ආදරනීය මලීෂා 4

අපි නිතර පාසැලේ වැඩ කටයුතු වලදී එක්ව සිටින්නටත් , එක්ව වැඩ කරන්නටත් පුරුදු වුනෙමු. මගේ ගණිත දැනුම ඇයට දෙන්නටත් ඇගේ භාෂා දැනුම හා විද්‍යා දැනුම මට ලබා දෙන්නටත් නිතර ප්‍රශ්න හා උත්තර සාකච්ඡා කරන්නටත් අපි පුරුදු වුනෙමු. මුවාලේ මහත්මිය ඉතා කරුණාවෙන් අප හට අවශ්යය දැනුම ලබා දෙන ලදී. පාසැලේ බාහිර ක්‍රියාකාරකම් සඳහා මම පා පන්දු ක්‍රීඩාවත් , ඇය දැල් පන්දු ක්‍රීඩාවත් තෝරා ගැනුණි. සවස් වරුවේ පුහුණුවීම් සඳහා අප දෙදෙනාම එක්ව ක්‍රීඩා පිටිය වෙත ගියෙමු. පාසැලේ අනෙකුත් අප පන්තියේ යහලුවන් ද අප සමඟ මේ සඳහා සහභාගි විය. අපි නොයෙක්වර පාසැල් චාරිකා සඳහා එක්වීමු. දිනෙක අපි සත්තු වත්ත බැලීමට ගියෙමු. අප රටේ විශාල සත්තු වත්තක් නැත. සතුන් නිදල්ලේ ගතකරණු දැකීම තරම් සතුටක් අපට නැත. විශාල වූ වපසරියක සතුන් සඳහා වෙන්වූ අභය භූමි අප රටේ බහුලව දක්නට ලැබේ. බොහෝ යුරෝපීය සංචාරකයන් අප රටට ඇළුම් කරන්නේ මේ අභය භූමි තුල දක්නට ඇති නිදල්ලේ වෙසෙන විශාල සත්ව ගහනයන් නිසාමය. අට වසරේදී පන්ති චාරිකාව සඳහා අප විසින් තෝරා ගැනුනේ 'මුඩවන්ගා ගාඩ්න්ස්' නම් වූ සත්තු වත්තයි. අද එය දරු...