Monday, June 17, 2013

පියුම!



මගේ හද විල පිපුන එකම පියුම නුඹ
සසර සාගරේ පිහිනා එකට ආව නුඹ
සුවද දෙවා ජීවිතයම එකලු කලා නුඹ
සෙනෙහෙ විලේ පිපි මා පියුමිය  නුඹ

ආව මගේ හමුවූ මහ සෙනෙහෙ විලයි නුඹ

ඒ විල මත පිපි පියුමේ සුවඳ මලයි මම
එක්වම ඉන්නට පතලා ආව විලස මම 
සසරේ හමුවූ විලසින් පිපී සැලෙයි මම



ජීවිතයේ දුක් කරදර සතුටින්ම  දරා  අප 
ගෙවුව දවස් මතක තියේ මියෙන තුරා මට
සිනහ පොදක් මුවඟ පුරා දී සෙනෙහෙන් මට
දුක දරාන සිතේ සතුටු  සිනා  මවන නුඹ

ක්ව ගෙවමු මේ දිවි මග සතුටින් සැම දින 

කරදර සැම ඉවස දරා මහා මෙරක් ලෙස
රාග ද්වේශ මෝහ නසා සිත් පිරිසිදු කොට
සසර පතමු එක්ව නිවන කුසල් පුරා අප

21 comments:

ගල්මල්-Coral said...

නිසසල විලෙක ජල තලය මත සුපිපි දිලෙන පියුමක ලස්සන උපමා කතාවක්...

පොඩි සටහනකින් වුනත් මේ සුන්දර පදපෙලට හානියක් වේවි දෝ හිතුනා.

Chandima said...
This comment has been removed by the author.
Bindi said...

හදවතින්ම ලියු පද වැලක් නේද

Tharu Arana said...

කියන්න දෙයක් හිතට නොනැගුනත් පද වැල නම් රස වින්ඳා.

දේශක යා said...

බොහොම තදින්ම කා වැදිලා, ගැඹුරටම ගිහිල්ල ලියපු එකක් විත්තිය හොදටම පේනවා. නියමයි..

Chandi said...

@ ගල්මල්-Coral;
බොහොම ස්තූතියි! ඩීන් මල්ලී.
අප දිවියේ සොඳුරු මතක.

Chandi said...

@ Bindi;
බොහොම ස්තූතියි! නංගි. ඔව්, ඔව්, එහෙම තමා.

Chandi said...

Tharu Arana;
බොහොම ස්තූතියි! තරු. නොකීව දහසක් දේ දැනුනා.

Chandi said...

දේශක ;
හැමදාම වගේ ස්තූතියි! දේශක තුමා.
ඒ කියන්නෙ සාර්ථකයි නෙ.

දයානන්ද රත්නායක said...

ඒ සසර චාරිකාව තවත් දිගුකලක් දිගු ගමනක් යන්නට ඒ සෙවනැල්ලම ලොකු ශක්තියක් වේවි.

Dinesh said...

මේ දවස් වල ඉක්මනට බ්ලොග් කියෙවුවට මොකද මේ කවි පෙලනම් දෙපාරක්ම කියෙවුවා..

Lahiru Karunarathna said...

ඉක්මනින් ම සසර චාරිකාව නිමා කරන්න දෙන්නටම හැකියාව ලැබේවා කියලය් මගේ පැතුම!

Chandi said...

@ දයානන්ද රත්නායක;
ස්තූතියි! දයා මල්ලි. ඒ සෙවනැල්ලම තමයි මගේ ජීවිතේ නිවීම උනේ. කොච්චර හිත කලබලෙන් හිටියත් මාව එයින් මුදවලා සතුටු කරන්න එයාට පුලුවන්.

Chandi said...

@ Dinesh ;
ස්තූතියි! දිනේශ්. කොච්චර අවිවෙකීව හිටියත් ඇවිත් යන එකම ලොකු දෙයක් නෙ.

Chandi said...

@ Lahiru Karunarathna;
ස්තූතියි! ලහිරු පුතා.
මගේ පැතුම!ත් ඒ නම්, ඒ අයුරින්ම ඉටුවේවා!

Chandana said...

මාත් ඇවිත් කියවල රස විඳල ගියා..

Chandi said...

ස්තූතියි! චන්දන මල්ලි. මේ ටිකේ නිහඬ ඇයි?

කෝරලේ මහත්තයා said...

මම කවි සින්දු වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මේ පද පෙළ හදවතේ ඇතුලාංතයම සිපගත්තා වගේ හැඟීමක් දැනුනා

Chandi said...

@ කොරලේ පුතා;
ස්තූතියි! මේ පැත්තෙ ආවට. ඔයා සංවේදී කෙනෙක්, එහෙම කෙනා කවි සිංදු වලට ආසා නෑ කිව්වම පුදුමයි.

රෙහානි said...

පැතුම් ඉටුවේවා !

Blue Lotus said...

කාලෙකින් ලිව්වෙ නැත්තෙ ඇයි?

Post a Comment