වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
ලස්සනයි අක්කා . නන්දා මාලිනිය ගේ ..''හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස මගේය ...මාගයනා මේ ගියේ උරුමය මා දිනු රටේය '' සිහිවුනා
ReplyDeleteගොඩක් ලස්සනයි අක්කේ
ReplyDeleteදේශාභිමානී ගීතයකට වටින පදපෙල හරිම අලංකාරයි, ගාම්භීරයි අක්කේ.
ReplyDeleteදේශාභිමානී ගීයක් වගෙමයි..
ReplyDelete@ Bindi,
ReplyDeleteබොහොම ස්තූතියි! බින්දි නංගි.
@ කස්සා ,
ReplyDeleteබොහොම ස්තූතියි! කස්සා මල්ලී. ඔයාගේ සින්දු අඩවිය් හරිම ශෝක්. ඔන්න මාත් ඉන්නවා.
@ ගල්මල් - Coral,
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලී. ඔයාගේ උණ ගසෙන් දෙන පණිවිඩය වගේ තව තව නැමෙන්න හැකි වේවා! මට.
@චේජනා නංගි,
ReplyDeleteබොහොම ස්තූතියි!
අපූරුයි
ReplyDelete@ ayesha,
ReplyDeleteස්තූතියි! අයේශා නංගි.