තෙරණියකගේ ගීතය







හරිම ලස්සනයි ඔබ හරියට
නිල්මහනෙල් මලක් වගේ
කළුම කලු 
කොන්ඩෙ
පිට මැද කඩා දමා
නිතඹ සලමින් යන හැඩ



නීල වර්ණ ඇහි බැම
දේදුන්නක් වගේම හැඩයි
කන් පෙති දෙක රනින්
හදාපු තෝඩු වගේ
දත් ටික කොඳ කැකුළු වගේ



ඔබේ වත හරියට රැයේ පිපුණ
කඩුපුල් මලක් වගේ
අත්පා රනින් කල
පිළිමයක් වගේ කියා
පෙර දිනයක
මතකද ඔබ කීවා මට




බුදුසමිඳුගෙ පිළිසරණින්
පසක් උණා ජීවිතය
දිරන මේ කුණුකයට
පෙම් බැන්දේ කුමට



ජරාවෙන් දෙදරායන
දුකටම වාස භවනය වූ
පිළිසකර කල නොහැකි
කඩා වැටෙනා සිරුර
දිරා ගිය ගෙයක් ලෙස
මහ පොළව සිප ගනී
නොඇල්මෙන් පහන්වී
මතු දිනක මාරයාට ලං නොවී

Comments

  1. ඕක තේරෙනකොට පෙරහැර දුර ගිහිං වැඩියි අක්කෙ.

    ReplyDelete
  2. හරිම ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  3. හිතන්න දෙයක් තියන පද පෙළක්..

    ReplyDelete
  4. @ විමුක්ති;
    ඒක නම් ඇත්ත මල්ලි.
    මේක ලියවුනේ අම්බපාලිය කියූ තේරී ගී ඇසුරින්. ඒ ටික කියවන කොට හරිම් ලස්සනයි. සැබෑ අවබෝධයෙන් කියූ වදන් පෙළක්.

    ReplyDelete
  5. @ Dinesh;
    බොහොම ස්තූතියි! දිනේශ්.

    ReplyDelete
  6. @ හිරුහිමාවී;
    ඇත්ත දුවේ,
    ඔයාලට හිතන්න යමක් මේකෙ තියෙනවා. මේ ජීවිතේ ඇත්ත අවබෝධයෙන් ම කියූ වදන් පෙලක් මේකට පාදක උනේ. අම්බපාලී නම් රහත් මෙහෙණිය කියූ තේරී ගාථාවලින් මෙය ලියවුනේ.

    ReplyDelete
  7. සුවඳ සඳුන් වත තවරන
    විට අමතක වී යන
    ජීවිතේ තිත්ත ඇත්ත..

    ReplyDelete
  8. බොහොම ලස්සන තැනකට අහම්බෙන් වගේ ආවේ. හරිම සුන්දරයි. මම ආයිමත් මෙතැනට එනවා. මගේ පැත්තටත් ඇවිත් බලල හදවතට එකඟව අදහසක් දාල යන්න.

    ReplyDelete
  9. අනේ සමාවෙන්න මෙන්න මගේ අඩවිය
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  10. @ රූ....,
    ස්තූතියි! රූ..

    ReplyDelete
  11. @ Naleen Dilruksha;
    ස්තූතියි! පුතා. ඔන්න මාත් ඔයාගෙ ලස්සන අඩවියට ආවා. හරිම ආසවෙන් කියෙව්වා. සුබ පැතුම්!

    ReplyDelete
  12. @ ධම්මික;

    ස්තූතියි! ධම්මික.

    ReplyDelete
  13. තෙරණියක් ඈ පසුකල කුමරි ජීවිතේ සිට අවධීන් කීපයකදී ඇගේ තුන් හිතේ ඇතිවන ප්‍රරබල සංසිද්ධීන් හි අරුම හා නිසරු බව කාව්‍යමයව දක්වා ඇති අයුරු අපූරුයි...මීට කලින් මම කියවා තිබුනෙම නෑ මේ වගේ කවියක් ස්තූතියි ආන්ටි :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!