කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා
අනන්ත දහ දුක් විඳිමින් මා ඇති දැඩි කල මගේ ආදරණීය අම්මාට සෙනෙහසින් පිදේ.
ReplyDeleteආදරය මෙන්ම, ගෘහ පාලනය, දරු සෙනෙහස සෙනෙහසින් අපට කියා දුන්නේ ඇයයි. අද යමක් මගේ අතින් අප නිවසට වෙයිද, ඒ හැම දෙයම මට කියා දුන්නී ඇයයි. අම්මාට මගේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
අපි කවුරු කවුරුත් අද යම් තැනක ඉන්නවනම් ඒ අම්මා තාත්තා නිසා නේද අක්කේ!
ReplyDelete