Tuesday, August 14, 2012

තෙරණියකගේ ගීතය







හරිම ලස්සනයි ඔබ හරියට
නිල්මහනෙල් මලක් වගේ
කළුම කලු 
කොන්ඩෙ
පිට මැද කඩා දමා
නිතඹ සලමින් යන හැඩ



නීල වර්ණ ඇහි බැම
දේදුන්නක් වගේම හැඩයි
කන් පෙති දෙක රනින්
හදාපු තෝඩු වගේ
දත් ටික කොඳ කැකුළු වගේ



ඔබේ වත හරියට රැයේ පිපුණ
කඩුපුල් මලක් වගේ
අත්පා රනින් කල
පිළිමයක් වගේ කියා
පෙර දිනයක
මතකද ඔබ කීවා මට




බුදුසමිඳුගෙ පිළිසරණින්
පසක් උණා ජීවිතය
දිරන මේ කුණුකයට
පෙම් බැන්දේ කුමට



ජරාවෙන් දෙදරායන
දුකටම වාස භවනය වූ
පිළිසකර කල නොහැකි
කඩා වැටෙනා සිරුර
දිරා ගිය ගෙයක් ලෙස
මහ පොළව සිප ගනී
නොඇල්මෙන් පහන්වී
මතු දිනක මාරයාට ලං නොවී

14 comments:

විමුක්ති said...

ඕක තේරෙනකොට පෙරහැර දුර ගිහිං වැඩියි අක්කෙ.

Dinesh said...

හරිම ලස්සන කවි පෙලක්...

හිරුහිමාවී said...

හිතන්න දෙයක් තියන පද පෙළක්..

Chandi said...

@ විමුක්ති;
ඒක නම් ඇත්ත මල්ලි.
මේක ලියවුනේ අම්බපාලිය කියූ තේරී ගී ඇසුරින්. ඒ ටික කියවන කොට හරිම් ලස්සනයි. සැබෑ අවබෝධයෙන් කියූ වදන් පෙළක්.

Chandi said...

@ Dinesh;
බොහොම ස්තූතියි! දිනේශ්.

Chandi said...

@ හිරුහිමාවී;
ඇත්ත දුවේ,
ඔයාලට හිතන්න යමක් මේකෙ තියෙනවා. මේ ජීවිතේ ඇත්ත අවබෝධයෙන් ම කියූ වදන් පෙලක් මේකට පාදක උනේ. අම්බපාලී නම් රහත් මෙහෙණිය කියූ තේරී ගාථාවලින් මෙය ලියවුනේ.

රූ.... said...

සුවඳ සඳුන් වත තවරන
විට අමතක වී යන
ජීවිතේ තිත්ත ඇත්ත..

Naleen Dilruksha said...

බොහොම ලස්සන තැනකට අහම්බෙන් වගේ ආවේ. හරිම සුන්දරයි. මම ආයිමත් මෙතැනට එනවා. මගේ පැත්තටත් ඇවිත් බලල හදවතට එකඟව අදහසක් දාල යන්න.

Naleen Dilruksha said...

අනේ සමාවෙන්න මෙන්න මගේ අඩවිය
http://samakayawate.blogspot.com/

Chandi said...

@ රූ....,
ස්තූතියි! රූ..

Chandi said...

@ Naleen Dilruksha;
ස්තූතියි! පුතා. ඔන්න මාත් ඔයාගෙ ලස්සන අඩවියට ආවා. හරිම ආසවෙන් කියෙව්වා. සුබ පැතුම්!

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සනයි......

Chandi said...

@ ධම්මික;

ස්තූතියි! ධම්මික.

රවින්දි ගලගෙදර said...

තෙරණියක් ඈ පසුකල කුමරි ජීවිතේ සිට අවධීන් කීපයකදී ඇගේ තුන් හිතේ ඇතිවන ප්‍රරබල සංසිද්ධීන් හි අරුම හා නිසරු බව කාව්‍යමයව දක්වා ඇති අයුරු අපූරුයි...මීට කලින් මම කියවා තිබුනෙම නෑ මේ වගේ කවියක් ස්තූතියි ආන්ටි :)

Post a Comment