Tuesday, January 17, 2012

නෙත් අඳ යුවතියකගේ ආලය!





දෑස නොපෙනුනත් පෙර කල පවට
හදුනා ගතිමි හිමියනි ඔබෙ ගුණ සුමට
කණවැල අල්ලන්ට මා වැනි අයට
දෙවියන් වැඩ සිටිති යලි මේ ලොවට



හඳුනා ගතිමි ඔබේ හදවත නිමල
නොපෙනුනත් මට ඔබෙ මුව කමල
දැනේවී ඔබෙ යහගුණයන් නිබඳ
වඳිනෙමි හදවතින් ඔබ පා කමල



ඔබ පා යුග ගැටෙන හඩින්
හඳුනමි ඒ ඔබම යැයි සැනින්
සුවඳ පිරුන ඔබ හද කුටිය තුළින්
විහිදෙයි හිමියනි ඔබ ගුණ හතර අතින්



සේපාළිකා මල් සුවඳින් මත්වී
සඳරැස් කාන්තියෙන් මුව තෙත්වී
හද තුළ ඉතිරෙන සෙනෙහසිනී
පිවිතුරු ආදරයක සුව විඳිනෙමි මිහිරී


15 comments:

ගල්මල්-Coral said...

සෙනෙහස කරුණාව වෑහෙන චාන්දි අක්කා පද කරන මේ රටාවට කවදත් මං කැමතියි. කීපවරක්ම පදපෙල කියෙව්වා. බොහෝම තාත්විකයි අක්කේ.

සයුරි said...

ලස්සනයි...

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ලස්සන අදහසක් චන්දි අක්කා..

Chandi said...

@ ගල්මල්-Coral;
ස්තූතියි ඩීන් මල්ලි. හැමදාම ඇවිත් සටහනක් තබා කරන දිරි ගැනවීම ගොඩක් වටිනවා.

Chandi said...
This comment has been removed by the author.
Chandi said...

@ සයුරි;
ස්තූතියි! සයුරි නංගි.

Chandi said...

@ Chathura Wijekoon;
ස්තූතියි! චතුර මල්ලි. නිතර ඇවිත් සටහනක් තබා කරන දිරි ගැනවීම ගොඩක් වටිනවා.

arunishapiro said...

අකුරු හරි. ධනික මල්ලි විකේතකය මටත් හරියන්න හැදුව නිසා දැන් කියවන්න පුළුවන්.

අපි දන්න යුවලක් ඉන්නවා. නෝනාට ස්ට්‍රෝක් එකකින් පස්සෙ බොහොම අපහසුයි සාමාන්‍ය දෑ පවා කරගන්න. මහත්තයා රස්සාවත් එක්ක ඇය බලාගන්නා හැටි මතක් වුනා චාන්දි අක්කාගේ කවිය කියවද්දී ... එහෙම අය ඉන්න නිසා තමයි ලෝකය සුන්දරයි කියා හිතෙන්නෙ.

ලෝකය නසන අය ගැන ඇහෙද්දී මේ වගේ අයව මතක් කරන කවියක් කියවන්න ලැබෙන එක ලොකු සතුටක්. ස්තූතියි චාන්දි අක්කා.

දිල් said...

කවදත් වගේ සංවේදී බව දනවන්න කල නිර්මාණයක් චාන්දි අක්කා...හරිම ලස්සනයි

Chandi said...

@ අරුණි,
නංගි විතේකය හදා ගත් බව අසා සතුටුයි. ධනික මල්ලිටත් ස්තූතියි! කියන්න. ලෝකය ලස්සන කරන්නේ අපිම තමා. එක එක්කෙනා හැදුනම ලෝකෙ ඉබේටම හැදේවි. ස්තූතියි කාලෙකින් ආවට.

Chandi said...

@ දිල්;
නංගි ස්තූතියි!.

නදුන් උයන said...

දෙ අත් අහිමි සොයුරෙක්ට සිය බත් පත අනා කැවූ...
ඒ පෙම්වතිය....
අපි බොහෝ දිනක් සරසවියේ කැන්ටිමේදී දුටු දසුන...
සිහියට නැගුනා...
කියවන විටදී ඔබේ මේ කවි පද....

නන්ඳු said...

"සේපාළිකා මල් සුවඳින් මත්වී
සඳරැස් කාන්තියෙන් මුව තෙත්වී
හද තුළ ඉතිරෙන සෙනෙහසිනී
පිවිතුරු ආදරයක සුව විඳිනෙමි මිහිරී"

හරිම ලස්සන කවි සිතිවිල්ලක්... :)

Chandi said...

@ නදුන් උයන;
ස්තූතියි, නඳුන් මල්ලි. කාලෙකින් හරි මෙහෙම ආවට හරිම සතුටුයි.

Chandi said...

@ නන්ඳු;
ස්තූතියි නංගි.

Post a Comment