වසත්කල මනමාලි !



මේ  එරබදු  මල් මාසේ 
වසන්තයේ මල් දෝත දරා
කෙනෙක් ඇවිත් හද මඬලට
එබිකම් කරයි හිමිහිට හොරෙන් 


හරින්නට පියන් දොර සෙමෙන්
කිතිකවන හද මඬල ආදරෙන්
විමසයි සොඳුරු රුව නිරන්තර 
හැපමින් නිතර සුළග සේ දැවටෙමින්


පිපි එන කොඳ කැකුළු බලයි
ලැජ්ජාවෙන් බිමට යොමා නෙතු
කෙවිලියගෙ ගී දැහැන ගොළු වි
නිදයි අතු පතර සැගවී හොරෙන්


ඈ ගෙ ස්වර දැහැන බිඳියි
මා සිත් දැහැන නිරන්තර 
නාද දෙන දුරකතන ඇමතුමෙන්
වසත්කල මනමාලි සරයි හද මඬල වට

Comments

  1. කාලෙකින් බ්ලොග් පැත්තට ඇවිත් , දැන් කව්ද ඔය එබිකම් කල හාදයා :D

    ReplyDelete
  2. ලස්සන කවි ටික අක්කේ..

    ReplyDelete
  3. අවුරුද්දෙම ගොඩයයි වගේ.... කවි පද ටිකනම් පංකාදුයි

    ReplyDelete
  4. @ ඉවාන් පවුලූශා; අපෝ එයා නම් එබිකම් කරලා ගොඩාක් කල්. ස්තූතියි! කාලෙකින් ආවට.

    ReplyDelete
  5. @ ඔමාගේ හීන; ස්තූතියි! අපූර්වි ආවට.

    ReplyDelete
  6. @ දිනේශ් ; ස්තූතියි! මල්ලි. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. මොන ගොඩයාමක් ද? කුරුටු. හැමදාම මෙහෙම තමා ඉතින්. ස්තූතියි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!