Monday, January 27, 2014

තනිකම!




ඈත දුරක නැගෙනහිරෙන් පායන සඳ මේ වගේද
වෙනසක් නැති ඒ සඳවත ඔබට වගෙම මට පෙනේද
කාලයේ වැලිතලාවේ වියැකී යන සඳ එදා වගෙද
වෙනසක් නොමවී තිබුනේ නම්  කෙලෙසද මේ මිහිමත

වෙහෙර දේවි උයන පුරා පිපි මල් ගොමු මිලින වෙලා
මුකුලිත මල් හැලී ගොසින් ගහ කොල සැම පාලු වෙලා
අප දෙදෙනා පියමං කල මාවත නම් අලුත් වෙලා
දුවගෙන මට එන්න හිතයි වසන්තයට අත වනලා

මේ මිහිමත දෙකෙලවරක අප දෙදෙනා තනිවීලා
සුසුම් ලමින් ඉන්නට ඔබට මටද උරුම වෙලා
කාලය ඉගිලෙමින් රූසිරු  වියැකෙන අයුරු බල බලා
රිදුම් දෙන හදවතේ කොනක මං  තනිවෙලා

10 comments:

දේශක යා said...

ඕකට කියන්නේ ඉරිසියාව අනේ.. හැක් හැක්..

හොදයි හොදයි අපිව මතක් වෙන එක නං..

Chandana said...

මේ බිමේ දෙකෙළවර අප දෙදෙනා තනි වෙලා
දෙහදකින් ගලා එන සුසුම් යයි පා වෙලා
රුසිරු වියැකිලා යයි කාලයට යට වෙලා
රිදුම් දෙන හදවතක් එක්ක මං තනි වෙලා

ඔන්න මං පණ්ඩිත වැඩක් කෙරුව.. :D ම්ම්.. සිත්තමට ගැලපෙන කවි ටික. අක්කත් ටික කාලෙකි ද මන්දා..

Bindi said...

කාලෙකින් අක්කගේ කවියක්. ලස්සනයි.

Chandi said...

@ දේශකතුමා: අපි කියන්නෙ කාටද මන්දා. ඉරිසියාවටත් තනිකම දැනේද?

Chandi said...

@ Chandana; චන්දන මල්ලියෙ, පද පේලි හරිම ලස්සනයි. පන්ඩිත වැඩක් නෙවි අපූරුවට ගැලපෙනවා. කාලෙකින් තමා. දැන් හරිම අවිවේකියි, පෙර පාසැලේ හා ව්යාපාර කටයුතු නිසා. ලියන්න ආසාවෙන් හිටියත් ඉඩකඩ හා වේලාව හරස් වෙලා.

Chandi said...

@ බින්දි; නංගි, කාලෙකින් දෙයක් කලත් හරියට ගලපන්නවත් ඉඩක් නෑ. ඒ තරමට කාලය අහිමියි. වෙලාවකට මේ සේරම නවතා ඉන්න හිතෙනවා නිදහසේ. නමුත් තව දෙන්නෙක්ගෙ වැඩ කටයුතු තියෙනවනෙ ඉවරයක් දකින්න.

Dinesh said...

සෑහෙන කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ..

තනිකමත් වෙලාවකට අපූරු රටා මවනවනේ..

දයානන්ද රත්නායක said...

සෑහෙන කාලෙකින් කවියක් ලියලා... වසන්තය අලුත්වි එනව විට අතීත මතක පමණක් ඉතිරීම පුදුමයක් නොවෙද

ඔක්සිජන් said...

මනුස්සකම උතුරන්න තියනවා
පට්ටයි

නිල් මානෙල් said...

තනිකම හරි දොඩමලුයි.

Post a Comment