නිමාලී

අද කියන කතාවෙ නමක් ගමක් ලියන්න මට අයිතියක් නෑ කියල යි මට හිතෙන්නෙ. අපි කාලයක් ළඟින් ආශ්‍රය කරපු පවුලක කතාවයි මෙයට පදනම් වෙන්නෙ. අපි ඇය නිමාලි කියල හිතමු. නිමාලි හරිම හුරුබුහුටි දැරියක්. මම ඈව මුලින්ම දැක්කෙ අවුරුදු පහක තරමෙ පුංචි කෙල්ලක් කාලෙ. ඈට තව අවුරුදු දෙකක විතර චූටි නංගියෙකුත් හිටිය. ඈ නමින් ඩිනාලි. මේ දැරියන් දෙන්නාම හරිම ලස්සන කෙළිලොල් දැරියන් දෙන්නෙක් මම වඩාගෙන හුරතල් කළා චූටි කෙල්ලව නම්. ලොක්කි ටිකක් එහෙමට ළඟට එන්නෙ නෑ. ඒ උණාට මට දෙන්නාම හරිම ආදරෙයි . එයාලගෙ අම්මටත් තාත්තටත් අපි ආදරෙයි. මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක් නිසාම අපි ගෙවල් දෙකේ සම්බන්ධෙ ගොඩක් ළඟින් තිබුණ හින්ද නිතරම අපි ආවගියා. එකට සෙල්ලම් කළා . මගෙ චූටි නංගියත් එක්ක නිමාලි පුදුම යාළු කමක් තිබ්බෙ . ඈ ඉගෙන ගන්නත් හරිම දක්ෂයි . එයාගෙ අම්මා එයත් එක්කම හිටපු නිසා පාඩම් වැඩ වලදිත් ඇයට හොඳ ගුරුහරුකම් ලැබුණ කියල මම හිතන්නෙ . බාහිර වැඩ වලටත් ඇය හරිම දක්ෂයි . මම විවාහ වෙන කොට එහෙන් මෙහෙන් එබි එබී මගෙ දේවල් හොයන්නත් අපි දෙන්න හොරෙන් හොරෙන් කතා...