මල් සුවඳ.

මේ මහ සයුරට නොකියාම
නුඹ ගිහින් ආයෙත් නෑ එන්නේ
ඉවුරෙ හැපි හැපී හඬනා දිය රැළි
නෑ ඒ බව තාමත් දන්නේ
හැමදාකම මා ආවත් මේ සයුරු තෙරට ඒ බව ඇයි නොතේරෙන්නේ
කිමද කිය කියා  මගෙ හදවත
නිතරම මාගෙන් විමසන්නේ

ඈත ඈත මහ සයුරේ නොපෙනෙන  සිතිජයේ
ඔබ කොහේ සැඟවිලා ගියෙද කියනු මා ප්‍රරෙමියේ
උදාවන නව දිනෙක දින ගනියි එකින් එක දින පොතේ
නොඑන මුත් ඒ දිනය අප පැතුම්  සඟවනු කෙසේ

පිපෙන්නේ නේක මල් හැමදාම ගං තෙරේ
සුවඳ දී මිලින වෙයි වැටී වැටී මේ මිහිතලේ
සිඹින්නට නොහැක ඒ කුසුම්
ඔබෙ සුවඳ මතක් වේ
ඔබ වැනි වූ මලක් නම් නොපිපේවි
යලිත් නම් මේ ගමේ

චාන්දි.

Comments

  1. ස්තූතියි! දේශා. එක එක්කෙනාගෙ සිතුවිලි තේරුම් ගන්න අමාරුයි තමා. හිතා හිටිය දේ හරියටම ලියවෙන්නෙ නැතුව ඇති. ඇත්තෙන්ම හිතුවෙ තනි වෙච්ච ඔහු ඇය නොඑන බව දැන ගෙනත් ඈ එතැයි කියා බලා ඉන්නවා. නමුත් සොබා දහමට එය තේරෙන්නෙ නෑ. ඇගෙ සුවඳ , මතකය ඔහු දවනවා.

    ReplyDelete
  2. @ චාන්දි

    කවි නම් එසේමය. සමාර විට අපි හිතන දේ නෙමෙයි කවියා කියල තියෙන්නේ..

    ReplyDelete
  3. හුඟ කාලෙකින් ආවේ චාන්දී නැන්දේ..!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!