මගේ උරුමය!

ලා දළු බෝ පත් සැලි සැලි සුළගේ
සෙත් පිරිතක් අප සැමට ගයනවා
සිත සනසන්නට මේ පින් දෙරණේ
ව්කසිත කුසුමන් සුවඳ හමනවා



සමන්ගිරේ සිට එන මුදු සුළඟයි

අනුරපුරේ ඇති මහ බෝ සෙවනයි

දළඳා සිරියෙන් ඇළලෙන නුවරයි

මහියංගනයේ බුදු පා පහසයි



දකින දකින තැන වෙහෙර ව්හාරයි

හද සනසාලන දම්සක් සුතුරයි
නිබඳ කෙරෙන දන් පින් බෝමයි
උපන් බිමේ මේ හැම දේ උරුමයි



පෙර සංසාරේ කල පින් බෝමයි
එ පින් බලෙන් ඉපදුනෙ ලක්බිම මයි
සදා රකින්නට ඒ බිම උරුමයි
නිවන් ලබන්නට හැකි නම් මෙහිමයි

Comments

  1. ලස්සනයි අක්කා . නන්දා මාලිනිය ගේ ..''හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස මගේය ...මාගයනා මේ ගියේ උරුමය මා දිනු රටේය '' සිහිවුනා

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි අක්කේ

    ReplyDelete
  3. දේශාභිමානී ගීතයකට වටින පදපෙල හරිම අලංකාරයි, ගාම්භීරයි අක්කේ.

    ReplyDelete
  4. දේශාභිමානී ගීයක් වගෙමයි..

    ReplyDelete
  5. @ Bindi,
    බොහොම ස්තූතියි! බින්දි නංගි.

    ReplyDelete
  6. @ කස්සා ,
    බොහොම ස්තූතියි! කස්සා මල්ලී. ඔයාගේ සින්දු අඩවිය් හරිම ශෝක්. ඔන්න මාත් ඉන්නවා.

    ReplyDelete
  7. @ ගල්මල් - Coral,
    බොහොම ස්තූතියි! ඩීන් මල්ලී. ඔයාගේ උණ ගසෙන් දෙන පණිවිඩය වගේ තව තව නැමෙන්න හැකි වේවා! මට.

    ReplyDelete
  8. @චේජනා නංගි,
    බොහොම ස්තූතියි!

    ReplyDelete
  9. @ ayesha,
    ස්තූතියි! අයේශා නංගි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!