නවිඳු මගේ පුංචි මුණුබුරාට.

සුන්දර හිමිදිරිය ඇවිත් අද මා ළඟට
වස්සානය මැදින් ගලා යන අරුමයට
හිනා වැස්සක් අරන් පොඩි මුව අගට
පුංචි පුතු ගොඩවැදේ අප නිවහන තුලට
දඟකාර නෙත් යුගල හැම අතම විහිදමින්
සොයා යන්නේ නිතර අපේ බලු බිතෝවන්
ඒ පැත්ත මේ පැත්ත දස අතම කැරකෙමින්
සීයාගෙ මුව අගට හිනාවැස්සක් අරන්
අම්මාගෙ අතේ සිට මගේ අතට පනින්නේ
හාදු වැස්සක් දී මගේ මුව කමල සිඹින්නේ
කෙස්වල්ල ඇද දමා හිනැහෙමින් බලන්නේ
එක දතක් විදා පා හිනා මුව නගන්නේ
මගේ පුතුගෙ කුඩා කල මා හදෙහි මවන්නේ
පුංචි මුණුබුරු පැටියා සතුට ගෙට ගෙනෙන්නේ
නමින් නව නායකයි කියා නම තැබෙන්නේ
ලොවක් දිනවන්න පුත මතු දිනක ලැබෙන්නේ
(12/06/2012)
ලොවක් දිනන්නට වාසනාවන් පුංචි පුතුට. ඇත්තටම හුඟක් වාසනාවන්ත බබෙක් මෙතරම් ආදරයක් මැද හැදෙන්නට
ReplyDeleteසිඟිති පුතුට ත්‍රිවිධ රතනයේ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබේවා!
ReplyDeleteසෙනෙහස වෑහෙන ලස්සන පදපෙල අක්කේ.
@ නලිනි චන්දිමා,
ReplyDeleteබොහොම ස්තූතියි! නංගි. දරුවෙක් හදල ඒ දරුවගෙ පුතෙක් දකින එක තරම් වාසනාවක් මේ ලෝකෙ නෑ. අපේ අම්මල දෙමුණුබුරන් වත් දකින්න වාසනා කලා කියල හිතනකොට හරිම සතුටුයි.
@ ඩීන් මල්ලි ,
ReplyDeleteබොහොම ස්තූතියි! දරුවෙක් හදල ඒ දරුවගෙ පුතෙක් දකින එක තරම් වාසනාවක් මේ ලෝකෙ නෑ. අපේ අම්මල දෙමුණුබුරන් වත් දකින්න වාසනා කලා කියල හිතනකොට හරිම සතුටුයි. කොහොම උනත් මේ සතුට අස්සේම දුකත් හැංගිලා ඇතිනිසා හුඟක් සතුටු වෙන්නත් බැහැ නේ. එහෙම තමයි. අනියත බව හැමටම උරුම ධර්මයක් නේ.කොයි වෙලාවෙ මේව වෙනස් වෙයිද ? දන්නෙ නැහැ.
කවි ටික ලස්සනයි. සුබ පැතුම් ආච්චිටයි සීයටයි
ReplyDeleteඔන්න මගෙනුත් සුභපැතුම්
ReplyDelete@ ඊ මේල් කවිකාරි ,
ReplyDeleteබොහොම ස්තූතියි! නංගි. පැටියා මගේ කාලය ගොඩාක් හොරා අරන්. ඉවසන් ඉන්නවා ටිකක් ලොකු වෙන කල්.
@ කස්ස,
ReplyDeleteබොහොම ස්තූතියි! සුබ පැතුමට කසුන් මල්ලි.