සෙනෙහසක මහිම - 2වන කොටස.
අපි ප්‍රැන්සිස් ටවුමට එනකොට රෑ වෙලා. ඉතින් නැවතුනේ ලස්සනම තැනක. ඒ තැන චැලේස් ක්‍රමයට හදාපු ඉතාම මනරම් ස්ථානයක්.
මම මගෙ මතක කාලෙක නැවතුන ලස්සනම තැනක් එතන. තාමත් ආසයි ආයෙත් යන්න ඇත්නම්. අපිට මුදල් ඉතිරි කරගන්න ඕනෙ උනත්, මගෙ මහත්තයා මට තියෙන ආදරේටම මෙතන නවාතැන් ගන්න හිතුවා කියල මට හිතුන. ඒ මටයි පුතාටයි දුර ගමනකට පස්සේ හොද නින්දක් හා විවේකයක් අවශ්‍යයි කියල හිතල වෙන්න ඇති. එයාට මට වඩා මහන්සි ඇති, ඒ උනත් මට පෙන්නුවේ නෑ. මාව නිතරම සතුටු කරන්නනේ හිතන්නෙ. අපි හොදට කෑම වේලක් අරන් නිදා ගත්තා එළිවනතෙක් නිදහසේ.
අපි උදේ ටිකක් දවල්වෙලා තමයි නැඟිට්ටෙ. හදිසියක් නෑ යන්න. ඊලඟ නැවතුම සිම්බාබ්වේ හරහා සැම්බියාවට. සිම්බාබ්වේ අප්‍රිකාවෙ තියෙන තවත් ලස්සනම රටක් , මීට අවුරුදු ගානකට කලින් මම තාත්තලත් එක්ක එහේ ආවා මට මතකයි. අපි කට්ටියක් ලංකාවෙන් ආව යහලුවෝ සමඟ ඇවිත් ගියා, ඒ කාලෙ. දැන් නම් කාලයක් ගිහින් ඒ උනත් මතකය එහෙමම.
අපි බඩඉරිඟු යායවල් මැදින් ආව, මේ රටේ ගොඩාක් බිම් වගා කරනවා. කලින් හිටිය විදේශිකයන් තමයි බොහොමයක් බිම් වගා කරන්නෙ. ඒ අය තමයි වැඩි බිම් ප්‍රමාණයක් අයිතිකරගෙන ඉන්නෙ. සැම්බීසි ගඟේ සරුසාරම ප්‍රදේශය මේ හරියද? කියල හිතෙනවා මේ කෙත්වතු දැක්කම. පාරවල් එක දිගට පේන පලල් මාර්ග. අප්‍රිකාවෙ ගමනක් යනකොට හරියට අනුරාධපුර පොලොන්නරු යනවා වගේ. වැඩිය උස ගස් නම් දකින්න නෑ. පතන් බිම් තමයි වැඩි පුරම දකින්නට තියෙන්නෙ. වැඩි හරියක් සෝයා , රටකජු, බඩ ඉරිඟු, ඇපල් , පීචස්,වගේ දේවල් සමඟ සත්ව පාලනය කරනවා.
අපි බුලවායෝ නගරය හරහා ලිවින්ග්ස්ටන් නගරයට යන්න ඕනේ. කිලෝ මීටර් හාරසිය විස්සක් වගේ. හයිවේ පරවල් නිසා ඉක්මනින් යන්න පුලුවන්. අපිනම් වැඩි වේගයයෙන් යන්නෙ නෑ. පරිස්සමින් යන්න ඕනෙ පුතා ඉන්න හින්දා. මේ ගමන එයාට වෙහෙසයි. ඒ උනාට මගේ අතේ මට කරදරය්ක් නොවෙන්න එයා හිටියා. මගදි ඇඩුවෙම නෑ වගේ.
බුලවායෝ ටවුමෙන් දවල් කෑම කාල පිටත් උනා ලිවින්ග්ස්ටන් දේශසීමාවට එන්න. එතනදි සිම්බාබ්වේ පැත්තෙන් ඇවිත් සැම්බියාව පැත්තට එන්න ලැබුනෙ අන්තිම කාලසීමාවෙදී. වික්ටෝරියා ඇල්ල හරිම ලස්සනට පේනවා පාලම උඩින් යත්දි. අපිට පුතා එක්ක හිටිය නිසා වැඩිය කරදරයක් නැතිව ඉක්මනින්ම වැඩ කටයුතු කරල දුන්න ඒ නිලධාරින්. අවශ්‍ය ලියකියවිලි ලග තිබුනහම කරදරයක් නෑ. අපි වෙනදා වගෙම සැම්බියාව පැත්තට ආවහම හරිම සහනයක් හිතට දැනුන, ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, අපේ රටට අපි ආව කියන හැගීම නිසා. තව කොච්චර දුර යන්නද? ඒ උනාට රට ඇතුලෙනේ ඉන්නෙ කියන හැගීම තියෙනවානේ.
වෙනදා වගෙම මොසියොටුනියා ඉන්ටර් කොන්ටිනෙන්ටල් අපේ නිවහන උනා එදා රැයට. අපේ මධුසමය ගතකල තැන. අපිට හුරුපුරුදු තැන. මම හරිම ආසාකරන තැනක් ඒ හෝටලය. දියඇල්ල ලගත් ටික වේලාවක් ඉදල ගියෙ එතනට. හොද නිවාඩු පාඩුවේ හිටිය එතන. අම්මලාට කතාකරල අපි ආව බව කිව්වා. එයාලට සතුටුයි කරදරයක් නොමැතිව ආව එකට. පුතා හොදට හිටිබව කීවම තවත් සතුටුයි.
ලුසාකාවලට එන්න උදේම පිටත් උනා. හවස් වෙනවිට එහෙට ආව. මගෙ අම්මලාගෙ ගෙදර නැවතුනා. හැමෝම පුතාවටේ. නංගිලට ඉවරයක් නෑ. අපිට සලකන්න හැමතැනම යනවා බබාව අරන්. සතුටින් දවස් දෙකක් එහේ හිටියා. ඊළගට අපේ නිවහනට එන්න පිටත්වූනා. දවල් වෙන්න ආව අපේ ගෙදරට. කාර් එක සුද්ද පවිත්‍ර කරල තිබ්බ. දැන් හිතුවට වඩා ඒක ලස්සනයි.
ඔහොම මාස එක දෙක ගෙවිලගියා. පුතාගෙ පලමුවෙනි උපන්දිනේ ආව. මම මුලින්ම දානයක් දුන්න ඒ මාසෙ වැඩිහිටි නිවාසයට. ඊට පස්සෙ අපෙ ලගම හිතවත් අය සහ අම්මලා දෙගොල්ලන්ටම එන්න කියල පොඩි සංග්‍රහයක්. බබාට නම් තේරුමක් නෑ. අපේ ගෙදර බීම පාටි නැතිනිසා සින්දු කියල දවස ඉවර කලා. හැමෝටම හරිම සතුටුයි.
දෙවන උපන්දිනය එනකොට පුතාගෙ සුරතල් කතා ගොන්නක් එකතුවෙලා. වතුර කෝප්පෙ- වොටර් කප්පෙ, කිරි බෝතලය - කුක්කු බොතෙ, ක්‍රිකට් කලබ් - ක්‍රිකට් කලබ්බෙ , යන්න - ගෝ අවේ, බම්ප්ස් උඩින් යනකොට - ආ දෙයාර් බම්ප්ස්, තැන්ක්යූ - තැන්කූ, වගේ වචන එයාගෙ වචන මාලාවෙ තිබුන. මල්ලි බබෙක් ගේනබව කිව්වම හරිම සතුටුයි. මල්ලි ඉපදුනාම වැඩියම සතුටු උනේ පුතා. ඉඹිනවා ඉවරයක් නෑ. අතගානවා හරිම ආදරෙයි. කවදාවත් මල්ලිට හිරිහැර කලේ නෑ. මල්සි තමයි එයාගෙ ලෝකෙ. තාත්තා සමග හැම මැච් එකකටම යනවා. මාත් එක්ක. හුරේ දානවා ලොකු එක්කෙනෙක් වගේ. ෆොර් රන්ස් කියල මහ හයියෙන් කෑ ගහනවා. උස්සගන්නවත් බැරි තාත්තිගෙ බැට පිති අරගෙන එයා ප්‍රැක්ටිස්. ග්‍රවුන්ඩ් එකට ගිහාම හැමෝම දන්නවා. හැමෝම එක්ක කතාව. එයාව බලාගන්න සැම්බියන් කෙනෙක් හිටියා, චිලේෂි කියලා. අවුරුදු 19 ක් වගේ. එයා එක්ක හරිම යාලුයි. එයාතමයි මෙයාගෙ හැමදෙයටම පස්සෙන් යන්නෙ. හොද කොළුවා. ඒ දෙන්නගෙ තිබුන බැඳීම හරිම පුදුමයි. එයා තාම එහේ ඉන්නවාද? කියල දන්නෙ නෑ. අපි එහෙන් ආවාට පස්සෙ අපේ අම්මල ලග තමයි හිටියෙ, ඊටත් පස්සෙ අම්මල එයාට පොඩි මල් හා ගෙවතු අලංකරනය කරන කොම්පැනිය භාරදීල ආවා. එයා අපිට සහ අම්මලාට කල උදව් වලට හිලව්වට. එයා අපිට කාලයක් ලිපි ලීවා. දැන් කාලෙක ඉදන් කිසිම තොරතුරක් නෑ. අපි ඉන්නකාලෙ හිටිය යාළුවෝ ගොඩක් ඒඩ්ස් රෝගයෙන් නැතිවෙලා. ඒ ගැන හිතන කොට හරිම දුකයි.
ඉතින් මල්සි, ඉපදුනාට පස්සෙ ලොකුගෙ මුලු ලෝකෙම මල්සි. හුරතල් වෙන්නෙ, ආදරේ කරන්නෙ, කතා බහ, සෙල්ලම් හැම දෙයක්ම මල්සි එක්ක තමයි. අපි ලඟට එන්නෙ ඉතින් මොනව හරි ඕනෙ උනාම තමයි. ක්‍රිකට් වලට ගිහාම, මල්සිගේ අත් අල්ලාගෙන තාත්තිට අත්පොළසන් දෙනවා , මල්ලියට ඕවා ගානක් නෑ පුෂ්චෙයාර් එකේම නිදි. මෙයා එයාව ඇහැරනවා, "මල්සි , දෙයාර්...දෙයාර් ෆෝ රන්ස්, කැලැප්, කැලැප් මල්සි "කියලා. මල්ලි ලහිරු, උපන්නෙ පුතාට අවුරුදු දෙකහමාරෙදි විතර. ඉතින් ඒ කාලෙදි ලොකුට හොඳට තේරෙනවා. ලොකුකම හිතට අරන් තමයි වැඩ. මල්ලිව බලාගන්න, අඬනකොට මට බනින්න ගන්නෑ කියල, මල්සිට බඩගිනියි, නිදිමතයි කියන්නෙ සේරම කරන්නෙ ලොකූ. සැම්බියාවෙ හිටිය අපේ යහළුවන්ට නම් මතක ඇති, මල්සි ලඟට කවුරුහරිම ආවොත් එලවනවා ගෝ අවේ....කියල. කාටවත් ලංවෙන්න බෑ මල්සිව හුරතල් කරන්න. එයාගෙ අමුතු භාෂාවක් තිබුනා කතාකරන, ඒ භාෂාවෙන්ම බනිනවා. අපිට හරිම හිනා ඒ කතා ඇහුවම. කොහෙන් ආව වචන මාලාවක් ද දන්නෙ නෑ. මල්ලියා උපන් වෙලාවෙත් තාත්තා මගේ ලඟම හිටියා. මල්ලි අයියට වඩා ලොකුයි උපදින කොට. හරිම මහතයි. මට ටිකක් අමාරු උනා ඒ වෙලාවෙ. තාත්තගෙ උපන්දිනය දවසෙම මල්ලි උපදීවි කියල හිතුවට දවසක් කලින් මල්ලි ඉපදුනා.
අනෙක් කොටස ලඟදීම බලාපොරොත්තු වන්න......
සුන්දරා චාරිකාවක මතක නේද චාන්දි අක්කා....
ReplyDeleteකිසියම් ප්‍රශ්ණයක් නිසා අක්කාගේ පසුගිය පොස්ට් එක ගල්මල් බ්ලොග් රෝලේ දිස් වුනේ නැහැ. ඊයේ දකින්න ලැබුනේ ද මීට කලින් කල පොස්ට් එක. පොස්ට් දෙකම කියවා සටහනක් කරන්නම්, ප්‍රමාදය ගැන කණගාටුයි.
ReplyDeleteචන්දි මහත්මිය, මේ කියන කතාව කොතරම් කලකට ඉහත සිදුවූ දෙයක්ද ඔබ දන්නා තරමින් සිම්බාබ්වේ අද සැබෑ තත්වය කුමක්ද බටහිර මාධ්‍ය කියන තරම්ම පිරිහිලාද ?
ReplyDeleteඅපිත් අප්‍රිකාණු සෆාරියක් ගියා වගේ ලස්සනක් හිතට දැනුන රචනයක්. බඩඉරිඟු බහුතරයක් අප්‍රිකාවනුවන්ගේ ප්‍රධාන ධාන්‍ය ආහාරය නේද?
ReplyDeleteමහන්සිවෙලා ඉදිරිපත් කරපු පොස්ට් එකට බොහෝමත්ම ස්තුතියි අක්කේ.
@ Ano;
ReplyDeleteමේ කාල වකවානුව 1985 - 1990 කාලය. ඒ කාලෙ සිම්බාබ්වේ හොඳටම දේශපාලනික වශයෙන් ස්ථාවරවම තිබුන කාලය. සැම්බියාවට වඩා හැම අතින්ම දියුනුයි. දැන් ලැබෙන ආරංචි වල හැටියට අපි හිටිය කාලෙට වඩා ගොඩක් වෙනස්. රට අන්තිමටම පිරිහී ඇතිබවයි දැනගන්නට ඇත්තේ. මේ එහේ සිට එන අයගෙන් ලැබෙන ආරංචියි. නමුත් මේ ලගදී සැම්බියාවට ගිහින් ආව අයෙක් කීවා සිම්බාබ්වේ ජනාධිපති ඒ රට යලි නංවන්නට පුදුම විදිහට මහන්සි ගන්නා බවත් එය පෙර තිබූ ලෙස නම් අයෙත් දකින්නට නොලැබෙන බවත්. ගොඩක් පතල් හා ගොවිබිම් අයිති අයගෙන් ඒවා උදුරාගත්තාට ඔවුන්ට ඒවා තවදුරටත් නිසි කලමණාකරනය කරගෙන පවත්වාගෙන යාමට දැනුමක් නෑ.
@ දිල්,
ReplyDeleteඔව් නංගි, අයෙත් ඒ කාලෙ එන්නෙ නෑ. අපේ ජීවිතවල සුන්දරම කාලෙ.
ඩීන් මල්ලි,
ReplyDeleteමේ සොදුරු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක මටත් ලොකු සතුටක්. ඒ කාලෙ හරිම නිදහසේ සැහැල්ලුවෙන් ගෙවුන කාලයක්. වෙලාව හරියට තිබුනා හැම දේටම. දැන් එහෙම කාලයක් කොහෙත්ම නෑ. අනේ මන්දා හැමවෙලාවෙම හිතෙන්නෙ එහේ ගතකරපු කාලෙ කොයිතරම් නිදහස්ද ? කොච්චර සතුටින් වෙලාව හැම දේටම තිබුනද? කියලයි. කාලයේ වෙනස හා ජීවිතවල පැවැත්මේ වෙනස නේද?මේ.
ගොඩක් ස්තූතියි! වටිනා කාලෙන් බිඳක් මේවා කියවීම සඳහා වැයකරනවාට.
හරිම ආසාවෙන් කියවන්නේ . ජිවිතේ ලස්සන කතාව ඔඉ එක්ක බෙදා ගන්නවට ස්තුතියි අක්කා . අනික අපිට වැඩිය හුරු නැති ලෝකයක් අප්‍රිකාව. බනිලගේ තාත්ත නම් ගොඩක් අප්‍රිකන් රටවල ගියා . මට නම් යන්න බැරි වුනා . මේ විස්තර දිගටම ලියන්න . අපිට රැකියාවට යන්න ලැබුනත් ටිකක් පස්ස ගැහුවේ මට ආස නැති නිසා . මුලිකවම ඒඩ්ස් වැඩිකම නිසා . ඒත් ඉස්සරහට කව්ද දන්නේ යන්න වෙන්නත් පුළුවන්.
ReplyDelete@ බින්දි,
ReplyDeleteස්තූතියි නංගී. අප්‍රිකාවට කොහොම හරිම යන්න බලන්න, නවතින්න නෙවි, සංචාරයකට වගේ. දකුණු අප්‍රිකාව , කෙන්යාව, බොට්ස්වානා වගේ රටවල්වල පහසුකම් තියෙනවා සංචාරකයන්ට. ඒ පැත්ත අමුතුම සංස්කෘතියක්, ඒව දැකගන්න යන්නම එපෑ. මම පොඩි පුතා හම්බවෙන්න ඉන්නකොට ඒඩ්ස් වලට බයේ එයාව එහේ හම්බවෙන්නම බෑ කියල එපාම කියල හිටියා, නිවාඩුවකට ලංකාවට ආවහම මහත්තයාගෙ අක්කා දොස්තරවරියක් නිසා මාව එක්ක ගියා දොස්තර සරත් අමරසේකර ලඟට, එතුමා තමයි මට පෙන්නලා දුන්නේ ඒඩ්ස් එහෙම බෝ වෙන්නෙ නෑ කියල. අනේක වාරයක් පින් එතුමාට. අද මගෙ දරුවා දකිනකොට මට දුකක් වගේම හරිම සතුටක්. මම මෙයාව නොදක්කානම් මගෙ ජීවිතේ පුරාවටම විඳවන්නට වේවි. මට දැනුමක් තිබුනෙ නෑ ඒකාලෙ ඒඩ්ස් ගැන. ඒඩ්ස් ආවම කාලෙ. රෝහලේ පොඩි හරි වැරදීමක් උනොත් ඉවරයි කියල තමයි එහෙම හිතුවේ. නමුත් පසුකාලෙක දී මගෙ බබාල ගත්ත දොස්තර පටෙල් මියගියා අපි එහේ ඉන්නකොටම ඒඩ්ස් වලින්. මොනවා උනත් ඒ රටවල මිනිස්සු හරිම ලෙන්ගතුයි, සැරපරුෂ වගේ පෙනුනාට.