Tuesday, July 12, 2011

ලොකු අයියේ !





පියෙකු නොමැති ලොව
පියෙකු වෙලා නුඹ
සක්විති පදවිය දැරුවා
අපගේ පැල තුළ
ලොකු අයියේ

හීන නුඹෙ පීදෙන්න නොදී
හිත තුළ හිරකර
අප හන්දා
පුංච්ම කාලෙම දර දිය
ඇද්දා
අප ජීවත වල මල් පූදන්නට

අයියේ නුඹගේ දන්දුන් සෙනෙහස
යලි කවදා මල් පිබිදේ දෝ
ජීවිත ගමනේ වියපත් වූ
නුඹ කඳුළු මකන්නට
කවදා කා හට හැකිවේ දෝ

10 comments:

දිල් said...

සහෝදර ප්‍රේමය උතුරා ගිය නිමේෂයක්...... ඔහුගේ දයාබර බව.....ඔහු දුන් රැකවරණය.... ඔහු තුල තිබූ පරිත්‍යායගශීලී බව..මේ හැම දෙයකටම කෘත ගුණ දක්වන්න වචනවලින් බැරි උනත්......... හදවත කෙළවර රැඳි දෙය අකුරු වලින්..

හරිම අපූරුයි චාන්දි අක්කා

Bindi said...

ඇත්තටම ඔය වගේ අක්කල ගැන ලිව්වට අය්යල ගැන ලියවුනා අඩුයි. ලස්සනයි ..හැමදාම කියන්න වගේ ගීයක් වගෙයි

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

මගේම නැගණියකට අය්යෙක් වෙන්න නම් මට වාසනාව තිබුණෙ නෑ. ඒ උසස් පෙල විභාගේ ඉවර වෙන කාලෙ නැගණියන් දෙදෙනෙක් මගේ ම නැගණියන් තරමට සිතට ලං වෙලා හිටියා. ඒත් සමාජයේ විවිධ ස්වභාවයන් එක්ක ඒ සහෝදර කම ටිකෙන් ටික දියවෙලා ගියා වගේ...

ඒත් මේ දැනුත් ඒ සහෝදර කම මතක් වෙනවා..

ඔවුන්ටත් සමහර විට එහෙම ඇති... ඔවුන් මට ඇමතුවේ ලොකු අයියා කියලයි...

සිතිවිලි අවධි කල පද පෙලක් අක්කා...

Chandi said...

@දිල්,
ස්තූතියි! දිල් නංගි. මගේ ජීවිතයේ හමුවෙච්ච ලොකු අයියලාට මෙය උපහාරයක් වේවා! කියල ලියවුන පැදිපෙලක්.

Chandi said...

@ bindi,
ස්තූතියි! බින්දි නංගි. පැදිපෙලේ අගය වැඩි වෙන්නෙ එය අගයන තරමට නේද? හැමදාම වචනයක් ලියන්න කාලය වැයකරමින් කරන මෙහෙය අපමනයි.

Chandi said...

@චතුර මල්ලි,
අපේ ජීවිතවලදි අපිට කොපමණ වැඩිහිටි අයියලා හමුවෙනවාද? මගෙ කියල මටත් ලොකු අයිය කෙනෙක් නෑ. ඒ උනාට මගෙ මහත්තයාගෙ අයියා මේ වගේ පවුලට ආලෝකය ගෙනාව කෙනෙක්. ඒ වගේම මම පාසැල් යන කාලෙ ගොඩාක්ම කිට්ටුවෙන් මට සමීප උන කෙනෙක්ගෙ ලොකු අයියා මේ වගේම පවුලේ බර කරට අරන් ගොඩාක් කැප කිරීම් කරපු කෙනෙක්. ඒ දෙන්නම මට ගොඩාක් සමීප නිසා මෙය මගෙ අතින් ලියවුනා කියල හිතෙන්නෙ. ඇත්ත, ඒ නංගිලාට ඔයාගෙන් ලැබුන රැකවරනය දයාව අමතක වෙන එකක් නෑ. ගොඩක් පිරිමි ඒ ලෙස සෙනෙහස දෙන්න දන්නෙ නෑ. මම හිතන්නෙ තමන්ගේම සහෝදරියක් ලෙස නොහිතන නිසා. කොහොම උනත් මෙවන් දයාබර අයියලාට මෙය උපහාරයක්ම වේවා!

ගල්මල්-Coral said...

මෙවන් ලොකු අයියලා බොහෝමයක් හමුවෙලා තියෙනවා අක්කේ - විශේෂයෙන් මේ කාෂ්ඨක පරිසරයේ. සීග්‍රයෙන් වෙනස්වෙන, කාසියට යටවෙමින් පවතින ලොව ඔවුන් හැම තැනම තවමත් ඉන්නවා කියන්න පුලුවනි. පවුල් බර ගොඩාක් කරපින්නා ගෙන ජිවිතය පටන් ගත් ඔවුන් හරියට පොදු තොටුපලක එතෙර මෙතෙර කරන පාරුවක් වගේ. ගොඩකර අය ගැනම බලන අය පාරුව වගේම දිරාපත් වෙන්නේ. පදපෙල ගොඩාක් හිතට වැදුනා අක්කේ.

අක්කාට මතක ඇති කාලෙකට කලින් කල මගේ ලොක්කයියේ නිර්මාණය, එයටත් මුල් වූයේ සුවිශේෂ ලොකු අයියාලා.

Chandi said...

@ ගල්මල්-Coral,
මට මතකයි ඩීන් මල්ලි, අපි එදා ඔයා ලියපු කවි පන්තියට දිග සංවාදයක් ගෙන ගියා. මෙහෙම අයියලා මගෙ ජීවිතෙත් මට ගොඩාක් හමුවෙලා තියෙනවා. සමහරු එයාලගෙ නංගිලා මල්ලිලා වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරලා අදටත් ඉන්නවා තමන් හැන නොසිතා. ඒ අයට මෙය උපහාරයක්ම වේවා! කියල තමයි ලීවේ. වැඩ රාජකාරි මැද මේ පැත්තට ඇවිත් වදනක් ලිව්වාට ගොඩාක් ස්තූතියි!

මැණික් said...

ගොඩක් දවසිකින් එන්න බැරිවුනා. මටත් අයියෙක් නම් නැහැ. ඒ මම පවුලේ වැඩිමලා නිසා. ඒත් මම පුංචි කාලේ හරියට දුක් වුනා ඒ ගැන, දැනටත් වෙලාවකට ජීවිතයේ සමහර ප්‍රශ්න ලඟදි හිතෙනවා වැඩිහිටි සහෝදරයෙක් හිටිය නම් කොයිතරම් හොඳද කියල. ලස්සනට අදහස ඉදිරිපත් කරල තියනවා.
මැණික්

Chandi said...

@මැණික්,
ස්තූතියි ! නංගි මේ පැත්තෙ ආවාට. මමත් ඉන්නෙ ඔයාගෙ තැන. මම නේ ලොකු අක්කා. මට වාසනාවට ලොකු අම්මාගෙ ලොකු පුතා හිටියා ගොඩක් ප්‍රශ්ණ වලදී පිහිටට. දැන් මහත්තයාගෙ අයියා ඉන්නවා. ජීවිතේ සමහර ප්‍රශ්ණ වලදී පිහිටක් ඕනෙ වෙන වෙලාවල් තියෙනවා නේ.

Post a Comment