වෙන්වීම.




අතැඟිලි බැන්දත් රන් හුයකින්
දෙදෙනා වෙන් වී ඇත මෙලෙසින්
දරා සියලු දුක් දියණිය සමඟින්
මඟ බලාන  ඉන්නේ මෙලෙසින්

පාළු යහන මත සුසුම් ලමින්
සුවඳ රැඳුන ඔබෙ ඇඳුම් අරන්
දියණිය කියනා කතා අසන්
ඉන්නේ කොහොමැයි කඳුළු වරන්

වරදක් උනිද නොදනිමි හිමි සඳට
ගියේ ඇයිද මා හා දියණිය අතැර
කෙනෙක් ඔබට ලංවූයේ ඇයිද
සෙනේ මදිද මා දුන් ඔබ අතට


මවක් වුනෙමි දියණිය හා ඔබට
නොතැවෙමි අදත් සිතමින් ඒ ගැනම
සාදා ඇතිද රස මසවුළු ඒ පියඹ
කවදා හරිම ඒවිද හීන අරන් ඔබ



දවයි ම'සිත ඔබ සිහිවෙන වාරයට
කොහේ සිටන් හෝ මා අමතාවිද
ලඟට ඇවිත් කියා රහස්  හුරතලේට
ඔච්චම් කරන හැටි මැවෙනව නෙතු අගට



වෙන්ට එපා හතුරෙකුට වත් මෙවන් දුකක්
තරහක් නොමැත ඔබ ගැන මට කවදාවත්
පතිවත රකිමි හිමි සඳ අද ලඟ  නැතිවත් 
රැක ගමි ඔබගේ දියණිය මා දෑස ලෙසින්


සසරේ දුකම මේ යැයි සිත සනහා
ඉන්නෙම් දහමටම සිත යොමු කරවා
ඔවදන් දෙවා දියණිය යහ මග හරවා
මියයන තුරා රැක ගෙන ඈ දෑස ලෙසා

Comments

  1. ඔව් නේ. තියෙන හකුර රැකගන්න ඕන.. අගේ ඇති කවි පද ටිකක්...

    ReplyDelete
  2. අද අක්කා කවි පෙලක් ලියල තියන්නෙ. ඔහොම් සිද්ධි ඇත්තටම කොච්චර නම් දකින්න තියනව ද..

    ReplyDelete
  3. @දේශකයා;
    ඔව්, ඔව් තියෙන හකුර රැකගන්න එපෑයැ, නැත්නම් පසුතැවෙන්න වෙන්නෙ.

    ReplyDelete
  4. @ Chandana;
    ඔව් , මල්ලි අද සමාජයෙ බහුලයි මෙවැනි සිද්ධි.
    හරිම සෝචනීයයි මේවා අහන දකින කොට. වලක්වා ගන්න නම් ඉවසීම , කැපවීම, වගේම යහපත් කල් කිරියාවත් අවශ්‍යයයි කියල මට හිතෙන්නෙ.

    ReplyDelete
  5. මෙවන් සිදුවීම් වර්තමානයේ සුලබයි.එයින් බිරිද විතරක් නෙවේ දරුවනුත් පීඩාවට පත්වෙනවා. ඇතැම්විට මේවා දැන් දැන් සරල සිදුවීම් වගේ

    ReplyDelete
  6. අද සමාජ ස්තරයේ දුවන ඉරිතැලීමක් අක්කා කවිකර ඇති ආකාරය අගේය. නූතන සමාජයේ රැකියා අවස්ථා හා ජීවන ක්‍රමය මේ ප්‍රශ්ණයට මූලික කාරණයක් නේද?

    ReplyDelete
  7. මම සියැසින් දැකල තියෙනවා තමුන්ගෙ පවුල, දරුවො අත ඇරල ජොලි කරන්න යන අයට අන්තිම කාලෙ වෙන දේ. කාගෙවත් හවු හරනක් නැතුව මැරිල යනව බොහොම දුක්කිත විදියට. කවිය කියවද්දි ගොඩක් feel වුනා.

    ReplyDelete
  8. මම සියැසින් දැකල තියෙනවා තමුන්ගෙ පවුල, දරුවො අත ඇරල ජොලි කරන්න යන අයට අන්තිම කාලෙ වෙන දේ. කාගෙවත් හවු හරනක් නැතුව මැරිල යනව බොහොම දුක්කිත විදියට. කවිය කියවද්දි ගොඩක් feel වුනා.

    ReplyDelete
  9. @දයානන්ද රත්නායක ;
    ඒක ඇත්ත දයා මල්ලි, දැන් හැම දේම හෑල්ලුවට අරන්. කිසිම උවමනාවක් නෑ විවාහය පවත්වාගෙන යන්න.

    ReplyDelete
  10. @ ගල්මල්-Coral;
    ඔව්, ඩීන් මල්ලි, මේ රැකියාවල ස්වභාවය, විදේස් ගත වීම හා හිරි ඔතප් නොමැති කම මේ දේට මූලික හේතු වෙනව. බොහෝ වෙලාවට ගැහැනියක තුල තිබිය යුතු ගුණාංග නැති වෙලා ගැහැනිය විසින් පිරිමි චරිතය රඟපාන්නට යාම ත් එක හේතුවක් ලෙස දකිනවා. ඇය ව්‍යාපාරයේ හෝ ඇගේ රැකියාවේ වැජඹේවි, නමුත් පවුල් සංස්ථාව කාඩා බිඳ ගෙන. එවිට අසරණ වෙන්නෙ දරුවන්.

    ReplyDelete
  11. @ නිල් මානෙල්;
    ඔව්, මානෙල් මගෙත් පුද්ගලික අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධව. ඒ අයට කර්ම විපාකෙන් ගැලවීමක් නෑම තමා. අනෙක කෙනෙක්ට රිදවලා කවදාවත් සැනහීමක් ලබන්න බැහැ නෙ. මේ සංසිද්දියේ දී දෙපැත්තෙම වගකීමක් තියෙනවා පවුල රැක ගන්න. වරද පිළිගන්න, හදා ගන්න කෙනෙක් නැවෙන්නෙ නැති කම හරිම කනගාටුයි. අසරණ දරුවන් පව් ගෙවනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!