Saturday, August 29, 2015

ආදරයේ දෙව්දුව!





පාට පාට සළු ඈ ගත සැරසූ
සමනළ් තටු වල තවරා ගිහින්
ඈ ගත සුවඳින් මා හද සැනසූ
අතු අග මල් මත තබා ගිහින්


සියුමැළි දෙතොලේ පහස මට දුන්
මල් පෙතිමත ඈ තබා ගිහින්
මුදු මුදු සුළගේ ලෙල දුන් කෙහෙරැල්
නුග අතු මත ඈ තබා ගිහින්


දිදුලන මුවමත රැන්දු සිසිලෙන්
ගඟ දියම ඈ පුරවා ගිහින්
මා හද මියැසිය මන්මත් කරවූ
වෙණ තත් මත ඈ තබා ගිහින්


නෙක හද තරු මල් ගැන කියමින්
ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා ගිහින්
මා නෙත් සදහට පිරවූ කඳුලින්
වැහි බිඳු එකිනෙක ඈ පුරවා ගිහින්


මතක පොතේ පිටු පෙරළන වාරේ
පරිසරයම ඈ පුරා ගැටෙයි
කඳුලක හිරවුන සෙනෙහස පුරවා
නො එන ලෙසට ඈ නික්ම ගිහින්.


6 comments:

Warna Kulakaya said...

මුළු ලොව ඇයටම පෙම් කළ කාලේ
සෙනෙහස මා ළඟ තියා ගිහින්
සැමතැනකම ඇය සිටිනා වාගේ
මතකය මා ළඟ තියා ගිහින්

ලස්සනයි සුපිරියි
ජයවේ චාන්දි!

කුරුටු ගෑ ගී පවුර said...

අගෙයි... කවි ටික ලස්සනයි

Chandi said...

@ Warna Kulakaya,
බොහොම ස්තූතියි! ලස්සන පැදිපෙලකින් වර්ණවත් කලාට.ජයම වේවා! ඔබටත්.

Chandi said...

@ කුරුටු ගෑ ගී පවුර,
බොහොම ස්තූතියි! ජයම වේවා!

වැසි දැරිය said...

ප්‍රේමය කවකිය කිසිදා නොසිඳෙන
දුර යන මුත් හදගින් අත නොහැරෙන...

කාලෙකින් ආවෙ චාන්දි නැන්දේ... ආයෙත් ඔන්න බ්ලොග් කියවන්න පටන් ගත්තා

Chandi said...

ඔව් කාලෙකින් දුව. දැන් ලියන්නෙ නැත්ද? සනීපෙන් ඉන්නවද? මයෙ දුවට ජයම වේවා!

Post a Comment