ඔබ නිදනවා හැමදාම ආදරෙන්  මං ගාව
සයනයේ දකින හීනයක නෙතු ගාව
හිමිදිරිය නින්දෙන් මා ඇහැරවන   වත ගාව
හැමදාම මා ඉන්නම් ආදරෙන් නුඹ ගාව

වසන්තය ඉගිලිලා නොමයාවි කිසිදාක
අපේ ආදරේ නම් පවතීවි හැමදාම
එදා වාගෙම අදත් පායාවි හඳ පාන
ගෙවේවි හැමදාම මදුසමය වාගේම

මේ ගෙවන්නෙ අප ජීවිතේ හැන්දෑව
බොහෝ මතකයන් ඇත මිහිරි කවියක්ව
කාලයේ වැලිතලා වෙන් වැසීයන අපූරුව
තවත් එක ආත්මයක් ගෙවී යයි සුන්දරව

අපි අපේම වී දැන් බොහෝ කල් ගෙවී ඇති
කිසි ලෙසින් නොවේ අපි දුරස් වී ඇති
දුක සතුට එකසේම දරා අප විත් ඇති
සොඳුරුව අප ජීවිතේ ගංගාව ගලා යනු ඇති






Comments

  1. මලීෂගෙ කතාව ආයම ලියන්නකො මැඩම් please...:)

    ReplyDelete
    Replies
    1. ලියන්නම් රවි. ස්තූතිය පැමිණියට. කාලය තමයි .

      Delete
    2. ලියන්නම් රවි. ස්තූතිය පැමිණියට. කාලය තමයි .

      Delete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!