Sunday, July 29, 2012

නිමාලී




අද කියන කතාවෙ නමක් ගමක් ලියන්න මට අයිතියක් නෑ කියල යි මට හිතෙන්නෙ. අපි කාලයක් ළඟින් ආශ්‍රය කරපු පවුලක කතාවයි මෙයට පදනම් වෙන්නෙ.

අපි ඇය නිමාලි කියල  හිතමු. නිමාලි හරිම හුරුබුහුටි දැරියක්. මම ඈව මුලින්ම දැක්කෙ අවුරුදු පහක තරමෙ පුංචි කෙල්ලක් කාලෙ. ඈට තව අවුරුදු දෙකක විතර චූටි නංගියෙකුත් හිටිය. ඈ නමින් ඩිනාලි. මේ දැරියන් දෙන්නාම හරිම ලස්සන කෙළිලොල් දැරියන් දෙන්නෙක් මම වඩාගෙන හුරතල් කළා චූටි කෙල්ලව නම්. ලොක්කි ටිකක් එහෙමට ළඟට එන්නෙ නෑ. ඒ උණාට මට දෙන්නාම හරිම ආදරෙයි . එයාලගෙ අම්මටත් තාත්තටත් අපි ආදරෙයි. මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක් නිසාම අපි ගෙවල් දෙකේ සම්බන්ධෙ ගොඩක් ළඟින් තිබුණ හින්ද නිතරම අපි ආවගියා. එකට සෙල්ලම් කළා. මගෙ චූටි නංගියත් එක්ක නිමාලි පුදුම යාළු කමක් තිබ්බෙ. ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. එයාගෙ අම්මා එයත් එක්කම හිටපු නිසා පාඩම් වැඩ වලදිත් ඇයට හොඳ ගුරුහරුකම් ලැබුණ කියල මම හිතන්නෙ. බාහිර වැඩ වලටත් ඇය හරිම දක්ෂයි.

මම විවාහ වෙන කොට එහෙන් මෙහෙන් එබි එබී මගෙ දේවල් හොයන්නත් අපි දෙන්න හොරෙන් හොරෙන්  කතා කරන කොට මට විහිළු කරන්නත් ඇය කරපු සටනක්. දන්නවනෙ කෙල්ලො කාළෙ අපි පොඩි අයගෙන් හංගනවා නේ සමහර දේවල්. උණට මේ කෙල්ල හැංගි හොරා සේරම හොයා ගන්නව. දවසක් මට අතටම අහු උණා අපි දෙන්න කොහෙ හම්බ උණත් වෙලාවක් හොයා ගෙන කතා කරන නිසා ඇය චර පුරුෂ සේවයෙ යෙදිල ඉන්නව. නංගිලට අපේ විස්තර ගෙනියන්නෙ තමයි.

ඔහෙම කාලයක් යත්දි මම විවාහ වෙලා ඉඳල හිටල තමයි මට නිමාලිව හම්බ උණේ. උණාට මම එයාට හරිම ආදරේ නිසා නිතරම අපේ නංගිගෙන් විස්තර අහගන්නවා. ලොකු උණාට පස්සෙ මම ඈව දැක්කෙ කිහිප වතාවක් විතරයි. හැම වෙලාවෙම චාන්දි  අක්කි කියල බොහොම ආදරෙන් වැළඳගෙන තමයි කතා කරන්නෙ.

                          කෙල්ල හරිම ලස්සන වෙලා මල් කැකුළක් පීදිලා වගේ බොහොම පියකරුව හිටියා. ඇය යෞව්වනයට ආවම හැමෝටම වගේ ඇයටත් ආදර සම්බන්ධයක් ඇතිවෙලා තිබුණ. ඒකට එයාගෙ නිවසෙන් ලැබිල තිබුණ ප්රතිචාර තරම්ම හොඳ නෑමේ සම්බන්දෙට ඇගේ තාත්තා හරියට විරුද්ධ වෙලා තිබුණ. ඇයට මේ ගැන කතාකරන්න කවුරුවත් හිටියෙ නෑ. හැමෝම එක එක පළාත් වලට බෙදිල ගිහින්. හොඳම යෙහෙළියන් වත් ඇයට ආශ්රය කරන්න උණේ අතේ දුරින්. ඇයව මේ ප්රශ්නය උඩ වෙන ඈත රටකට ඇරිය ඉගෙන ගන්න කියල. නමුත් දෙමාපිය ඇසුරේම හිටිය ඇයට තනිකඩ ජීවිතයට හුරු වෙන්න අමාරු උණා. ඇය ආපසු මාස කිහිපයකින් පෙරළා ආවමේ දියණිය හරිම නිදහසේ දෙමාපිය සෙවණේ හැදුණ නිසාම ප්රශ්නයකදී කොහොම මුහුණ දෙන්නද? කියල දැන හිටියෙ නෑ කියලයි මට හිතෙන්නෙ. සමාජ ඇසුරක් තිබ්බෙ නෑ වැඩිය. ගෙදර අයත් එහෙමයි , සීමිත සමාජ කොට්ඨාශයක් තමයි ඇසුරු කළේ.

දිනක් උදෑසන මම මගේ ක්ලාස් එකේ මිස්ව හමුවෙලා එන්නම් කියල එළියට ගිය ගෙදර ආවේ නෑ. පසුව සොයා බැලූ විටයි දැනගත්තෙ ඇය සිය දිවි හානි කරගෙන කියල. එහෙම කරගත් විදිහ මට කියන්න උවමනා නෑ කියලයි මට හිතෙන්නෙ. එයින් කාට හරි වෙන යහපතක් නෑ. මොහොතේ ආව කම්පනයට ඇගේ මව එදා සිට නිහඬ ජීවිතයක් ගතකළේ. කවදාකවත් සිනහා වෙලා කතා කළේ නෑ. කටහඬ සදහටම නැති උණා. හිතා ගන්නට පුළුවන්නෙ තම දරුවාට එහෙම දෙයක් උණාම මවකට ඇතිවෙන කම්පනය. ඇගේ ජීවිතේ පහුගිය අවුරුදු පහලවක් විතර ඇය ගෙව්වෙ මෙහෙම.



ඇය පසුගියදා අප හැර ගියා. මම ගොඩාක් ආදරය කරපු චරිත මේ දෙන්නාම. මට මහත් වෙදනාවක් මතක් වෙන කොටත්. අදටත් මට හිතෙන්නෙ නිමාලිව මට බේරා ගන්න බැරි උණේ ඇයි? කියල. කොච්චර මම ගැන පසුතැවෙනවද? අපි අතර තිබුණ වයස් පරතරය නිසා එයා මට ගොඩාක් කිට්ටු උණේ නෑ. අනෙක අපි ටිකෙන් ටික ඈත් උණා මිසක් ලං උණේ නෑ ලොකු මහත් වෙනකොට


අපි අදහන ධර්මයට අනුව අපිට කවදාහරි වෙන් වෙන්න වෙන බව මට නොවැටහෙනවා නෙමෙයි.  නමුත් මේ මල් කැකුළ බේරා ගෙන තව කාලයක් ඇයට ජීවිතය විඳින්නට දෙන්න තිබුණා නේද කියන හැඟීමෙන් මා නිතරම පෙලනවා. ඇගේ මව මියයන තෙක්ම බලා සිටියා සේම මාත් බලා ඉන්නවා කවදා හෝ ඇය අප අතරට එනකල්.  මට වඩාත්ම දුක නිමාලිගේ නැගණියට සොහොයුරියකුත් ඇගේ ආදරණීය මවත් අහිමි වීම ගැනයි. ඇගේ ජීවිතයට සෙවනක් වෙන්න ඉන්නෙ ඇගේ පියා විතරයි.

දෙමාපියන් දරුවන්ට ආදරය වගේම  'මුදිතාව' දක්වන්නට ඕනෙ. දරුවාව තේරුම් ගන්න ඕනෙ. තම දෙමාපියන් තේරුම් ගන්න දරුවා එයාගෙ ප්රශ්නයකදී ඉස්සෙල්ලාම විමසන්නෙ තම දෙමාපියන්. මෙතනදී මව හෝ පියා දරුවා ළඟට ළංවී ගැන විමසන්න ඕනෙ. කරුණු කියා දීල නොවැටහෙනවා නම් තව යහළුවෙක් හෝ යෙහෙළියක් ලංකරන්නට ඕනෙ. එහෙමත් නැත්නම් තම දරුවා විශ්වාස කරන තව වැඩිහිටියෙකු ලඟට යවන්නට ඕනෙ. අපි අපේ යම් යම් ප්රශ්න වලදී වඩා ලං උනේ අපේ පුංචි අම්මලාට එහෙම නැත්නම් අපේ නැන්දාට. අය තමයි අපිව අවවාද අනුසාසනා දීල යම් වරදක් වෙන්න තියෙනවා නම් එයින් මුදවා ගත්තෙ.

වගේම දරුවන් කුඩා කල සිටම දැනගන්න ඕනෙ දෙමාපියන්ගෙ වටිනාකම. අය ඔබව වරදින් මුදවා ගන්නෙ ඔබට ඇති මහත් ආදරය නිසයි. සමහර සබඳතාවලට ඔවුන් විරුද්ධ වෙන්නෙත් නිසාමයි. ඔබ වගේ වෙලාවක හිතාවි ඇයි මට මෙහෙම අම්මා තාත්තා කරන්නෙ කියල. ඔබට පසු කාලෙක වැටහේවි අය ඔබේ යහපතම පතාපු බව. සමහර අවස්ථා තියෙනවා ඔබ නම්යශීලී වෙන්න ඕනෙ. තීරණයක් ගන්න කලින් ඔබ වැඩිහිටියෙක් සමඟ සාකච්ඡා කරන්න. අයගෙ අදහස් විමසන්න. ඉගෙන ගන්නා කාලයේ දේ කරන්න උපරිම ශක්තිය යොදවන්න. පරස්ථාවල් කරගන්න පසුව බැරියැ. එහෙම එකක් ඇති උණොත් මුලින්ම කරන්න ඕනෙ තමන්ගෙ දෙමාපියන්ව දැනුවත් කරන එකයි. අයගෙ අවසරය මත ඔබට පුළුවන්නෙ සබඳතාව දිගටම ගෙනියන්න.

මේ දේවල් හැම දෙයක්ම ලීවෙ කවදා හෝ මේවගේ විපතකින් එක් අයෙක් හෝ මුදා ගන්න ඕනෙ නිසයි. ඔබ කවුරු හෝ මේ ගැන දන්නවා නම් මට ගරහන්න එපා පෞද්ගලික දේ මෙහි ලීව කියල. ඔබ නිහඬව සිටින්න . කෙනෙක් මෙය කියවා බලා හැදේවියම්කිසි දෙයක් ඉගෙන ගනීවි.

ලෝකයේ එක මල් කැකුළක් හෝ පිපේවි නිදහසේ .


මේ දිනවල අරුණි නංගිගේ සටහන් වල වැදගත් ලිපිපෙළක් පළවෙනවා. ඔබත් එය කියවන්න.  http://arunishapiro.wordpress.com/
http://arunishapiro.wordpress.com/2012/07/27/%e0%b7%84%e0%b7%92%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%99/

Eya yanna Giya Makila

https://www.youtube.com/watch?v=mmnLpZIule4&feature=player_embedded

12 comments:

විමුක්ති said...

දෙමව්පියො තව ටිකක් කල්පනාකාරී උනානම්...?

තරුරසී said...

Harima watina lipiyak... api hamotama wagakemak thiyenawa lama, nawa youn jevitha gena... eyalage jevitheta honda yaluwek wenna apata puluwan.. ekata wayasa bala panne nehe mata hithena vidiyata... adarayai, honda hithai witharai wedagath....

Chandi said...

@ විමුක්ති;
එක ඇත්ත මල්ලී, එයාගෙ දෙමාපියන් මීට වඩා කල්පනාකාරී වෙන්න තිබුනා. ඒ හැර යෙහෙලියක් වත් ඇයට ලඟින් හිටියා නම් මෙවන් විපතක් වෙන්නෙ නෑ කියල මට හිතෙනවා. මගෙ නංගිත් ඈත රටකට ගියෙ නැත්නම් ඒ දෙන්නාවත් එකට ඉන්නවා.

Chandi said...

@ තරුරසී;
ඔව් නංගි, අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ අයගේ ප්‍රශ්න දිහා සංවේදීව බලන්න. මම පොඩිකාලෙ ඉඳලම හැමෝම ප්‍රශ්න අරන් එන්නෙ මට. විසඳුම් හොයාගෙන එනකොට මම කවදාවත් මග හැරියෙ නෑ. අදටත් කෙනෙක් සහනයක් හොයාගෙන එනකොට මම මගහරින්නෙ නෑ. කොහොම හරි අහගෙනවත් ඉඳල සහනදායී වචනයක් හරිම කියනවා. ඒ හන්දා මම කරදරේ වැටුන වෙලාවල් නැතුවා නෙමේ. අන්තිමට මම සැනසෙනවා එයාල හොඳින් ඉන්නවා නේද කියල. අද හුඟක් දෙමාපියන් දරුවෙන්ගෙ ප්‍රශ්න අහන්න ලෑස්ති නෑ. එයලා සර්ව සම්පූර්ණයි කියල හිතා ඉන්නවා. දරුවෙක් ආසවෙන් දෙයක් කලාම ඒක හොඳයි කියල පිලිගන්නෙ නෑ. ඒකට අවඥාසහගත වචන කියලා දරුවාව මනසින් වට්ටනවා. කොහොමද මෙහෙම දරුවෙක්ගෙ දියුණුවක් දකින්නෙ?මම දැන් ගොඩාක් අත්දැකීම් තියෙන අත්තම්මෙක්. ඔයා මගෙ දුවක් වගේද දන්නෑ. කොහොම උනත් වචනයක් ලියන්න ආවට ගොඩක් ස්තූතියි.

ඊ මේල් කවිකාරි said...

Sad.

සයුරි said...

දුක හිතෙන කතාවක්. දෙමව්පියෝ මිට වඩා සැලකිලිමත් වෙනවනම් හොඳයි..

arunishapiro said...

කොහුවල තැපැල් කන්තෝරුවේ සිටිය ලස්සන අක්කා කෙනෙක්. හරිම හිතවත්. හිටි හැටියේ ඇහුනෙ සියදිවිනසා ගත්තා ය කියල. ඒ මම අවුරුදු 12 විතර කාලේ.

තවත් ලස්සන අක්කා කෙනෙක් හිටියා නුගේගොඩ. ඇය ආදරයෙන් වෙළිලා විවාහ වුනාට දරුවන් ලැබුනෙ නැහැ වසර 5 ක් විතර. සැමියා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙලා කියල දැනගත්තම කාටවත් නොකියා වස බිව්වා.

මටත් කිහිප වතාවක් ඒ දෙන්නා ගැන මතක් වෙනකොට හිතෙන්නෙ ඇයි ඔච්චර කතාබහ කරද්දි නිකම් වත් දුකින් ඉන්න බව පෙන්නුවෙ නැත්තෙ කියල. අයෙක් තමන්ගෙ දුකත් තමන්ගේය කියා අල්ලා ගෙන ඉන්න කොට ඒක බෙදාගත්තම අඩු වෙනවාය කියල දන්නෙත් නැහැනෙ.

Chandi said...

@ ඊ මේල් කවිකාරි ;
m mm Sad!

Chandi said...

@ සයුරි;
දෙමාපියන්ට විතරක්ම දොස් කියන්න බැහැ සයුරී, දරුවොත් ටිකක් හිතන්නට ඕනෙ. මේ වයසට එනකොට දරුවන්ටත් යමක් කමක් තේරෙන වයස නේ. එයාල මේ තරම් ලොකු මහත් කරවන්න ඒ දෙමාපියන් කොපමණ වෙහෙසක් දරන්නට ඇත්ද? කොහොම උනත් තාම මගෙ හිත කියන්නෙ මට එයාව බේරාගන්න තිබුනා තව ලං උනා නම් කියලයි.

Chandi said...

@ arunishapiro ;
ඇත්ත ඇරුණි නංගී, තමන්ට ප්‍රශ්ණයක් හෝ දුකක් ආවහම තමන්ගේ කියල දැඩිව අල්ලා ගැනීම නිසා එයාට ඒකෙ ආදීනවය දකින්නට බැහැ. බෞද්ධ දර්ශනයට අනුව සිය දිවි හානි කරගැනීම කල්ප ගනන් නිරයේ යන දෙයක්. ඒ දුක කාත් එකක හරිම බෙදා ගත්තානම් මෙහම දෙයක් වන්නේ නැහැ. ඒ අය එයාව ඒ පාපයෙන් මඟ හරවනවා නේ.

.....අමා..... said...

විශිෂටයි.....
හිතට වදින විදිහට හොද අවවාදයක් දීලා තියෙයි.....

Chandi said...

සාදරෙන් පිලිගන්නවා අමා. ස්තූතියි මේ පැත්තෙ ආවට.

Post a Comment