Tuesday, March 3, 2015

පිනි කුසුම



හිත් අහසට වැටෙන පින්නෙන්

විකසිත වෙන ආදර මල
මුදු සුළගේ සැලී දිලෙයි
හිනා පපා ඔබේ දෑසට

පින්න පිපී ඔබේ මුහුණ 
දිලෙයි දිලෙයි නෙක පාටින්
සිපගන්නට හරි ලෝබයි
වියැකේවි ඒ පිනි කැට

රෑ අහසේ රන්තරු කැට 
සේ දිලෙනා ඔබෙ නෙත් යුග
කදුළක් මතුවී පෙනේවි
නික්ම යන්න කලින්ම මට 

 රෑ කළුවර මකාලන්න 
දෙන්න දෙන්න සඳ මුහුණත
සදා ලඟින් රැඳී ඉන්න

සෙනෙහෙ ගඟක් වෙලා ම'සිත

6 comments:

දේශක යා said...

මරු නේ..

කුරුටු ගෑ ගී පවුර said...

නියමයි.................. දිගට ම ලියමු.....................

Bindi said...

හරිම ලස්සණයි අක්කණ්ඩි . ඔයාගේ නිවී සැනසුන සන්සුන් පදවැල්

Chandi said...

@දේශක, ස්තූතියි! දේශකතුමණි.

Chandi said...

@ කුරුටු ගෑ ගී පවුර,
ස්තූතියි! කුරුටු.

Chandi said...

@ බින්දි.
ස්තූතියි! නංගි.

Post a Comment