පෙම්බරා!





පෙම්බරා!

මගේ නෙතු පිය යටම හිදම්න්

දිවා රෑ දෙක නෙතට ඉඟි කර

සතුටෙ කඳුලේ හැංගිලා

අතනොහැර මා සමගම ඉන්නා

පෙම්බරා මගෙ පෙම්බරා


නෙතට දෙන රසඳුන් අමා

නින්ද අතහැර ගියෙ සදා

සතුට හා දුකම මේ යැයි

පෙන්නා දුන් මා ම්තුරියයි

පෙම්බරි මා පෙම්බරි


හිත ගාව හැංගී සෙනෙහස පුදම්න්

සෙවනැල්ල වී මාගේ ලොෙවී

යනෙන තැන් වල තනිය මකම්න්

ඉන්නෙ දෝ මා පෙම්බරා

පෙම්බරා මගෙ පෙම්බරා


සුවඳ රැඳිලා ඔබගෙ සේලේ

එතී ඉන්නට ගතේ දැවටී

සැලෙන සුළඟට නොමසැලී

ඉන්නෙම් මම පෙම්බරි

පෙම්බරි මා පෙම්බරි




Comments

  1. ඈත් නොවී හැමදාමත් හිත ගාව
    මාත් ඉතින් විඳිනෙමි සෙනෙහස පෑව
    -------
    කාත් කවුරු නැති වූවත් නිති පේව
    මාත් නුඹ මෙන්ම එක සිහිනෙම යාව

    ReplyDelete
  2. අද නම් කවිපෙළ හරි නැහැ.පෙම්බරා යන වචනය පුන පුනා යෙදීම නිසා කවිපෙළ රළු පරළු වෙලා වගේ.අනිත් කාරණය කවි කියවත්දී මට සිහිවෙන්නේ ඉගිලෙන්න බැරි ලොකු කුරුල්ලාව.

    ReplyDelete
  3. @ විහඟ ගීතය,
    සදා සොදුරු සිහිනයකට යාව
    ඉන්න ලැබේවා විහඟ ගීතයට
    පීදෙන පියුම් පිපේවා හද විලක
    ඉටුවේවා පැතුම ඔබෙ මතු දිනෙක

    ReplyDelete
  4. @ Ano:
    ස්තූතියි, අවවාදයට. ගීතයක් ලෙස ලියවුන නිසාවෙන් දෙදෙනෙකුගේ අදහස් පෙන්වන්නට ඕනෙ උන නිසාවෙන්, මේ විදිහට ලියවුනේ කියල හිතෙනවා.
    පියාපත් නොමැති ද, ලොකු කුරුල්ලාට ඉගිලෙන්න බැරි ? ඒ කියන්නෙ පැස්බරෙක් වගේද?

    ReplyDelete
  5. ලොකු කුරුල්ලා ගැන කීව එක ගැන හිතන්න එපා විහිළුවක් පමණි.කවිපෙළ නම් රුක්මනී දේවි යුගයේ එකක් වගේ.කොහොම උනත් ඔබට ඉස්තුති කරනවා.

    ReplyDelete
  6. පෙම්බරා මගේ නුඹ කොහි සිටීද
    පෙම්බරී නුඹට අමතක නොවේවිද
    එහෙම හොඳයි නේද?
    මැණික්

    ReplyDelete
  7. @ මැණික්,
    මේක දෙන්නෙක්ගෙ සංවාදයක් ලෙස කියවන්න ගිහාම තමයි නංගි, හරි පින්තූරය මැවෙන්නෙ. ලොකේ කොහේ හිටියත් දෙන්නාට දෙන්නා ඉන්නවා නේද? සැලෙන සුළඟට, නොමසැලී ....ඉන්නෙමි මම පෙම්බරී..............

    ReplyDelete
  8. මෙපදපෙල කියවන වාරයක් පාසා හිතට එන්නේ, කෙනෙකුගේ කොටස්කරු හෝ කොටස්කාරිය පුද්ගලයා යන ඒකකය මොනතරම් දුරට අර්ථවත් ජීවිතයක් කරනවාද... යන්නයි. ඒ වගේ නිසාම වෙන්න ඇත්තේ ඉංග්‍රීසියෙන් Better Half කියන්නේ.

    පදපෙලේ දෙබස ලස්සනයි අක්කේ.

    ReplyDelete
  9. @ ඩීන් මල්ලි,
    අපමණ වැඩ රාජකාරි අතරේ මේ පැත්තේ ඇවිත් ගියාට ස්තූතියි. මල්ලිගෙ වචන ටික මටත් හයියක් උනා. ඇතුවත් බැරි, නැතිවත් බැරි වස්තුවම නේද? better half.

    ReplyDelete
  10. @ ayesha,
    මේ පැත්තේ ඇවිත් ගියාට ස්තූතියි! අයේශා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!