සොඳුරියේ!



සොඳුරියේ!


බිළිඳු මුවක කිරි සිනහව
රැඳු
ඔබේ තොල් පෙති
මත මුව තියන්න
ආසයි මට සොඳුරියේ


මල් යායෙම සුවඳ අරන්
සුවඳ රෝස මලක් වෙලා
ඔබේ වතට සුවඳ දෙන්න
ආසයි මට සොඳුරියේ


සීතල හිම සීත අරන්
පවන් රොදක පැටළිලා
ඔබේ වතේ දැවටෙන්නට
ආසයි මට සොඳුරියේ


මේකුළු සේළයක් වෙලා
හීන් සැරේ වත එතිලා
හිමින් ළයට තුරුල් වෙලා
තරු කැටයක දිස්නෙ අරන්
ඔබෙ නෙතු යට හැංගීලා
ආසයි මට හැඩ බලන්න
මගෙ ආදර සොඳුරියේ


පාට පාට මල් ගොමුවක
දොඩමළුවී ඔබෙ අත ගෙන
දේදුනු පාළමෙන් එගොඩ
අනන්තයේ සොඳුරු ලොවක
මල් යායක සැතපීලා
සෙනෙහස් මිණි කිරුළ දරා
අපේම ලොව තනිවෙන්නට
ආසයි මට සොඳුරියේ





Comments

  1. හා හා ඉස්සර අය්ය කිව්වා ඒවා නේද ඔය

    ReplyDelete
  2. @Bindi,
    එහෙම ඒවත් මතක තියෙන්න ඔ්නෙ නේද නංගි. අතීත මතකයක සොදුරු දිග හැරුමක්.

    ReplyDelete
  3. ආදරයෙන් පිරිච්ච සුමුදු පදපෙලක් අක්කේ. ලයාන්විත ගීතයක් වගේ ලස්සනයි.

    ReplyDelete
  4. @ ඩීන් මල්ලි,
    බොහොම ස්තූතියි. වරද, නිවැරදි කරගන්නට දුන් සහයටත් තුති.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!