Wednesday, September 23, 2015

සුවඳ තොටුපල



මේ සුවඳ තොටුපලයි
අප මුලින්ම හමුවූ
මා පමණක් තනිව
සුවඳ පමණක්ම ඉතිරිවූ

ආදරයෙන් දොඩමළුවූ
අප දෙ අත ගිලිහුනූ
සුසුම පමණක්ම ඉතිරි කර
මතකය මගෙන් වෙන්කෙරූ

එබෙන්නට ඒ සුවඳ
මතකයට බිඳක්
සුවඳ අරන් ඔබ එන්න
මුළු හදම සුවඳ පුරා

වෙලෙන්නට ඔබ වතේ
සුවඳ විඳින්නට සිත් පුරා
මඟ බලමි නෙතු පුරා
කඳුළු තොටමුණ සදා.