Saturday, September 1, 2012

වසන්ත ගීතය





ඔබෙ ආදර මල් වැස්සේ තෙමෙන්නට
සසර පුරා පින් පිරුවා නොවෙද මම
සීතල පිනි වැස්සේ හිරිමල් පොද යට
උණුසුමට ඔබේ සිරවී හැමදාම හිටින්නට
පින් පිරුවා නොවෙද මම


 ඒ වසන්ත කාලයේ ඔබ ඇවිත් හද අසපුවේ
 ඇන්ද නොමැකෙන සිතුවමේ
පාට නොමැකේ සදා හද මන්දිරේ
ගැයූ ගීත හද රඟහලේ
වියැකේ වි කෙසේ කිසිදා


ගලා යන මේ ජීවිත ගඟුලේ 
සැමදාම වසත්කාලයයි ගෙවුණේ
සෙනෙහස ඉතිරෙන පෙම් ඕවිල්ලේ
නැළවෙන මේ ආදරී ඔබ සුරතේම වෙලී හිදීවී
ගමන නිමවී සසර බැමි බිද දමන තුරා

13 comments:

හිරුහිමාවී said...

:) ලස්සනයි යාලු :)

arunishapiro said...

ඉංග්‍රීසියට දාලා සුදු අප්පුහාමිට කියන්නම්. :)

ස්තූතියි චාන්දි අක්කා ආදරය උතුරන වසන්නත ගීතයට.

Dinesh said...

ලස්සන කවි පෙලක්..

ධමිමික ස‍‍දරුවන් said...

මට මතක විදිහට මං මේ බ්ලොග් එකට ආවේ පළවෙනි වතාවට.ලස්සන කවි පේළි ටික.ජය !

Chandi said...

@ හිරු හිමාවී;
බොහොම ස්තූතියි දුවේ.

Chandi said...

@ අරුණි ;
බොහොම ස්තූතියි! අරුණි නංගී. සුදු අප්පුහාමියි ටිකිරි දුවයි ආදරෙන් මතක් කරනවා.

Chandi said...

@ Dinesh;

බොහොම ස්තූතියි!

Chandi said...

@ ධම්මික සඳරුවන්;
බොහොම ස්තූතියි ධම්මික. කලින් වතාවෙත් ඔයා කමෙන්ටුවක් දමා තිබුනා. ඔයාටත් ජය පතනවා.

සයුරි said...

හ්ම්ම් ආදරේ ඉතිරෙන කවි :)

Chandi said...

@ සයුරී;
බොහොම ස්තූතියි! සයුරි.

දුකා said...

අපූරු පද පෙල අක්කේ . ..

දුකා said...
This comment has been removed by the author.
ලහිරු said...

උතුම් බැඳීමක් නේද මේ?

Post a Comment