සිහින කුමරු!
වැලිකතරෙන් මගෙ දෝතට රන්කැටි පුතු ආවයි
පුංචි පුතා මගෙ නිවසට රන්විමණක් සැදුවයි
පෙරුම් පුරා සංසාරේ මගෙම පුතෙකු වෙන්නයි
කුසදැරු මව අතහැරදා මගෙ යහනට එන්නයි
පුංචි පුතා මගෙ නිවසට රන්විමණක් සැදුවයි
පෙරුම් පුරා සංසාරේ මගෙම පුතෙකු වෙන්නයි
කුසදැරු මව අතහැරදා මගෙ යහනට එන්නයි
වසර ගණන් යාදිනි මගෙ දෙවිවරු සැම බැලුවයි
කිරිකල හතකින් නහවා බෝ සමිඳුන් පිදුවයි
කිරි අම්මාවරු වඬවා දරු සම්පත් පැතුවයි
මහ මළුවෙ බෝ සමිඳුන් කඳුළු කළෙන් පිදුවයි
වැදු මව් පියන් හැරදා දෝතට පුතු ආවයි
කිරි නො එරුණ මගේ දෙතන බිළිඳු මුවට තැබුවයි
මුළු සිරුරම කළඹාලා සෙනෙහස් ගඟ ගැළුවයි
අත්නොහැරමි කිසිදා පුත මව් සෙනෙහස මෙලෙසයි
සඳ විමනේ රැස් මාලා පුතුගෙ වටේ එතුනයි
තරු කුමරියො රෑ පානේ තනිකම හෙම මැකුවයි
මල් පිපිලා උදෑසනම සුවඳින් පුතු නහවයි
සදස්ලිගේ සිනා පොකුර නිවස පුරා රැඳුනයි
අත්තම්මගෙ දෙ අත පුරා පුංචි පුතා වැඩුණයි
බෝසත් ගුණ මහිම දරා යහගුණයෙන් පිරුණයි
තෙරුවන් සරණේ බලයෙන් නිරෝගි සැප වෙන්නයි
සැමදෙවි රැකවරණ ලබා ලොකු මහතෙක් වෙන්නයි
මෙම කවි පෙළ චූටි මල්ලිගේ පුංචි පුතුට සෙනෙහසින් පිදේ. පුතාට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයකයට ආසිරි පැතුම්!
poddata thrivida rathnaye saranai!
ReplyDeleteචූටි පුතා වාසනාවන්තයි..
ReplyDeleteමෙච්චර ආදරයක් වෙන කොහෙන් ලබන්නද?..
හදවතේ පිරුන ආදරයෙන් ලියු කවි පෙළක් . මුණයි හදවතයි දෙකම ලස්සන වෙන්නේ කලාතුරකින් කෙනෙක්ගේ . අක්ක ඒ වගේ කෙනෙක්
ReplyDeleteලස්සන කවි පෙලක් නැලවිලි ගී වගේ...
ReplyDelete@ අවතාරේ;
ReplyDeleteබොහොම ස්තූතියි, අවතාරෙ කිව්වම ටිකක් බය හිතුනා . ඒ උනාට බ්ලොග් එකට ගියාම ඒ අදහස වෙනස් උනා.
@ රූ;
ReplyDeleteබොහොම ස්තූතියි රූ. ඇත්ත, බබා හරිම වාසනාවන්තයි. දෙමාපිය ආදරයක් නොලැබුනාට හැම අතින්ම සෙනෙහස ලැබෙනවානේ.
@ බින්දි,
ReplyDeleteනෙළුම් විලේ පිපෙන ලස්සනම නෙළුම එයා ගැන වර්ණනා නොකොට වෙන කෙනෙක් ගැන වර්ණනාව...........
මේ කවි පන්තියට අදාල කථාව හරිම සංවේදියි. දරුවෙක් නැතිව ඉන්නා ගැහැණියකට දරුවෙක් ලැබුනම කොයි තරම් සතුටක් ආදරයක් දරුවා කෙරේ ඇතිවෙනවාද? කෙනෙක් ඒක විඳින්නෙ කොහොමද? අවුරුදු ගනනාවක් බබෙක් ලැබෙයි කියල බලාගෙන ඉඳල අන්තිමට අනුන්ගෙ දරුවෙක් අරන් හදාගන්න අම්මා කියන උත්තරීතර මාතෘත්වය ටයි මේ කතාකලේ.
ඒ නංගිට හිතෙයි කියල හිතෙන දේ තමයි කවිපද උනේ.
ස්තූතියි නංගි සටහනට.
@ අමිල;
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි සටහනට.
adai me paththata goda wedune... harima lassana kavi tikaka rasa vinda...
ReplyDeleteAyema ennamko...
@ තරුරසී;
ReplyDeleteබොහොම ස්තූතියි! තරුරසී.