපේ පවුලට දුවෙකුගෙ ආලෝකයක් වැටුණම හරිම සතුටුයි. අපේ වාසනාවට අපිට ලැබුණෙ ලේලියක් නෙමෙයි, දුවක්. අදටත් අපි එක්ක බොහොම ලෙංගතුව ඉන්නවා. මම නිතරම හිතෙන් පින් දෙනව එයාව හදා වඩා ගත්තු දෙමාපියන්ට. එයාගෙ සහෝදරියො ටිකත් හරිම හොඳයි. අයියල නම් දුව අපේ ළඟට ආව වෙලාවෙ ඇති වෙච්ච අමනාපයට තාමත් අපි එක්ක කතා නෑ. උණාට අපේ හිතේ අමනාපයක් නෑ. එයාලගෙ වයසට තරම් දෙයක් උණාම හිත හදා ගන්න අමාරු බව අපි දන්නවා. අමනාපකම් මැකිලා කවදා හරි එකට ඉන්නයි දැන් අපි හිතන්නෙ. වගේ දුවක් ලබන්න අපිත් බොහෝ පින් කරල ඇති.


අපිත් එක්ක මැලේසියා ගමනට දුවත් එකතු උණා.   ගමන එයාගෙ ජීවිතේ වැදගත් මතක සටහනක් වෙච්ච ගමනක්. අපි එහෙ ගියාම හැමදේම මගෙ නංගියි මල්ලියි සැලසුම් කරල තිබුණෙ. අපිට තිබුණෙ එයාල එක්ක විනෝදෙන් ඉන්න විතරයි. මගෙ නංගි බැන්දෙ මැලේසියනු ජාතික දමිළ මල්ලි කෙනෙක්. ජාති සම්භවය පැරණි ලංකාවෙන් ගිය අයගෙන්. නිසාමද කොහෙද මල්ලි අපිට අපේම සහෝදරයෙක් වගේ. ඒක හරියට අපිට දැනෙන්නෙ එයාල ළඟට ගියාම එයාල අපිට සලකාපු විදිහට. අපේ දරුවො ඔක්කොම එකම බඩවැල කඩන් ආපු අය වගේ එකට ඉන්නව දැක්කහම දැනෙන සතුට කියල නිම කරන්නට බැහැ. මල්ලිගෙ බිරිඳ ඇමෙරිකානු කාන්තාවක්. උණාට ඈත් ඉතාම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. අදටත් අපිට සලකන්නෙ ඇගෙම සොහොයුරියන්ට වගේ. එයාල අපිට ලැබුණෙ අපේ වාසනාවටමයි. අපේ ගමන නොමැකෙන මතක සටහනක් තිබ්බ අපේ ජීවිත වලත්. හරිම සුන්දර මතකයක් බෝර්නියෝ දූපත් වල අපි ගෙව්ව සති දෙක. හරිම ලස්සන මුහුදු තීරයක් පැත්තෙ මැලේසියාවට තියෙන්නෙ. කොටකීනා බාලු හෙවත් සාබා යනුවෙන් කොටස හඳුන්වන්නෙ.  http://en.wikipedia.org/wiki/Sabah


ගිහින් ඇවිත් මම ඔපරේෂන් එකකට ලැහැස්ති උණා. අවුරුද්දෙ අන්තිම. මම ඉස්පිරිතාලෙන් ගෙදර එන දවසෙ මහත්තයාගෙ තාත්තා නැති උණෙ. අනේ මට එයාව බලන්න වත් නැති උණා. මම හිත හදා ගත්තෙ අවුරුදු ගණනාවක් තාත්තා මගෙ ළඟ හිටිය නේද කියල හිතලයි. ඉන්න කාලෙ ආදරෙන් සැලකුවාම ගැන හිතල සතුටු වෙන්න පුළුවන් අපිට. තාත්තාව සමහර වෙලාවට අදටත් රසට කෑමක් හැඳුවම අපි මතක් කරනවා. තාත්තා හරිම ආසයි ලස්සනට, රසට කෑම කන්න. "ආ… අද හිල්ටන් හෝටලෙන් කෑම " කියල මට විහිළු කරනවා කියල පුතාල දන්නවා. දෙන්නාම අපි හැම නිවාඩුවකම හම්බන්තොට එක්ක ගියා  නැතිවෙන කල්ම. එයාල දෙන්නාම හරිම ආශාවෙන් ගිය ගමනක් ඒක. අපි හැමදාම නවතින ඕයෙසීස් හෝටලේ ඉන්න අයටත් හරිම දුකයි දෙන්නාම නැති උණාම. ඉතින් මේ කාලෙ අපෙ ජීවිත වලටත් ටික ටික කරදර ආව. ඒව තාමත් ඉවරයක් නම් නෑ. සේවකයො පනස් දෙනෙක් හිටිය අපේ ව්යාපාරය හරිම ඉක්මනින් කඩන් වැටුණ. මූලික හේතුව දැනට පවතින ආණ්ඩුව සුළු හා මධ්යම පරිමාණ කර්මාන්ත නොසලකා හැරීම. අය කඩා වැටෙත්දි පහල ඉන්න කුඩා කර්මාන්ත වලට යන කල මොකක්ද?  පහුගිය අවුරුදු කීපය දැඟලුවෙ ඒක ආයෙත් ගොඩ ගන්න. ඒක දැන් නම් හරිම අමාරුයි.  සමහර වෙලාවට අපි කරපු කර්ම විපාක අපිට විඳවන්න තියෙන හින්ද වෙන්න ඇති අපිට මේ තත්වෙ උදා වුණේ. උණත් අපි දෙන්නම සතුටු වෙනව අපි ගෙව්ව ජීවිත ගැන. අපි දරුවන්ට උපරිම සැප දුන්න. ආදරය දුන්න. දුක් වින්දත් එයාලට ඒව දැනෙන්න දුන්නෙ නෑ. එයාල හොඳට හැදුණ. අපිට, අපේ දෙමාපියන්ට හරිම ආදරෙයි. පවුලට හිතවත්. ඒක නෙ ඕනෙ. ධර්මානුකූලව ජීවත් වෙනව. හම්බ වෙච්ච දුවත් හරිම හොඳයි. එන්න ඉන්න දුවත් හොඳ ගතිගුණ තියෙනව. මාත් එක්ක හොඳින් ඉන්න පුළුවන් දුවල ලැබෙන එක තරම් වාසනාවක් කොයින්ද










අපිට තියෙන කාලෙ අපිට පුළුවන් විදිහට ගමට උදව් කළා. ගමේ පන්සල් වලට උදව්කලා. කෙනෙක් උදවක් ඉල්ලන් ආවම එයාට උදව්ව කළා. දරුවො තුන් දෙනෙක්ට කැප කරු මාපියො උණා. එයාල අද හොඳ තැන්වල ඉන්නව බලල සතූටු වෙනව. ගොඩක් දුක් කරදර පීඩා මැද්දෙ අපි මේ ගමණ ආවෙ. හැම දෙයක්ම අපි දෙන්නම සමානව විඳ ගත්තා. මම කවදාවත් දෙයක් ඉල්ලලා කරදර කරල නෑ. හැම දෙයක්ම ලැබෙන විදිහට සතුටින් බාර ගත්තාඒයා ගෙන් වචනයක් වැරදුනත් ඒව ඉවසා ගන්න මට ශක්තිය තිබ්බා. මගෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. එයාත් ඒව ඉවසා ගන්න ඇති. මට මේ වෙලාවෙ සිද්ධියක් මතක් වෙනවා. අපි වැඩ මුළුවකට ගියා. එහෙදී දෙන්නගෙ වැරදි එකින් එක ලියන්නට කියලා අපේ පුහුණු කාරිය කීවා. ඇය චීන ජාතික කාන්තාවක්. මම ගොඩක් වෙලා කල්පනා කරමින් හිටියා ලියන්නෙ කොහොමද කියලා. ඇය කිහිප විටක් කීවම මම හිතලා හිතලා වැරදි කීපයක් ලිව්වාඅනේ ! දන්නවද මගෙ මහත්තයා ලියා තිබුනේ මගෙ හොඳම පමණයි. එකදු වරදක් වත් එතන තිබ්බේ නෑ. මට මා ගැන මහත් ලැජ්ජාවක් දැනුනා. වගේම ලොකු ආදරයක් දැනුනා එයා ගැනඕනෙම කෙනෙක්ගෙ වගේ මගෙ හිතෙත් පුංචි දැරියක් තාම ඉන්නව. ඒකට මම නම් කැමතියි. සබන් බෝල පුම්බන්න, සමණළ්ලු පස්සෙ දුවන්න, ඔන්චිල්ලාවක පැද්දෙන්න තාමත් මම ආසයිමේ සටහනේ ගොඩාක් පෞද්ගලික දේ තිබෙනවා. සටහන් මම ලීවෙ දැන් දරුවො ලොකු මහත් වේ ගෙන යන අයට මොනයම්ම හරි ආදර්ෂයක් ගන්න පුලුවන් වේවි කියන සිතුවිල්ලෙනුයි. කවුරු හරි මාව හෑල්ලුවට ලක්කලොත් ගැන කතා කරන්නත් මට අයිතියක් ඇති කියල මම හිතනවා.


ඉතින් ඔන්න ඔහොමයි මගේ අවුරුදු පනහක කාලය ගෙවෙන්නෙ. දැන් මම ආත්තම්ම කෙනෙක්. මගෙ චූටි මුනුබුරා තමයි මගේ ලෝකෙ. එයා ලොකූ පුතා පොඩි කාලෙ වගේමයි. වෙලාවකට හරිම පුදුමයි එහෙම සමානකම් එන්නෙ කොහොමද? කියල. එයාට ලබන මාසෙ පළමු වෙනිදාට අවුරුද්දයි. එයත් කවදා හරි මිනිස්කම අගයන සංවේදී හොඳ හිතක් තියෙන දරුවෙක් උණොත් මගෙ ලෝකෙ ගොඩාක් ලස්සන වේවි. ඒක තමයි මම පතන්නෙ. ඉදිරියෙදි ඉන්දියාවෙ යන්න හිතා ඉන්නවා. ඒක මගෙ තිබුණ හීනයක්. මගෙ ආදරණීය මහත්තයා තමයි මට මේ ගමන යන්න ලැහැස්ති කරන්නෙ. එයාට අපිත් එක්ක යන්න වෙන්නෙ නෑ පුතාල දෙන්න තනියම නිසාබුදුන් වහන්සෙ  වැඩහිටිය තැන් බලන්න කොයි තරම් පින් කරන්න ඕනෙද? ප්රාර්ථනාව ඉටු උණාම මගෙ ජීවිතේ සම්පූර්ණයි.