Posts

Showing posts from September, 2012

පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ.දෙවන කොටස.

Image
පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ. පළමු කොටස මෙතනින්. http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_2246.html ලංකාවට ඇවිත් ජීවිතේ අලුතින්ම පටන් ගන්න උණා. කාත් කවුරුවත් නැති අනාථයො වගේ නෙ එන්නෙ. හොඳ වෙලාවට මහත්තයාගෙ ලොකු අක්ක ලංකාවෙ ඒ වෙනකොට. ඈ වෛද්‍ය වරියක්. ඈ තමයි මට අම්මා වගේ හැම දේම බලන්නෙ. ඒ සෙනෙහස අදටත් නොවෙනස්ව තියෙනවා. ඈ හරිම කාරුණිකව හැම දේම සොයා බැලුවා. මට ඒ ණය කවදාවත් ගෙවන්න බැරිවෙයි.   දරුවන් ගේ තාත්තා ලංකාවට ඇවිත් , එස් එස් සී හා කෝල්ට්ස් ක් ‍ රීඩා සමාජ වලට සෙල්ලම් කලා .   ඒ කාලෙ අපි හැම තැනම එයත් එක්ක මැච් බලන්න ගියා .   මම පුතාල පුංචිම කාලෙත් එයාත් එක්ක හැම තැනම ගියා . පුතාල එයාලගෙ තාත්තා ගිය පාසැලටම දමාගත්තා. තාත්තා ක්‍රිකට් එහෙම ක්‍රීඩා කරල තිබ්බ එකයි සීය ඒ පාසැලේම ඉගෙන ගත්ත එකයි හොඳට ගියා. එදා ඉඳල මගෙ ජීවිතේ ගෙවෙන්නෙ එයාලත් එක්ක. මමත් දැන් ඒ පාසැලේ සාමාජිකාවක් වෙලා ඉවරයි. එකම වයසෙ වගේ දරුවො තුන් දෙනෙක් උසස් පෙළ කරනතෙක් ඒ පාසැලේ උදේ හවා කරක්ගැහුවම ඉබේම එහෙම වෙනව නෙ. පාසැල් ගීයෙ පටන් පාසැලේ හැම බිම් අඟලක්ම මගෙ