ප්‍රිය හිමියන්ට!


ප්රිය හිමියන්ට!

මාගේ හිමියනි දුන් දරු තිදෙනා

පින් ලැබ ගනු බුදුබව ලඟ බැවිනා

නැත අන්සරණක් ඔබ හැර වෙතා

රැක ගනු මැන මා පින්බර පුතුනා


කරුණා මෙත්මල් පිනිදිය අතුරා

අතහැර යනු බැරි ඔබ හිත මිතුරා

හදේ නැගෙන කරුණා දිය දහරා

අතුරමි ඔබගේ හදවත පුරවා


ගෙවූ සසර මග දිගු බව දැනුනා

යන්ට ඇති මගත් දුර බව පෙනුනා

බුදු සිසිලස අප ලද බව හැඟුනා

එක්වම එමි නිවනට මඟ හඳුනා


පැවතුම නැති බව වැටහී සොඳිනා

සිත සනසා ගමි දිරි ලැබ පුතුනා

ඔබගේ ගුණයන් මඩයට පිපෙනා

සුදු පියුමක් බව වැටහී සැනිනා


යශෝදරා මෙන් සසරෙහි සරනා

හිමි ඔබ බැතියෙන් ළය කිරි එරුනා

කිරිබිව් මගෙ හිමි සඳ කරුණා

බුදු වන්නට මතු විවරණ දුන්නා


හැම කුලගෙයකම පතිනිය වී මා

මව්වරු පියවරු දරුවන් බෝ මා

මතු බුදු වන්නට විවරණ දුන් මා

හිමි වරුණට වෙන කවුරුද පෙම්මා


විවරණ ලද ඔබ මතු සංසාරේ

බුදු වෙනවා ඇන්දා හද මැදුරේ

මෙත් දිය පිරිලා නෙත් දිය අතරේ

සැනසෙමි ඔබ ලඟ අම සුව මිහිරේ........


Comments

  1. බොහොම ලස්සන නිර්මාණයක්.යශෝදරාවත සිහිවුණා.

    ReplyDelete
  2. ලස්සනයි චාන්දි අක්ක

    ReplyDelete
  3. මේ පදපෙල අද කිහිප වරක්ම කියෙව්වා අක්කේ. පද තුල ගැබ්ව ඇති ගෞරවනීය බව වචන කරන්න ලේසි නැති ලස්සනක් ඇතිකරනවා.

    ReplyDelete
  4. @ Ano;
    බොහොමත්ම ස්තූතියි! යශෝදරාවක් වෙන්න තාම පෙරුම් පුරනවා.

    ReplyDelete
  5. @ කස්සා,
    මල්ලි, ස්තූතියි මේ පැත්තට ආවට. හොදින් ඉන්නව නේද? කාලෙකින් නෙ ආවෙ.

    ReplyDelete
  6. @ ඩීන් මල්ලි,
    ස්තූතියි! පැදි පෙලේ අගය දැනෙන්නෙ කෙනෙක් එය බලා කරන සටහන දැක්කමයි. හරිම සතුටක් එය සාර්ථකයි කියල දැනෙන කොට.

    ReplyDelete
  7. යශෝදරාවත දිරෙව්වෙ නැහැ මුලින් අතට ගනිද්දී ... ගැටවිර වයස නිසා ද දන්නෑ!!! ආයෙත් හොයාගන හරියට කියවලා බලන්න හිතෙනවා මේ කවි පංතිය දැක්කම. ස්තූතියි චාන්දි අක්කා.

    ReplyDelete
  8. අරුණි, යශෝදරාවත කියවන්නම ඕනෙ නංගි, කොයි තරම කැපවීමක් යශෝදරාව කලාද ? කියල තේරෙන්නෙ ඒක කියෙව්වාමයි. මම හිතන විදිහට බුද්ධත්වය ලබන්නට බුදුහාමුදුරුවන්ට පදනම වන්නේ මේ යශෝදරාව කරන මහා කැපකිරීම හා දරාගැනීම නිසායි. අදත් බොහෝ කාන්තාවන් මේ අයුරින් කැප කිරීම් හා දරාගැනීම් කරනවා. සමාජය මේ දේවල් අවතක්සේරු කරන එක තමයි වරද.

    ReplyDelete
  9. හරිම ලස්සනයි ඒ පද ටික

    ReplyDelete
  10. @ Ayesha,
    බොහොම ස්තූතියි, අයේශා නංගි.

    ReplyDelete
  11. මටත් සිහිවුනේ යසෝදරාවත. ලස්සන නිරමාණයක්
    මැණික්

    ReplyDelete
  12. ස්තූතියි, මැණික්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!