Monday, June 19, 2017

තරුණයි අපේ පෙම!











ලා සඳ  රැස් රටා මවන
 මේ මැණික් ගං දෑල
හමන  පවන් රැල් 
සිසිලසේ දැවටි දැවටී 
මා හිස පිරි මදින 
ඔබේ අතැඟිලි 
දිගු කෙහෙරැලි අතර
 හිමි හිමින් නිවයි මා සිත් සයුර
ආදරෙන් වෙලි වෙලී 

නිල් තරු වියන යට දිලි දිලී
 නැගන මැලවෙන 
කලා මැදිරි එළි දකින 
මනරම් රාත්‍රියක
 රැය පුරා කොදුරමින් 
අප දිවියේ මග හසර
ඔබ දෙපා මත හිස හොවාන
 සෙනෙහසින් ඔබෙ මැණික 
සුව විදී මා හිමිගෙ 
සෙනෙහෙ ගං දියෙ තෙමී

කළුවරයි මේ රැය පුරා 
නිදි නොමැති අප දෑස
පිරිමදින මැණික් නදී දිය
ගලා යන අපූරුව 
වැදි වැදී ගං ඉවුර
මේ වනස්පතිය හඬවමින්
හඬනගන  අතුපතර 
සිළි සිළිය වැදි වැදී
ඔබේ උණුසුම සොයන
තාමත් තරුණයි 
අපේ පෙම කිසිදාක 
නොමියෙනා 









6 comments:

දේශක යා said...

කාලෙකින්... //කළුවරයි මේ රැය පුරා//.. ඔව් අනේ රෑට කරුවලයි තමා.. හැක්..

Chandi said...

ස්තූතියි ! Dhesha.

ඉයන් said...

++++

Chandi said...

Thanks Ian.

සයුරි said...

ලස්සනයි

ගල්මල්-Coral said...

හරිම අලංකාරයි.

Post a Comment