බිනර පැතුම!

බිනර පැතුම!
කඳු යායෙන් එහා කොනේ
ඔබෙ පැල්පත මැවී පෙනේ
පිළ අද්දර තිබු සයනේ
ඔබ සුවසේ නිදනු පෙනේ
මිහිඳුම් සළු පොරව ගෙනේ
කඳු වලල්ල වැතිර තියේ
මන්දාරම් වැහි සුළගේ
ඔබේ හදේ සිසිල දැනේ
පැලට ඇවිත් ඉන්න අනේ
වාසනාව නැත්ද අනේ
ඈත ඉදන් සිටිමි මෙසේ
සිනහ පොදක් දකිනු කෙසේ
පෙරුම් පුරමි බිනර මහේ
කැදලි තනන්නට රිසිසේ
පැලට නුඹේ එන්නෙ කෙසේ
පැතුම් පතමි මැණිකෙ මෙසේ
පැලේ සිනා ඉතිරේවා
ReplyDeleteබත බුලතින් සරුවේවා
මැණිකෙගේ හුරුබුහුටි අතින්
පහන් සිලක් දැල්වේවා
@ බින්දි,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි බින්දි නංගි. කරදරයක් නැතිව ගියා නේද? ලස්සන පැතුමක් කවියෙන්.
පිලේ පැදුර හේනට අරගෙන එනවා
ReplyDeleteඑලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
මහගම සේකරයන්ගේ කවිපන්තිය මතකය ආවා.
@ ගල්මල්-Coral ;
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි.
පින්තූරයේ කවි පංතිය තිබ්බ නිසා මටත් කියවන්න හැකි වූවා. ලස්සනයි, පින්තූරයට තවත් එකතු වුන රූප ගොඩක් හිතේ මැවුණා.
ReplyDeleteවිකේතකය අළුත්වැඩියා වුනාම ඇවිත් මඟ හැරිච්ච සේරම කියවන්නම් චාන්දි අක්කා.
බොහොම ස්තූතියි! අරුණි නංගි.
ReplyDeleteහරිම ලස්සන කවි පෙලක්. මාත් උපන්නේ බිනර මහේ.
ReplyDelete