
මල් සුවඳ. මේ මහ සයුරට නොකියාම නුඹ ගිහින් ආයෙත් නෑ එන්නේ ඉවුරෙ හැපි හැපී හඬනා දිය රැළි නෑ ඒ බව තාමත් දන්නේ හැමදාකම මා ආවත් මේ සයුරු තෙරට ඒ බව ඇයි නොතේරෙන්නේ කිමද කිය කියා මගෙ හදවත නිතරම මාගෙන් විමසන්නේ ඈත ඈත මහ සයුරේ නොපෙනෙන සිතිජයේ ඔබ කොහේ සැඟවිලා ගියෙද කියනු මා ප්රරෙමියේ උදාවන නව දිනෙක දින ගනියි එකින් එක දින පොතේ නොඑන මුත් ඒ දිනය අප පැතුම් සඟවනු කෙසේ පිපෙන්නේ නේක මල් හැමදාම ගං තෙරේ සුවඳ දී මිලින වෙයි වැටී වැටී මේ මිහිතලේ සිඹින්නට නොහැක ඒ කුසුම් ඔබෙ සුවඳ මතක් වේ ඔබ වැනි වූ මලක් නම් නොපිපේවි යලිත් නම් මේ ගමේ චාන්දි.