සොඳුරු මතක සටහන්.5

ඉතින්, හවස් කාලය නිදහසේ ගෙවුන. රෑට ආයෙත් යන්න ලැහැස්ති වෙන්න ඕනෙ. ගැන හිතන කොටත් ඔලුව කැරකෙනවා. කාලෙ හරිම ආසයි ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි පළමුවන ගුවන් ගමනින්ම ඉවර උනා ආසාව. වමනෙ දමමින් යන්නේ කොහොමද? නේද.

රාත්රියෙ ආයෙම ගුවන් තොටුපලට ආවා. ආයෙත් පැය තුනක ගමනක්. ගුවන් තොටුපලේ දි අපිව අයෙත් ගුවන් සේවිකාවකට භාර උනා. අපිට උදව් කල සී ෂෙල්ස් ජාතික අක්කා හරිම ලස්සනයි. ඇය ඉංග්රීසි අප්රිකානු මිශ් කෙනෙක්. නිසාම අමුතුම ලස්සනක් තිබුන. අපි ඇයට ස්තූති කරමින් සමුදුන්නෙ ආයෙ අපි කවදා හරි හමු වෙයි කියලයි.

දැන් අපි ආයෙත් වළාකුළු අතරට. මහ පාන්දර එළි යන්තම් වැටෙන කොට තමයි නයිරෝබි ගුවන් තොටුපළට පැමිණුනේ. නයිරෝබි කියන්නේ කෙන්යාවෙ අගනුවර. ඉස්සර කෙන්යාව ගැන කවුරුත් අහල නැතුවට දැන්නම් හැමෝම වගේ දන්නවා ක්රිකට් නිසා. අපි එහේ හෝටලයට ගියේ නෑ. තාත්තගෙ යහලුවෙක් අපේ ගමේම, සරත් පෙරේරා මාමා, අපිව එයාලගෙ ගෙදරට ගෙනියන්න යොදාගෙන තිබුන. එයා අපිව ගෙනියන්න ඇවිත් හිටියා ගුවන් තොටුපළට. අපි අදුරන්නෙ නැති නිසා ටිකක් පැකිලුනා කතා කරන්න. නමුත් හරිම ආදරෙන් පිව පිලිඅරගෙන එයාලගෙ ගෙදරට එක්ක ගියා. යන්තම් එළිය වැටීගෙන ආවත් ඇහැරිලා ඉන්න බැරි උනා ගමන් තෙහෙට්ටුව නිසා. හොඳට නිදා ගෙන දවල් නැගිටින කොට නැන්ද, අපිට කෑමට බත් උයනවා. දවස හතක් බඩගින්නෙ ඉදල වගේ අපිට බඩගින්න. බාස්මතී හාල ඉදෙන සුවදත් එක්ක පරිප්පු හොද්දෙ සුවදත් අපේ බඩගින්න තවත් වැඩි කලා. එයාලට ඉන්නේ පුංචි නංගියෙකුයි, මල්ලි කෙනෙකුයි. හොරෙන් හොරෙන් අපේ කාමරයට එබිල බලනව. යාලුවෙන්න ආස වෙලා. අපි උදව් කරන්න හැදුවට නැන්දට, නැන්ද නම් ඉඩ දුන්නෙ නෑ. ඉතින් හොදට බඩ කට පිරෙන්න කෑව. හවස සරත් මාම අපිව නයිරෝබි නගරය බලන්න එක්ක ගියා.

ටවුමේ වැඩිහරියක් කෙන්යානු ජාතිකයින්. ඉන්දියන් අයත් හරි හරියට ඉන්නවා. අතරින් පතර සුදු ජාතිකයින් ඉන්නවා. හරිම පිලිවෙලයි හැමදේම. කලු අය දකිත්දි මුලදි හරිම අමුතුයි. හරිම හැඩිදැඩි මූණු, පලල් තොල් පෙති, මහත ලොකු කරාබු දාන, උස මහත අය දැක්කම අපිට බය හිතුනෙ නැත්තම් නෙ පුදුමේ. අපි ආව උස ගොඩ නැගිල්ලක් ළගට. එතන තමයි වෙනකොට නගරයේ උසම ගොඩනැගිල්. කෙන්යාටා ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව (KICC). තට්ටු 30 ක් උසයි. රවුම් ආකාරයට තමයි ගොඩනැගිල්ල හදල තියෙන්නෙ. මේ ගොඩනැගිල්ලෙ උඩ තියෙනවා කැරකෙන ආපන ශාලාවක්. ඒකට යන්න විදුලි සෝපානයට නැග්ගා. මෙතනදී තව දෙයක් මතක් උනා. විදිලි තරප්පු (escalator) පෙලේ යන්න මම හරිම බයයි. මේ ආව ගමනේ හැම තැනම හති දාගෙන මම පඩි නගිනවා, නංගිල දෙන්න හිනා වෙවී ඒකෙ යනවා. කොච්චර මට පුරුදු කරන්න හැදුවත් බය ඇරුනෙම නෑ. කොහොම හරි මගෙ මහත්තයා තමයි ඒකෙ බය නැතිව යන හැටි පුරුදු කලේ. මේක කියෙව්වොත් හිනා වෙයි අපේ ගෙදර කට්ටියම. උනාට උපන් ගති මකන්න බැහැනේ.

ඔන්න ඉතින් උඩට ආව. මුලු නගරයම පේන ලස්සන! යන්තම් එළිය තිබුනත් තැන තැන විදුලි බුබුලු එක දෙක මතුවෙලා. බැහැ ගෙනයන ඉර තැඹිලි පාට ලොකු බෝලයක් වගේ. අප්රිකාවෙ ඉර හරිම ලස්සනයි. රත් පැහැයට හුරු තැඹිලි පාටට අපිට පෙනෙනවට වඩා ගොඩක් ලොකුවට තමයි ඉර පෙනෙන්නේ.

තට්ටුව කැරකෙනවා කියල උඩ ඉන්නකොට දැනෙන්නේ නෑ. හෙමින් හෙමින් තමයි කැරකීම වෙන්නෙ. ඉතින් අපිට රසවත් කෝපි උගුරකුත් ලැබුන සරත් මාමගෙන්. මේ ආපන ශාලාවෙ අහාර වේලක් සෑහෙන මිලක් වෙන බව දැනගත්ත. අපි එතනින් ආවෙ ගොඩක් සතුටින්. නැන්ද අපිට රසට උයල තිබුන අපි එනකොට. ආයෙත් ඉතින් ගමනට සූදානම් උනා. හෙට උදේ පාන්දරම යන්න ඕනේ. දැන්නම් ටිකක් සතුටුයි අම්මලාට ටිකක් ලඟ වගේ නිසා.

සරත් මාම අපිව ගුවන්තොටුපළට ගෙනියන්න ලැහැස්ති වෙලාත් අපෙන් තව මොනව හරි බලන්න යන්න ඕනෙද? කියල ඇහුව. අපි නිසා මේ දෙන්නගෙම දවසේ වැඩ කටයුතු අවුල් වෙන්න ඇති. උනාට අපිට හරිම ආදරෙන්, කරුණාවෙන් සළකපු හැටි මට අද වගේ මතකයි. නැන්දගෙන් මාමා ගෙන් සමුගත්තේ ගොඩක් ස්තූතියි කියල කදුලු පිරි නෙතින්. නංගි, මල්ලිත් වෙනකොට ටිකක් අපිට එකතුවෙලා හිටියෙ.

මගෙ අම්මයි තාත්තයි සැම්බියාවට ආවෙ අවුරුද්දකට කලින්. තාත්තා තක්සේරු කරුවෙක් ලෙසයි රැකියාවට ලුසාකා නගරයට ආවේ. ලුසාකා තමයි සැම්බියාවේ අගනුවර. යනකොට මගේ චූටි නංගියයි, මල්ලියි එක්ක ගියා. චූටි නංගිට මාස 8 යි. මල්ලිට අවුරුදු පහයි. එයාලව දකින්නෙ කොච්චර කාලෙකින්ද? නිසාම සතුටින් බලාගෙන හිටිය ලුසාකා වලට යන්න.

Comments

  1. අක්කට මේ හැම විස්තරයක්ම හොඳින් මතකයිනෙ. පුංචි කාලෙදි හිතට තදින් බලපෑමක් කළ සිද්දියක් නිසා වෙන්න ඇති. හරිම ආසාවෙන් කියවගෙන ගියෙ.

    ReplyDelete
  2. ඔයා ලියල තියන ඒවා කියෙව්වම අප්‍රිකා රටකට යන්න හිතෙන තරම්. කොහොමත් ගුවන් යානයකින් යනකොට මටත් හැමදාම දැනෙන්නෙ අමුතු හැඟීමක්. හරියට පාවෙනවා වගෙයි. ඒ වගේම පුංචි කාලෙ අහපු දිව්‍ය ලෝක මතක් වෙනවා. මැරුනම අපි පාවෙලා යන්නෙත් මෙහෙම වෙන්නෑති කියල හිතෙනවා.
    මැණික්

    ReplyDelete
  3. @ චන්දිමා,
    නංගි, ඔයා කියන එක හරි. මේ මතකය මට කවමදාකවත් අමතක නොවේවි. මම තාමත් සමහර වෙලාවට ජීවත් වෙන්නෙ එහේ. ඒ තරම් මම එහෙට ආදරෙයි. මගෙ ලොකුම සම්පත වන මගේ මහත්තයා හමු උනේ එහෙදි. මගෙ දරු තිදෙනා උපන්නෙ එහෙදි. අපි එහෙට නොගියා නම් අපේ ජීවිත මෙයිට වඩා ගොඩක් වෙනස් වේවි. මට සමාවෙන්න කලින් කොටසේ ඔයා කමෙන්ට් කලාට පස්සෙ මම ඒකට තව ටිකක් එකතු කලා. ඒ ටිකත් කියවන්න. ස්තූතියි! නංගි.

    ReplyDelete
  4. @ මැණික්,
    බොහොමත්ම ස්තූතියි නංගි. ඔයාල හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ පුලුවන් උන වෙලාවකට ඒ පැත්තට යන්න. වෙනස්ම වෙනස් අත්දැකීමක් වෙයි. රට තොට බලා ගන්නත් පරිසරය විදින්නත් ඔබට පුලුවන් වෙයි. වැඩියත්ම වනෝද්‍යාන වල පරිසරය හරිම තාත්විකයි. අවුරුදු දොලහෙ ළමයෙකුට ඒ ගුවන් ගමන හරිම ලොකු අත්දැකීමක් උනාට මගෙ පුතාල මාස තුනේ පමණ ඉදල ඒ අත්දැකීම වින්ද. එහෙම තමයි ජීවිතේ හැටි.

    ReplyDelete
  5. දවස් ගානක් උත්සාහ කලත් අද තමා මේ පොස්ට් එක කියවන්න ලැබුණේ. අක්කා ඉදිරිපත් කරන ආකාරය හරිම රසවත්, මුහුණට මුහුණලා ඉඳන් කතාවකට ඇහුම්කන් දෙනවා වගේ.

    දුවන පඩිපෙලේ සිද්ධිය අදටත් අනන්තව දකින්න ලැබෙනවා. ඒ පඩි එකිනෙක දිගහැරෙන හැකිලෙන අන්දම ඇහැගැටුනාම හිතේ ඇතිවෙන බය ඒකට හේතු වෙනවා ඇති.

    ReplyDelete
  6. @ ගල්මල්-Coral
    බොහොම ස්තූතියි, ඩීන් මල්ලී. ඉතින් අවුරුදු ජයට තිබුනාද? අපි නිවාඩු ගිහින් ආවේ ඊයේ සවස. හොඳ අත්දැකීම් සමග ලස්සන අවුරුදු උත්සවයකටත් සහභාගි උනා. ඒ ගැන විස්තරයක් බ්ලොග් එකට දමන්න හිතා ඉන්නවා. ඔබටත් පවුලේ සැමටත් ලැබූ නව වසරේ ජයම වේවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!