Monday, July 28, 2014

පොඩි සාදූ




පිල් දොරකඩට වැඩලා අද පොඩි සාදූ
නෙත් කඳුලින් පිරේ වාවනු බෑ ම'සිත
දෙන්නට යමක් ගේ හරියෙම නෑ තියෙන
දරන්නේ කෙලෙස මගෙ දරු පැටියා පැමිණ

සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද
මේ දුක් ගිනි  ඉහිලිය නොහැකි වි ද
අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද
අප මුදවන්න මේ  සසරේ කවදා ද

අතගා බැලූවෙමි රෑ බත් හැලිය වේලිලාය
උදයට හැදූ කැඳ මුට්ටිය පතුලේ ය
අප්පච්චී නැති උන දා සිට මෙලෙසමය
දන් දුන්නේ පන්සලට නුඹ ඒ හන්දාය

පාත්තරය මෑත් කර මා  දුන්න
කෙසෙල් ගෙඩිය පිළිගෙන තුටින
බත් හා මාලුපිනි ටික ටික ගෙන සොඳින
දෙන්නේ නුඹ  මල්ලිලා දෙන්නට දෙන්න

කඳුළු වැටුන පාත්තරය අතට ගෙන
ආපසු හැරුණි පන්සල වෙත යන්න
ඇයි අම්මට උනේ මේ දුක උහුලන්න
උර දීපන් පුතේ සසරින් ගොඩ එන්න

16 comments:

Dinesh said...

ලස්සන කවි පෙලක් අක්කේ..

Ravi said...

හපොයි චාන්දි...ඇහැ තෙත් උනේ ඉබේටම.....:(

Chandi said...

@ Dinesh, ගොඩාක් ස්තූතියි! දිනේශ් මල්ලි.

Chandi said...

@ Ravi,
ගොඩාක් ස්තූතියි! රවි. සංවේදීකම දැනෙන්නෙ හිත හොද අයටලු.

Tharu Arana said...

සැබෑම සංවේදී පද වැලක් චාන්දි. එක හුස්මට කියෙව්වා...

හරී - පිණිපළස said...

හරිම ලස්සන කවි පෙළක් චාන්දි අක්කේ. ජය !!!


Chandi said...

@ තරු,
බොහොම ස්තූතියි! තරු.

Chandi said...

@ හරි,
බොහොම ස්තූතියි! හරි. කාලෙකින් ආවෙ නේද?

දයානන්ද රත්නායක said...

සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද
මේ දුක් ගිනි ඉහිලිය නොහැකි වි ද
අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද
අප මුදවන්න මේ සසරේ කවදා ද

මේ හැර වෙන මොකක් කියන්නද

ඔබේ සිතුවිලි හැමදාම මේවගේ සිත් පහන් කරවන හැගීම්

තිස්ස දොඩන්ගොඩ said...

කඳුළු ආව චාන්දි අක්කේ.... :-(

Chandi said...

@ තිස්ස මල්ලි,
ස්තූතියි මල්ලි. මේ කවියට අදහස ආවෙ තිස්ස කතරගම අතරේ වීරහෙල අපේ බාප්පාගෙ පුතෙක් මහණ දම් පුරනවා. ඒ පුංචි පන්සලේ ඉතාම කුඩා වයසේ මහණ වෙච්ච පුංචි හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ අපි කොළඹ ඉදන් යනකල් බලා ඉන්නවා. මම යනකොට ඉතින් රසකැවිලි එහෙම අරන් යනවා නේ. දවසක් කතා කරමින් ඉන්න කොට මට කිව්වා මහණ උනේ අපේ අම්මට අපිට කන්න දෙන්න දෙන්න විදිහක් නැති නිසාය කියලා. මේ සිද්ධිය මගේ හිත හරියට පෑරුවා. අපි එහේ යනකොට සාමන්‍යයෙන් අවුරුද්දට සෙල්ලම් බඩු එහෙම අරන් යනවා තෙල්ගාන උත්සවය වෙලාවට පන්සලට එන දරුවන්ට බෙදා දෙන්න. මේ පාර අපි එයාට වෙනම පාර්සලයක් හැදුවා ගෙදරට දෙන්න. බොහොම සතුටින් අරන් ගිය බව ලොකු හාමුදුරුවන් අපට කීවා. මේ හරිය හරිම දුෂ්කර හරියක්. මේ දරුවා හොඳින් හිටියොත් හොඳයි මහණ කමේ. මේ වාගෙ අය මේ පලාත්වල තරුණ වයසට එත්දි මහණ කම අත් හැරලා ගිහිගෙට යනවා. ඒක හරිම ඛේදනීය තත්වයක්.

Chandi said...

@ දයා මල්ලි,
ස්තූතියි! මල්ලි. එය ඇසීමම මට සතුටක්. මේ කවියට අදහස ආවෙ තිස්ස කතරගම අතරේ වීරහෙල අපේ බාප්පාගෙ පුතෙක් මහණ දම් පුරනවා. ඒ පුංචි පන්සලේ ඉතාම කුඩා වයසේ මහණ වෙච්ච පුංචි හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ අපි කොළඹ ඉදන් යනකල් බලා ඉන්නවා. මම යනකොට ඉතින් රසකැවිලි එහෙම අරන් යනවා නේ. දවසක් කතා කරමින් ඉන්න කොට මට කිව්වා මහණ උනේ අපේ අම්මට අපිට කන්න දෙන්න දෙන්න විදිහක් නැති නිසාය කියලා. මේ සිද්ධිය මගේ හිත හරියට පෑරුවා. අපි එහේ යනකොට සාමන්‍යයෙන් අවුරුද්දට සෙල්ලම් බඩු එහෙම අරන් යනවා තෙල්ගාන උත්සවය වෙලාවට පන්සලට එන දරුවන්ට බෙදා දෙන්න. මේ පාර අපි එයාට වෙනම පාර්සලයක් හැදුවා ගෙදරට දෙන්න. බොහොම සතුටින් අරන් ගිය බව ලොකු හාමුදුරුවන් අපට කීවා. මේ හරිය හරිම දුෂ්කර හරියක්. මේ දරුවා හොඳින් හිටියොත් හොඳයි මහණ කමේ. මේ වාගෙ අය මේ පලාත්වල තරුණ වයසට එත්දි මහණ කම අත් හැරලා ගිහිගෙට යනවා. ඒක හරිම ඛේදනීය තත්වයක්.

සොමි යා said...

මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ, ගොඩක් සංවේදී නිර්මාණයක්, ඔබ එය අත්වින්ද ආකාරය කියලත් තියෙන නිසා තවත් මොන කතාද කියලා හිතෙනවා

Ashan Ravindu Yugantha said...

හරිම ලස්සන නිර්මාණයක්.. මම කවි වලට වැඩි නැඹුරුවක් නැති වුණත්, එහෙම කෙනෙක්ට වුණත් හිතට දැනෙන්න තරම් මේ කවි පෙළ ප්‍රබලයි.. :)

Buddhika Anuradha said...

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

උමා(දසුන්) said...

ලස්සනට තිබ්බ බ්ලෝග මොකක්ද මේ කරලා තියෙන්නේ චාන්දී අක්කියෝ...........?

Post a Comment