ඔබ ආවේ නෑ!



ඔබ ආවේ නෑ!

වෙරළත සිඹිනා සයුරු රළ මෙන්
පොළව සිඹිනා වැහි පොදක් සේ
තුරු හිස සිඹිනා හිරු කිරණ සේ
මල් පෙති සිඹිනා බඹරකු සේ
කවදා හෝ ඔබ එතැයි කියා
බලා සිටියා පෙරුම් පුරා
මා හද මඬල නුඹ සිඹියි කියා

රූ සිරියෙන් හද මත්වී තිබුනා
පංච කල්‍යාණියක සේ
සසර පුරා සෙව් ඔබවම සෙව්වා
හංස රාජිණියක ලෙසේ
අද එතැයි ඔබ හෙට එතැයි ඔබ
බලා සිටියා මම හිරිමල් යෞවනයේ
හිමි වෙතැයි නුඹ මටම කියා



දිනපොත පෙරලී කොළ බොඳවීලා
සුන්දර මතක පොතේ
කොහේ කොතනක හිඳීදෝ ඔබ
පැතූ පැතුම් පුරවා ළය මඬලේ
විමසමින්  හද සිටියා නොසැලී
මේකුළු පව්ව ලෙසේ
ඔබ ආවේ නෑ මා සිත් සයුරට
ඔබ ආවේ නෑ මා අත ගන්නට
රූ සිරි වියැකෙයි දෑතින් ගිලිහෙයි
හද වීනාවේ වෙන තත් බිඳිලා
අද මිය ගිය යෞව්වනයේ

Comments

  1. උදා නොවූ වසන්තය..!

    ReplyDelete
  2. වියැකී ගිය බලාපොරොත්තුවක් සමඟම උදා නොවුන වසන්තය...අපූරුවට පද වලින්. ලස්සනයි චාන්දි අක්කා :)

    ReplyDelete
  3. ලෙඩක් නේ අප්පා කෙලින් දාන්න බැරි ද මේ ප්‍රතිචාර අපට.. මේ කවිය ගැන මට වෙන අදහසක් තියෙන්නේ... නිකං වැඩේ දීල පැනල ගිය එකෙක් ගැන වගේ... හරිද මන්ද

    ReplyDelete
  4. බිඳුන බලාපොරොත්තුවක් !

    ReplyDelete
  5. @ චන්දන,
    ඔබ හරි මල්ලි.

    ReplyDelete
  6. @ ලිහිණි;
    ස්තූතියි! නංගි.

    ReplyDelete
  7. @ දේශකතුමා;
    මොකක්ද ප්‍රශ්ණේ? මට ඔබතුමා කියනා දේ නොතේරේ.
    ඔබට ඕනේම අදහසක් දෙන්න පුළුවනි නේ දේශකතුමා. ලියන එක නේ මම කරන්නෙ. අදහස් දීම පාඨක ඔබ අතේ.

    ReplyDelete
  8. @ රෙහානි,
    ඔව්, නංගි එහෙම තමයි. කාලෙකට කලින් ලියපු දෙයක්.

    ReplyDelete
  9. ලස්සන පද පෙළ අක්කේ ..කවදත් වගේ ගීතයක ගතිය දැනුනා

    ReplyDelete
  10. මං හිතන්නේ චන්දි අක්කා, දේශකයා කියන්නේ කමෙන්ට් එක පෝස්ට් එකට යටින්ම දාන්න පුළුවන් වෙන්න හදන්න කියල. මේ තෝරලා තියන්නේ ෆුල් පේජ් කියන එකනේ. මෙහෙම තියන කොට කමෙන්ට් කරද්දී අපිව වෙනම පේජ් එකකට යැවෙනවා නේ. එම්බෙඩඩ් දාපුවම එහෙම නෑ.

    Dash board > settings > posts and comments > comment location වලට embedded

    ReplyDelete
  11. @ චන්දන;
    බොහොම ස්තූතියි! චන්දන මල්ලී. ඔන්න මම හැදුවා.

    ReplyDelete
  12. බොහෝම කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා චාන්දි අක්කේ . .

    මේ කවිය අපූරුයි ඇත්තෙන්ම හිමි නොවූ පෙමක මතකයක් හරි අපූරුවට ලියලා තියෙනවා.

    පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තා නම් සිංදුවකට කියාපු පද පෙලක් . . .

    දුමීගේ යාලුවෙක් එක පාරක් කිව්වා සිංදුවලට ගැලපෙන ලස්සන ඒවා දක්කොත් එයාට එවන්න කියලා.

    එයාට යවන්න කමක් නැද්ද? (මම දෙකක් යැව්වා හැබයි තාම සද්දයක් නෑ . . මනුස්සයා අම්බානක බිසී . . අකමැති නැතිනම් යවල තියමු කැමති කාලෙක තනුවක් දාන්නේ නැතැයි.)

    ReplyDelete
  13. මටති කියන්න තියෙන්නේ මේ කවියට එහා ගිය ගීතවත් බවක් රැදිල තියෙනවා. කවියට වඩා ගී පදමාලාවකට සමීපයි. අදහසත් ගීතවත්.

    ReplyDelete
  14. @ දුකා;
    අකමැත්තක් නෑ මල්ලි. ඔයා යවන්න. ආවේ නැති උනාට අමනාපයක් නෑ කිසිම. දන්නවනේ වැඩ රාජකාරි. අපේ අයියා අබුඩාබියේ දහම් පාසැලේ සයිට් එක එවා තිබුනා හරිම සතුටුයි එය දැක්කහම.

    ReplyDelete
  15. @ දයානන්ද රත්නායක;
    බොහොම ස්තූතියි දයානන්ද මල්ලි. ඉක්මන් සුව පතනවා! ඔයාට සෙනෙහසින්.

    ReplyDelete
  16. ඔබතුමිය අපූරු කිවිඳියක් නෙවෑ
    පුපුරු ගහන වේදනාවක් වචන වලට නගල තියන හැටි!
    ජය!

    ReplyDelete
  17. අවන්කවම මම කවි ගීත වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මම දන්නේ නැහැ මේ ලඟකදී ඉඳල මේ බ්ලොග් අවකාශයේ තිබුණු නිර්මාණ කිහිපයක් මම බොහොම ඇලුම් කරන බව තේරුනා මම ඒ නිර්මාණ කරුවොන්ටත් කිව්වා ඒ ගැන. ඔබතුමියගේ මේ පදපෙල මාව නිකං මොකක්ද මෙව්වා කරලා දැම්මා අම්මපා ඔව්. ආයෙමත් මේ කියවනවා කොමෙන්ට් කරන ගමන් :)

    ReplyDelete
  18. හැබැයි තව දෙයක් විරහවේ ඇති අමිහිරිබව මතක්වෙද්දීත් බයහිතෙනවා අප්පා....................

    ReplyDelete
  19. @ තිස්ස දොඩන්ගොඩ ;
    ස්තූතියි ! තිස්ස මල්ලි. විරහව කාටත් පොදුයි නේ.

    ReplyDelete
  20. @ කෝරලේ මහත්තයා;
    විරහව කාටත් දුක් ගේනවා නේ. ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!