නවිඳු මගේ පුංචි මුණුබුරාට.

සුන්දර හිමිදිරිය ඇවිත් අද මා ළඟට වස්සානය මැදින් ගලා යන අරුමයට හිනා වැස්සක් අරන් පොඩි මුව අගට පුංචි පුතු ගොඩවැදේ අප නිවහන තුලට දඟකාර නෙත් යුගල හැම අතම විහිදමින් සොයා යන්නේ නිතර අපේ බලු බිතෝවන් ඒ පැත්ත මේ පැත්ත දස අතම කැරකෙමින් සීයාගෙ මුව අගට හිනාවැස්සක් අරන් අම්මාගෙ අතේ සිට මගේ අතට පනින්නේ හාදු වැස්සක් දී මගේ මුව කමල සිඹින්නේ කෙස්වල්ල ඇද දමා හිනැහෙමින් බලන්නේ එක දතක් විදා පා හිනා මුව නගන්නේ මගේ පුතුගෙ කුඩා කල මා හදෙහි මවන්නේ පුංචි මුණුබුරු පැටියා සතුට ගෙට ගෙනෙන්නේ නමින් නව නායකයි කියා නම තැබෙන්නේ ලොවක් දිනවන්න පුත මතු දිනක ලැබෙන්නේ (12/06/2012)