තාත්තට පුතාල දෙන්නගෙ ලෝකෙ හැරෙන්නට වෙනදෙයක් නෑ. මල්සි , ටිකක් අයියට වඩා සැරපාටයි , පාටත් ටිකක් තල එළලුයි. ඒ උනාට එයාට මාස ගනනක් යනකොට එයාත් අපේ කලබලකාරී ජීවනරටාවට පුරුදු උනා. මාත් එක්ක එයත් ග්‍රවුන්ඩ් එකට යනවා. මල්සිව තල්ලුකරන් යන්නෙ ලොකූ. උදේම දෙන්නටම කෑම , ඇඳුම් සියල්ලම අරගෙන තමයි , යන්නෙ. මට වාහන එළවන්න බෑ. ඉගෙනගත්තත් , පාරට හරිම බයයි. ඒ නිසා මට බැරිඋනා ඒක කරන්න හරියට. ඒක ලොකු අඩුවක් කියල හිතෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් දරුවො දෙන්නාම බලාගන්න මට සහයට දකුණු අප්‍රිකානු ගැහැනුකෙනෙක් ලැබුනා වාසනාවට. ඈ පුදුම ආදරයක් මේ දරුවන්ට දැක්වූවා. පුතාලගෙ වැඩ අතර ඈ සමහර වෙලාවට සියළුම වැඩ ගෙදර කලා. මම නිතරම එයාට උයන පිහන ඒවාට උදව්කලත් ඈ ඒවා තමාගෙම ගෙදර කරන ලෙසම කලා. මටත් පුදුම ලෙස ලෙංගතුව තමයි වැඩ කලේ. කවදාවත් මහත්තයාට දණ නොගහ කතාකලේ නෑ. ඒ එහේ අය තම ගරුත්වය තම ස්වාමියාට පෙන්වන විදිහ. අපි මේ කාලය තුල හැම තැනම සංචාරයත් කලා. ලස්සන තැන් බලන්න ගියා. හැම පහසුකමක්ම තාත්තාගෙ වැඩකරන තැනින් අපිට ලැබුනා. අයිති කෙනා ඉටැලියන්. එයා මාසගනන් එයාගෙ රටට වෙලා ඉන්නවා වැඩපල මගෙ මහත්තයාට භාර දීලා. හොදින් ඉතාම අවංකව හ...