Wednesday, March 11, 2015

පෙරමග බලන පෙම්වතිය!





රැය පුරා නිදි නොමැති මගේ සිත
පෙමින් බරව හිඳී නෙතු නොපියාම
හීන් හිරි පොදක් සේ ගතම හිරි වට්ටාම 
සියොලඟම ඔහු සෙනෙහෙන් පුරවාම

තවත් එක් දිනක් ගෙවන්නට සිරියහන 
පාළුවෙන් පුරා ඇතත් සිතුවම් කරන 
සඳරටා වට විවර වුණු කවුළුවට
පොර බදින සීත සුළඟට දැවටෙන  

මුළුගතම හිරි බිඳින තවත් එක් ඇසිල්ලක 
නොඉවසිලි රැයක් ගෙවෙයි එක් මොහොතකට
පෙම්බරා ඇත මඟ බල බලා මා රැගෙන යන්නට 
ඔහු සොඳුරු කැදැල්ලක සුව යහන සදන්නට

උදාසන හිරු කිරන වැටී එන සීරුවට
නෙතු පියන් විවර වන තවත් එක් දිනක  
මිදී ඔහු පහසින් එන්නට ලොබ කරන
නොවෙනස්ව සෙනේහෙන් ජීවිතයම ගෙවන

ඔහුත් හිදී මා මෙන් නිදි වරමින
ඉගිලෙන මොහොතක් ඇත හිමිදිරියේම
ඒ සුමුදු පහසට ඔහු තුරුලෙහිම

පෙරමග බලා සිටී මා ප්‍රියයාණ

9 comments:

Dinesh said...

ලස්සන කවි ටිකක් අක්කේ...

Chandi said...

ස්තූතියි! දිනේශ්. ඔයාගෙ වෙන්වීම ලඟ කියවමින් හිටියෙ.

Malisha said...

හරිම ලස්සනයි , අක්කේ පද පෙල. මැවිල පේනවා මනමාළියක ගේ අන්තිම නොඉවසුම් රැය.

Chandi said...

ස්තූතියි! එහෙම පෙනෙනවා නම් තමයි හොඳ නංගි. කාලෙකින් ඇවිත් තියෙන්නෙ.

නිල් මානෙල් said...

හරිම ලස්සනයි. ගොඩාක් හැඟීම් කැටි කරල තියෙනව.

නිල් මානෙල් said...

හරිම ලස්සනයි. ගොඩාක් හැඟීම් කැටි කරල තියෙනව.

Chandi said...

ස්තූතියි, නිල් මානෙල්. අද ඔයාගෙ පැත්තෙත් ආවා ඔන්න. ඒ වාගෙ කතාවලට ආසයි.

සු දී ක said...

බොහෝ මනමාලියන් දෙගිඩියාවක ජීවත් වන රැයක්.

Chandi said...

ඇත්තෙන්ම එහෙම තමයි සුදීක. මගෙ පුතා ලඟදී විවාහ උනේ. දුව මුලු රැයම ඇහැරිලා හිටියා කියල තමයි එයාගෙ අම්ම කිව්වෙ. ඒ හැඟීම මටත් දැනුන බව මතකයි. ඒ දවස්වල ආදරෙත් එක්ක කොයි වෙලාවෙ ලඟට යන්නෙ ද කියලනෙ ඉන්නෙ. ස්තූතියි! මේ පැත්තෙ ආවට.

Post a Comment